ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • උත්පත්ති 16
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 16:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:3
  • +උත් 12:16; ගලා 4:25

උත්පත්ති 16:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:17
  • +උත් 30:3
  • +උත් 21:12; එෆී 5:21

උත්පත්ති 16:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:9

උත්පත්ති 16:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:6

උත්පත්ති 16:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:21; 1සාමු 24:12; ගීතා 43:1

උත්පත්ති 16:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:1, 18
  • +හිතෝ 29:19
  • +හිතෝ 15:12; දේශ 10:4; 1පේතෘ 2:20

උත්පත්ති 16:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:11
  • +උත් 25:18; නික් 15:22

උත්පත්ති 16:9

හරස් යොමු දැක්වීම්

  • +දේශ 10:4; එෆී 6:5; තීත 2:9

උත්පත්ති 16:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:20
  • +උත් 25:13; 1ලේක 1:29; එෆී 6:8

උත්පත්ති 16:11

පාදසටහන්

  • *

    තේරුම, “දෙවි සවන් දෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:18
  • +ගීතා 22:24

උත්පත්ති 16:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28
  • +උත් 21:20

උත්පත්ති 16:13

පාදසටහන්

  • *

    හෝ, “මා දෙස බලන දෙවි කෙනෙක්, අන් අය ඉදිරියේ පෙනී සිටින දෙවි කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:9; හිතෝ 5:21; 15:3; හෙබ්‍රෙ 4:13

උත්පත්ති 16:14

පාදසටහන්

  • *

    තේරුම, “මා දෙස බලන ජීවමාන තැනැත්තාට අයිති ළිඳ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:62

උත්පත්ති 16:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:9; ගලා 4:24

වෙනත්

උත්. 16:1උත් 15:3
උත්. 16:1උත් 12:16; ගලා 4:25
උත්. 16:2උත් 20:17
උත්. 16:2උත් 30:3
උත්. 16:2උත් 21:12; එෆී 5:21
උත්. 16:3උත් 30:9
උත්. 16:41සාමු 1:6
උත්. 16:5නික් 5:21; 1සාමු 24:12; ගීතා 43:1
උත්. 16:6හිතෝ 15:1, 18
උත්. 16:6හිතෝ 29:19
උත්. 16:6හිතෝ 15:12; දේශ 10:4; 1පේතෘ 2:20
උත්. 16:7උත් 22:11
උත්. 16:7උත් 25:18; නික් 15:22
උත්. 16:9දේශ 10:4; එෆී 6:5; තීත 2:9
උත්. 16:10උත් 17:20
උත්. 16:10උත් 25:13; 1ලේක 1:29; එෆී 6:8
උත්. 16:11උත් 17:18
උත්. 16:11ගීතා 22:24
උත්. 16:12උත් 37:28
උත්. 16:12උත් 21:20
උත්. 16:132ලේක 16:9; හිතෝ 5:21; 15:3; හෙබ්‍රෙ 4:13
උත්. 16:14උත් 24:62
උත්. 16:15උත් 21:9; ගලා 4:24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
උත්පත්ති 16:1-16

උත්පත්ති

16 ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි ඒ වන විටත් දරුවෙකු බිහි කර තිබුණේ නැත.+ සාරයිට හාගර් නම් ඊජිප්තු ජාතික සේවිකාවක් සිටියාය.+ 2 සාරයි ආබ්‍රම්ට මෙසේ කීවාය. “අනේ, මම කියන දේට පොඩ්ඩක් සවන් දෙන්න. දරුවන් ලැබීමේ ආශීර්වාදය යෙහෝවා දෙවි මට දීලා නැහැ.+ ඒ නිසා මා වෙනුවෙන් මේ දේ කරන්න. ඔබ මගේ සේවිකාව සමඟ සයනය කර ඇගෙන්වත් මට දරුවෙක් ලබා දෙන්න.”+ ආබ්‍රම් සාරයිගේ ඉල්ලීමට සවන් දුන්නේය.+ 3 ඉන්පසු ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තම ඊජිප්තු ජාතික සේවිකාව වූ හාගර්ව තම ස්වාමිපුරුෂයාට භාර්යාවක් ලෙස දුන්නාය.+ ඒ වන විට ආබ්‍රම් කානාන් දේශයේ අවුරුදු දහයක් ජීවත් වී තිබිණ. 4 ආබ්‍රම් හාගර් සමඟ සයනය කළ පසු ඇය ගැබ්ගත්තාය. නමුත් හාගර් තමන් ගැබ්ගෙන සිටින බව දැනගත් විට ඇගේ ස්වාමිදුවව පහත් කොට සලකන්න පටන්ගත්තාය.+

