ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 24
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් 24:1

පාදසටහන්

  • *

    හෝ, “ඔහු.” 1ලේක 21:1 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:1
  • +1ලේක 21:1; 27:23

2 සාමුවෙල් 24:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:16; 20:23
  • +විනි 20:1; 2සාමු 3:10
  • +1ලේක 21:2
  • +2ලේක 32:25; හිතෝ 18:12; යෙරෙ 17:5

2 සාමුවෙල් 24:3

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:3

2 සාමුවෙල් 24:4

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:4; දේශ 8:4
  • +ගණන් 1:2

2 සාමුවෙල් 24:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:36; යොෂු 13:9
  • +ගණන් 32:1, 35
  • +ගණන් 32:34

2 සාමුවෙල් 24:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:21; ගණන් 32:40
  • +උත් 10:15; 49:13; යොෂු 11:8

2 සාමුවෙල් 24:7

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:29
  • +යොෂු 9:7; 11:19
  • +යොෂු 15:1
  • +උත් 21:31; යොෂු 15:28

2 සාමුවෙල් 24:9

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:5
  • +ගණන් 2:32; 26:51; 1ලේක 27:23

2 සාමුවෙල් 24:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:5; ක්‍රියා 2:37; රෝම 2:15; 2කොරි 7:10; 1යොහ 3:20
  • +ගීතා 130:3; හොෂෙ 14:2; 1යොහ 1:9
  • +2සාමු 12:13; 1ලේක 21:8
  • +1සාමු 13:13; ගීතා 107:17; දේශ 10:1

2 සාමුවෙල් 24:11

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:29
  • +1සාමු 22:5; 1ලේක 21:9

2 සාමුවෙල් 24:12

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:10
  • +හිතෝ 3:12

2 සාමුවෙල් 24:13

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:11
  • +ලෙවී 26:20; ද්වි 28:23; 2සාමු 21:1; 1ලේක 21:12
  • +ලෙවී 26:17, 36; ද්වි 28:25
  • +ලෙවී 26:16, 25; ද්වි 28:22

2 සාමුවෙල් 24:14

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:17; ගීතා 103:8; 119:156
  • +විනි 6:6; 2ලේක 28:5; යෙසා 47:6
  • +1ලේක 21:13; හෙබ්‍රෙ 12:6

2 සාමුවෙල් 24:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:46; ද්වි 28:21; 1ලේක 21:14; 27:24
  • +2සාමු 24:2
  • +ද්වි 32:4; යෝබ් 34:12; විලා 3:22

2 සාමුවෙල් 24:16

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:15
  • +ගීතා 78:38; යෙරෙ 26:19; යෝවෙ 2:13
  • +උත් 10:16; යොෂු 15:8; 2සාමු 5:9
  • +2ලේක 3:1

2 සාමුවෙල් 24:17

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 22:17; ගීතා 44:11; 95:7
  • +උත් 44:33; 1ලේක 21:17

2 සාමුවෙල් 24:18

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:18; 2ලේක 3:1

2 සාමුවෙල් 24:19

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:19

2 සාමුවෙල් 24:20

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:21
  • +රූත් 2:10; 2සාමු 9:8

2 සාමුවෙල් 24:21

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:22
  • +ගණන් 16:47; 25:8; 2සාමු 24:15

2 සාමුවෙල් 24:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:11
  • +1සාමු 6:14; 1රාජා 19:21; 1ලේක 21:23

2 සාමුවෙල් 24:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 20:3

2 සාමුවෙල් 24:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:13
  • +1ලේක 21:24
  • +1ලේක 21:25

2 සාමුවෙල් 24:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:25; 1ලේක 21:26; 22:1
  • +2සාමු 21:14; 1ලේක 21:27; 2ලේක 33:13; යෙසා 19:22

