ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සාදරයෙන් පිළිගනිමු.
මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් විවිධ භාෂාවලින් නිපදවා ඇති ප්‍රකාශනවලින් තොරතුරු පර්යේෂණය කරන්න සකස් කරන ලද වැඩසටහනක්.
ප්‍රකාශන ඩවුන්ලෝඩ් කිරීමට jw.org වෙත පිවිසෙන්න.
  • අද

සැප්තැම්බර් 12, සිකුරාදා

“අපි දැන් දකින ලෝකය නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. ඒක වෙනස් වෙනවා.”—1 කොරි. 7:31.

ඔයා සාධාරණ කෙනෙක් විදිහට හොඳ නමක් දිනාත්ත කෙනෙක්ද? ඒක දැනගන්න ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහගන්න. ‘අනිත් අය මාව දකින්නේ ඉවසීමෙන් වැඩ කරන, සාධාරණ කෙනෙක් විදිහටද? එහෙම නැත්නම් නපුරු, හිතුමතේට වැඩ කරන තද හිතක් තියෙන කෙනෙක් විදිහටද? මං හැම තිස්සේම අනිත් අයට ඇහුම්කන් දීලා සුදුසු අවස්ථාවලදී එයාලාගේ කැමැත්තට ඉඩ දෙනවාද?’ සාධාරණ වෙද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවාවයි, යේසුස්වයි. තත්වයන් වෙනස් වෙද්දී ඒවාට හැඩගැහෙන්නත් සාධාරණව හිතන එක උදව් වෙනවා. සමහර වෙනස්කම් අපි හීනෙකින්වත් හිතපු නැති, අපිට උහුලගන්න අමාරුම ඒවා. උදාහරණෙකට අපිට බරපතළ අසනීපයක් හැදෙන්න පුළුවන්. නැත්නම් ආර්ථිකය හිටිහැටියේම කඩා වැටෙන්න පුළුවන්. දේශපාලනික වාතාවරණය වෙනස් වෙද්දීත් ඒක නරක විදිහට බලපානවා. (දේශ. 9:11) හදිස්සියේම අපේ පැවරුමේ වෙනසක් වෙන්නත් පුළුවන්. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න මේවා උදව් වෙයි. (1) යථාර්ථය තේරුම්ගන්න. (2) අනාගතේ දිහා බලන්න. (3) හොඳ පැති දකින්න උත්සාහ කරන්න. (4) අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. w23.07 21-22 7-8¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025

සැප්තැම්බර් 13, සෙනසුරාදා

“දෙවියන්ට ඔයාව ගොඩක් වටිනවා.”—දානි. 9:23.

දානියෙල්ව බැබිලෝනියේ වහලෙක් විදිහට අරන් යද්දී එයා යෞවනයෙක්. සාමාන්‍යයෙන් මිනිස්සු කෙනෙක්ගේ “පිටතින් පේන දේ” දිහානේ බලන්නේ. (1 සාමු. 16:7) ඉතින් බැබිලෝනිවරුනුත් දැක්කා දානියෙල් ‘කඩවසම් පෙනුමක් තියෙන, නිරෝගී ශරීරයක් තියෙන’ වංශවත් පවුලක කෙනෙක් කියලා. ඒ නිසයි එයාලා රජමාලිගාවේ උසස් තනතුරක් දරන්න දානියෙල්ව පුහුණු කළේ. (දානි. 1:3, 4, 6) යෙහෝවා දෙවියන් දානියෙල්ට ගොඩක් ආදරේ කළේ දානියෙල් පුංචි කාලේ ඉඳලාම යෙහෝවා කැමති විදිහට ජීවත් වෙන්න ගත්ත තීරණය නිසයි. හිතන්න නෝවා, යෝබ් වගේ අය ගැන. එයාලා දෙවියන් ඉස්සරහා හොඳ නමක් ඇති කරගන්න දශක ගාණක් තිස්සේ මහන්සි වුණා. හැබැයි දෙවියන් ඒ දෙන්නාගේ නම් එක්ක දානියෙල්ගේ නම සඳහන් කරද්දී එයා 20 ගණන්වල මුල හරි 20ට කිට්ටුව හරි ඉන්න ඇති. (උත්. 5:32; 6:9, 10; යෝබ් 42:16, 17; එස. 14:14) ඇත්තටම ඒ වයසේදී විතරක් නෙවෙයි දානියෙල්ගේ ජීවිත කාලේ පුරාවටම යෙහෝවාගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.—දානි. 10:11, 19. w23.08 2 1-2¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025

සැප්තැම්බර් 14, ඉරිදා

“සත්‍යයන්වල දිගත් පළලත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න.”—එෆී. 3:18.

ඔයා ගෙයක් ගන්න කලින් ඒ ගෙදර හැම තොරතුරක්ම හොඳට පරීක්ෂා කරනවා. බයිබලේ අධ්‍යයනය කරද්දීත් ඒ වගේම දෙයක් කරන්න පුළුවන්. බයිබලේ ටක් ටක් ගාලා කියෙව්වොත් නම් දැනගන්න පුළුවන් වෙන්නේ “දෙවිගේ ශුද්ධ පණිවිඩයට අයත් මූලික දේවල්” විතරයි. (හෙබ්‍රෙ. 5:12) ඒ නිසා ඒකේ හැම කොනක්ම පරීක්ෂා කරන්න. ඒකට බයිබලේ තියෙන තොරතුරු එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතන්න. ඒ වගේම බයිබලේ කියවද්දී ඔයා විශ්වාස කරන සත්‍යයන් මොනවාද, ඔයා ඒවා විශ්වාස කරන්නේ ඇයි කියලත් හොඳට හිතන්න. දේවවචනය හොඳට තේරුම්ගන්න නම් අපි ඒකේ තියෙන ගැඹුරු සත්‍යයන් හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලුවේ දේවවචනය උනන්දුවෙන් අධ්‍යයනය කරලා සත්‍යයේ “දිගත් පළලත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන්ම වටහාගන්න” උත්සාහ කරන්න කියලා. එහෙම කළොත් විතරයි “ශක්තිමත් ගසක් වගේ හොඳින් මුල් ඇදලා,” විශ්වාසය කියන “ශක්තිමත් අත්තිවාරම මත පිහිටලා ඉන්න” පුළුවන් වෙන්නේ. (එෆී. 3:14-19) අපිත් කරන්න ඕනෙ ඒ දේමයි. w23.10 18 1-3¶

දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025
සාදරයෙන් පිළිගනිමු.
මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් විවිධ භාෂාවලින් නිපදවා ඇති ප්‍රකාශනවලින් තොරතුරු පර්යේෂණය කරන්න සකස් කරන ලද වැඩසටහනක්.
ප්‍රකාශන ඩවුන්ලෝඩ් කිරීමට jw.org වෙත පිවිසෙන්න.
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න