2 සාමුවෙල්
20 බෙන්ජමින් ගෝත්‍රයට අයත් බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා+ නම් වූ මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු කිසි කමකට නැති මනුෂ්‍යයෙකි.+ ඔහු හොරණෑව පිඹිමින්+ මෙසේ කීවේය. “දාවිත්ගේ රාජධානියේ අපට කොටසක් නැහැ. යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.”+ 2 එවිට ඊශ්‍රායෙල්හි ජනයා දාවිත් රජුව අත්හැර බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබාගේ පැත්තට ගියෝය.+ නමුත් යොර්දාන් සිට යෙරුසලම දක්වා ජීවත් වූ යූදාහි සියලු ජනයා තමන්ගේ රජුට පක්ෂව සිටියෝය.+
3 දාවිත් රජ යෙරුසලමේ තිබූ තම මාලිගාවට පැමිණියේය.+ ඔහු මාලිගාව බලාගන්නා පිණිස තබා ගිය උපභාර්යාවන් දසදෙනාව+ වෙනම නිවසක තැබුවේය. ඒ නිවස රැකවලුන් යටතේ තිබිණ. දාවිත් රජු ඒ දසදෙනාට කෑම බීම සැපයූ නමුත් ඔහු ඔවුන් සමඟ සයනය කළේ නැත.+ ස්වාමිපුරුෂයෙකු සිටියත් ඔවුහු මැරෙන තුරුම වැන්දඹුවන් සේ එම නිවසේ ජීවත් වූහ.
4 රජ අමාසාට+ කතා කර මෙසේ කීවේය. “දවස් තුනක් ඇතුළත යූදාහි පුරුෂයන්ව රැස් කරගෙන ඔවුන් සමඟ මා ළඟට එන්න.” 5 එබැවින් අමාසා යූදාහි පුරුෂයන්ව රැස් කරගන්නා පිණිස ගියේය. නමුත් රජු ඔහුට නියම කළ දවසේදී ඔහු ආවේ නැත. 6 එබැවින් දාවිත් රජ අබිෂයිට+ මෙසේ කීවේය. “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා+ අපිට තර්ජනයක් වෙයි.+ අපි තවත් බලාගෙන හිටියොත් ඔහු මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ+ ඔහු පසුපස ලුහුබැඳ යන්න.” 7 යෝවාබ්ගේ සේවකයෝද+ කෙරෙතිවරුද+ පෙලෙතිවරුද+ සටනට දක්ෂ වූ සියලු පුරුෂයෝද ඔහු සමඟ යෙරුසලමෙන් පිටත්ව ගොස් බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා පසුපස ලුහුබැඳ ගියෝය. 8 ඔවුන් ගිබියොන්හි+ තිබෙන විශාල ගල අසලට පැමිණි විට අමාසාද+ ඔවුන්ව හමු වීමට එතැනට ආවේය. යෝවාබ් යුධ ඇඳුමින් සැරසී සිටියේය. ඔහු තම ඉණපටියේ තිබූ කොපුවට කඩුවක්ද දමාගෙන සිටියේය. ඔහු අමාසාව හමු වීමට ඇවිදගෙන යද්දී කඩුව බිම වැටුණේය.
9 යෝවාබ් අමාසාගෙන් මෙසේ ඇසුවේය. “මගේ සහෝදරයා, ඔබ හොඳින් ඉන්නවාද?”+ ඉන්පසු ඔහු අමාසාව සිපගන්නා පිණිස තම දකුණු අතින් ඔහුගේ මුහුණ ඇල්ලුවේය.+ 10 යෝවාබ්ගේ අනික් අතේ කඩුව තිබූ නමුත් අමාසා එය එතරම් ගණනකට ගත්තේ නැත. යෝවාබ් තම කඩුවෙන් අමාසාගේ බඩට ඇන්නේය.+ ඔහුගේ බඩවැල් පවා පිටතට ආවේය. ඔහු පණ අදිමින් සිටි නිසා ඔහුට නැවත අනින්න අවශ්‍ය වූයේ නැත. පසුව යෝවාබ්ද ඔහුගේ සහෝදරයා වන අබිෂයිද බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා පසුපස ලුහුබැඳ ගියෝය.
11 යෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ සිටගෙන මෙසේ කීවේය. “දාවිත්ට හා යෝවාබ්ට පක්ෂව ඉන්න හැමෝම+ දැන් යෝවාබ් සමඟ යන්න.” 12 ඒ අවස්ථාවේදීත් අමාසා පාර මැද පණ අදිමින් සිටියේය. ඔහු ලේ විලක් මැද වැටී සිටියේය.+ සෙනඟ අමාසා වැටී සිටි තැනට පැමිණ එතැන නතර වූ+ බව දුටු යෝවාබ්ගේ සේවකයා අමාසාව පාරෙන් උසුලාගෙන ගොස් කෙතක තැබුවේය. ඉන්පසු ඔහු අමාසාව රෙද්දකින් වැසුවේය. 13 ඔහු අමාසාව පාරෙන් ඉවත් කළ පසු සෙනඟ බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා+ පසුපස ලුහුබැඳ යන පිණිස යෝවාබ් සමඟ ගියෝය.