වෙනත්

2 සාමු. 24:12සාමු 21:1
2 සාමු. 24:11ලේක 21:1; 27:23
2 සාමු. 24:22සාමු 8:16; 20:23
2 සාමු. 24:2විනි 20:1; 2සාමු 3:10
2 සාමු. 24:21ලේක 21:2
2 සාමු. 24:22ලේක 32:25; හිතෝ 18:12; යෙරෙ 17:5
2 සාමු. 24:31ලේක 21:3
2 සාමු. 24:41ලේක 21:4; දේශ 8:4
2 සාමු. 24:4ගණන් 1:2
2 සාමු. 24:5ද්වි 2:36; යොෂු 13:9
2 සාමු. 24:5ගණන් 32:1, 35
2 සාමු. 24:5ගණන් 32:34
2 සාමු. 24:6උත් 31:21; ගණන් 32:40
2 සාමු. 24:6උත් 10:15; 49:13; යොෂු 11:8
2 සාමු. 24:7යොෂු 19:29
2 සාමු. 24:7යොෂු 9:7; 11:19
2 සාමු. 24:7යොෂු 15:1
2 සාමු. 24:7උත් 21:31; යොෂු 15:28
2 සාමු. 24:91ලේක 21:5
2 සාමු. 24:9ගණන් 2:32; 26:51; 1ලේක 27:23
2 සාමු. 24:101සාමු 24:5; ක්‍රියා 2:37; රෝම 2:15; 2කොරි 7:10; 1යොහ 3:20
2 සාමු. 24:10ගීතා 130:3; හොෂෙ 14:2; 1යොහ 1:9
2 සාමු. 24:102සාමු 12:13; 1ලේක 21:8
2 සාමු. 24:101සාමු 13:13; ගීතා 107:17; දේශ 10:1
2 සාමු. 24:111ලේක 29:29
2 සාමු. 24:111සාමු 22:5; 1ලේක 21:9
2 සාමු. 24:121ලේක 21:10
2 සාමු. 24:12හිතෝ 3:12
2 සාමු. 24:131ලේක 21:11
2 සාමු. 24:13ලෙවී 26:20; ද්වි 28:23; 2සාමු 21:1; 1ලේක 21:12
2 සාමු. 24:13ලෙවී 26:17, 36; ද්වි 28:25
2 සාමු. 24:13ලෙවී 26:16, 25; ද්වි 28:22
2 සාමු. 24:14නෙහෙ 9:17; ගීතා 103:8; 119:156
2 සාමු. 24:14විනි 6:6; 2ලේක 28:5; යෙසා 47:6
2 සාමු. 24:141ලේක 21:13; හෙබ්‍රෙ 12:6
2 සාමු. 24:15ගණන් 16:46; ද්වි 28:21; 1ලේක 21:14; 27:24
2 සාමු. 24:152සාමු 24:2
2 සාමු. 24:15ද්වි 32:4; යෝබ් 34:12; විලා 3:22
2 සාමු. 24:161ලේක 21:15
2 සාමු. 24:16ගීතා 78:38; යෙරෙ 26:19; යෝවෙ 2:13
2 සාමු. 24:16උත් 10:16; යොෂු 15:8; 2සාමු 5:9
2 සාමු. 24:162ලේක 3:1
2 සාමු. 24:171රාජා 22:17; ගීතා 44:11; 95:7
2 සාමු. 24:17උත් 44:33; 1ලේක 21:17
2 සාමු. 24:181ලේක 21:18; 2ලේක 3:1
2 සාමු. 24:191ලේක 21:19
2 සාමු. 24:201ලේක 21:21
2 සාමු. 24:20රූත් 2:10; 2සාමු 9:8
2 සාමු. 24:211ලේක 21:22
2 සාමු. 24:21ගණන් 16:47; 25:8; 2සාමු 24:15
2 සාමු. 24:22උත් 23:11
2 සාමු. 24:221සාමු 6:14; 1රාජා 19:21; 1ලේක 21:23
2 සාමු. 24:23ගීතා 20:3
2 සාමු. 24:24උත් 23:13
2 සාමු. 24:241ලේක 21:24
2 සාමු. 24:241ලේක 21:25
2 සාමු. 24:25නික් 20:25; 1ලේක 21:26; 22:1
2 සාමු. 24:252සාමු 21:14; 1ලේක 21:27; 2ලේක 33:13; යෙසා 19:22
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 24:1-25