5 එවිට සාරයි ආබ්‍රම්ට මෙසේ කීවාය. “මගේ සේවිකාව වන හාගර්ව ඔබට දුන්නේ මමයි. නමුත් ඇය ගැබ්ගත්ත නිසා දැන් මට අගෞරව කරනවා. මට සිදු වී තිබෙන මේ අසාධාරණයට ඔබ වග කිව යුතුයි. කවුද හරි කවුද වැරදි කියා යෙහෝවා දෙවිම විනිශ්චය කළාවේ!”+ 6 එවිට ආබ්‍රම් සාරයිට මෙසේ කීවේය.+ “ඔබේ සේවිකාව ඔබට භාරයි. ඔබට හොඳයි කියා සිතෙන දෙයක් ඇයට කරන්න.”+ එවිට සාරයි ඇයව ලැජ්ජාවට පත් කළාය. ඒ නිසා හාගර් ඇය වෙතින් පලා ගියාය.+

7 පසුව යෙහෝවා දෙවිගේ දූතයාට+ කාන්තාරයේ ෂුර්+ වෙතට යන මඟෙහි තිබෙන දිය උල්පත අසල හාගර්ව සම්බ විය. 8 ඔහුද, “සාරයිගේ සේවිකාව වන හාගර්, ඔබ ආවේ කොහේ සිටද? ඔබ යන්නේ කොතැනටද” කියා ඇගෙන් ඇසුවේය. එවිට ඇය, “මම මගේ ස්වාමිදුව වන සාරයිගෙන් පලා යනවා” යයි කීවාය. 9 එවිට යෙහෝවා දෙවිගේ දූතයා, “ඔබේ ස්වාමිදුව වෙතට හැරී යන්න. නිහතමානී වී ඇය කියන ලෙස කටයුතු කරන්න”+ යයි කීවේය. 10 යෙහෝවා දෙවිගේ දූතයා ඇයට මෙසේද කීවේය. “ගණන් කිරීමට නොහැකි වන ලෙස ඔබෙන් පැවතෙන+ අයව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+ 11 යෙහෝවා දෙවිගේ දූතයා ඇයට මෙසේද කීවේය. “ඔබ දැන් ගැබිනියක්. ඔබට පුත්‍රයෙකු බිහි වෙයි. ඉෂ්මායෙල්*+ යන නම ඔහුට තබන්න. මන්ද දුකේදී ඔබ කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ 12 ඉෂ්මායෙල් හීලෑ නැති අශ්වයෙක් මෙන් වන්නේය. ඔහු සියල්ලන්ටම විරුද්ධව නැඟී සිටින්නේය. සියලුදෙනාද ඔහුට විරුද්ධව කටයුතු කරන්නෝය.+ ඔහු කූඩාරම් ගසාගන්නේ තම සහෝදරයන් අසලය.”+

13 එවිට ඇය, “මා දෙස බලා සිටින තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා” යයි සිතමින් තමා සමඟ කතා කළ යෙහෝවා දෙවිට මෙසේ කීවාය. “ඔබ සියල්ල දකින දෙවි කෙනෙක්.”*+ 14 ඇය සිටි ස්ථානය අසල තිබූ ළිඳට බෙයර්-ලහයි-රොයි*+ කියා නම් තැබුවේ ඒ නිසාය. ඒ ළිඳ පිහිටා තිබෙන්නේ කාදෙෂ් සහ බෙරෙද් අතරය. 15 පසුව ආබ්‍රම්ට දාව හාගර් දරුවෙකු බිහි කළ අතර එම දරුවාට ආබ්‍රම් ඉෂ්මායෙල්+ යන නම තැබුවේය. 16 ඉෂ්මායෙල් ඉපදුණු විට ආබ්‍රම්ගේ වයස අවුරුදු අසූහයක් විය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න