14 ෂෙබා, ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති සියලු පළාත් පසු කරගෙන ගොස් ආබෙල් බෙත්-මයකා නම් නුවර+ වෙත ආවේය. බික්රිවරුද එතැනට පැමිණ ඔහු සමඟ නුවරට ඇතුල් වූහ.
15 යෝවාබ් සහ ඔහුගේ සෙනඟ ආබෙල් බෙත්-මයකා වෙත පැමිණ ඒ නුවර වැටලුවෝය.+ ඒ නුවරේ බලකොටුව වටා පවුරක් තිබිණ. ඔවුහු නුවරට පහර දෙන පිණිස ඒ පවුරට ඉදිරියෙන් තවත් පවුරක් ගොඩනැඟුවේය. යෝවාබ් සමඟ සිටි සියලුදෙනා ඒ නුවරේ බලකොටුව බිඳ දමන්න උත්සාහ කළෝය. 16 ඒ අවස්ථාවේදී නුවරේ සිටි නැණවත් ස්ත්‍රියක්+ ඔවුන්ට කතා කර මෙසේ කීවාය. “පුරුෂයෙනි, මං කියන දේ අහන්න. යෝවාබ්ට මෙතැනට එන්න කියන්න. මට ඔහු සමඟ කතා කරන්න අවශ්‍යයි.” 17 යෝවාබ් ඒ ස්ත්‍රිය ළඟට ගිය විට ඇය, “ඔබ යෝවාබ්ද” කියා ඇසුවාය. එවිට ඔහු, “ඔව්, මම යෝවාබ්” කියා පිළිතුරු දුන්නේය. ඉන්පසු ඇය ඔහුට මෙසේ කීවාය. “ඔබේ දාසිය කියන දේට සවන් දෙන්න.”+ එවිට යෝවාබ්, “කියන්න. මම අහගෙනයි ඉන්නේ” කියා ඇයට කීවේය. 18 ඇය කතා කරමින් මෙසේ කීවාය. “‘දැනමුතුකම් ලබාගන්න ආබෙල් නුවරට යමු. එවිට ප්රශ්නය විසඳෙයි’ කියා පුරාණ කාලයේ කියමනක් තිබුණා. 19 ඊශ්‍රායෙල්හි සිටින විශ්වාසවන්ත+ හා සාමකාමී ජනතාව+ වෙනුවෙනුයි මම කතා කරන්නේ. ඔබ හදන්නේ ඊශ්‍රායෙල්හි ප්‍රධාන නුවරක් විනාශ කරන්නයි.+ ඔබ යෙහෝවා දෙවිගේ උරුමය+ නැති කරන්න හදන්නේ ඇයි?”+ 20 එවිට යෝවාබ් ඇයට මෙසේ පැවසුවේය. “මේ නුවර විනාශ කරන්න මට කිසි අදහසක් තිබුණේ නැහැ. 21 අපි මෙහෙට ආවේ දාවිත් රජුට විරුද්ධ වුණු කෙනෙක්ව අල්ලගන්නයි.+ ඔහු එෆ්‍රායිම් කඳුකර පළාතේ+ මිනිහෙක්. ඔහුගේ නම ෂෙබා.+ ඔහු බික්‍රිගේ පුත්‍රයා. අපිට ඔහුව භාර දුන්නොත්+ අපි මේ නුවර අත්හැරලා යන්නම්.”+ එය අසා ස්ත්‍රිය, “අපි ඔහුගේ ඔළුව+ කපලා තාප්පෙන් එහා පැත්තට වීසි කරන්නම්” කියා යෝවාබ්ට කීවාය.
22 ඒ ස්ත්‍රිය එවෙලේම සෙනඟ ළඟට ගොස් ඔවුන් සමඟ බුද්ධිමත් ලෙස කතා කළාය.+ ඉන්පසු ඔවුහු බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබාගේ හිස කපා යෝවාබ් දෙසට වීසි කළෝය. එවිට යෝවාබ් හොරණෑව පිඹ+ සෙනඟ විසුරුවාහැරියේය. සෙනඟ තම තමාගේ නිවසට හැරී ගියෝය. යෝවාබ්ද යෙරුසලමෙහි සිටි රජු ළඟට ගියේය.
23 යෝවාබ් ඊශ්‍රායෙල්හි හමුදාපති විය.+ යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විය. 24 අදොරාම්+ වහල් සේවකයන්ගේ අධිපතියා විය. අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ වාර්තාකරු ලෙස සේවය කළේය. 25 ෂෙවා+ ලේකම්+ ලෙස කටයුතු කළේය. සාදොක්+ සහ අබියාතර්+ පූජකයෝ වූහ. 26 යායිරිය ඊරාද දාවිත් යටතේ අධිපතියෙකු*+ ලෙස සේවය කළේය.