2 සාමුවෙල්

24 යෙහෝවා දෙවි නැවත වරක්+ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය. මන්ද, “ඊශ්‍රායෙල් හා යූදා සෙනඟව ගණන් කරන්න”+ යයි කියමින් ඊශ්‍රායෙල්වරුන්ට හානියක් වන අයුරින් කටයුතු කිරීමට දාවිත් රජුව යමෙක්* පෙලඹුවේය. 2 රජ තමා සමඟ සිටි යුධ හමුදාවේ ප්‍රධානියා වන යෝවාබ්ට මෙසේ කීවේය.+ “දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ගමන් කරලා ඊශ්‍රායෙල් දේශයේ සෑම ගෝත්‍රයකම සිටින මිනිසුන්ව ගණන් කරන්න.+ ඔවුන්ගේ මුළු ගණන මට දන්වන්න.”+ 3 නමුත් යෝවාබ්, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ ඇස් ඉදිරිපිටම සෙනඟ සිය ගුණයකින් වැඩි කරන්න ඔබේ දෙවි වන යෙහෝවාට පුළුවන්. ඉතින් ඇයි ඔබ මේ වගේ දෙයක් කරන්න හිතුවේ?”+

4 එහෙත් යෝවාබ් සහ යුධ හමුදාවේ අනික් ප්‍රධානීන්ට රජුගේ අණට යටත් වෙන්න සිදු විය.+ එබැවින් ඔවුහු ඊශ්‍රායෙල් සෙනඟ ගණන් කරන පිණිස පිටත්ව ගියෝය.+ 5 පසුව ඔවුහු යොර්දාන් ගඟෙන් එගොඩ වී නිම්නය මැද පිහිටි අරෝයේර් නම් නුවරට+ දකුණින් කඳවුරු බැඳගත්තෝය. ඔවුහු යාසෙර් නුවර+ දක්වාත් ගාද් ගෝත්‍රයට අයිති පළාත+ දෙසටත් ගමන් කළෝය. 6 පසුව ඔවුහු ගිලියද් දේශය+ වෙතටත් තාතිම්-හොද්ෂි දේශය වෙතටත් දාන්-යායන් හා සීදොන් නුවර+ වෙතටත් ගමන් කළෝය. 7 ඉන්පසු තීර් බලකොටුවටත්+ හිවීයවරුන්ගේ සියලු නුවරවලටත්+ කානානිවරුන්ගේ සියලු නුවරවලටත් ඔවුහු ගියෝය. අවසානයේදී ඔවුහු යූදා දේශයේ නෙගෙබ්හි+ පිහිටි බෙයර්-ෂෙබා+ දක්වාම ගියෝය. 8 මෙසේ ඔවුහු මුළු දේශය පුරාම ගමන් කර නැවත යෙරුසලමට පැමිණියෝය. මුළු ගමනට මාස නවයකුත් දවස් විස්සක් ගත විය. 9 යෝවාබ්, සෙනඟගේ මුළු ගණන රජුට දැන්වූවේය.+ ඊශ්‍රායෙල් දේශයෙහි යුද්ධයට දක්ෂ පුරුෂයෝ අටලක්ෂයක්ද යූදා දේශයෙහි පුරුෂයෝ පන්ලක්ෂයක්ද සිටියෝය.+

10 පසුව සෙනඟව ගණන් කළ නිසා දාවිත් රජුගේ සිත ඔහුට මහත් සේ වද දෙන්න පටන්ගත්තේය.+ එබැවින් ඔහු යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම ක්‍රියා කළේ මෝඩයෙකු ලෙසයි.”+ 11 දාවිත් රජ පසුවදා උදෑසන අවදි විය. ඒ අතරතුර දෙවිගෙන් දර්ශන ලැබූ, අනාගතවක්තෘවරයෙකු ලෙස දාවිත් රජු යටතේ සේවය කළ+ ගාද්ට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය. 12 “ඔබ දාවිත් ළඟට ගොස් මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “මම ඔබට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරගන්න.+ ඔබ තෝරගන්න දඬුවම මම ඔබ පිටට ගෙනෙන්නෙමි.”’”+ 13 ගාද්, දාවිත් රජු ළඟට පැමිණ ඒ සියල්ල ඔහුට ප්‍රකාශ කළේය.+ ඉන්පසු ඔහු දාවිත් රජුට මෙසේද කීවේය. “ඔබ කැමති අවුරුදු හතක් පුරා දේශයේ සාගතයක් පවතිනවාටද?+ නැත්නම් මාස තුනක් තිස්සේ ඔබේ සතුරන් ඔබව පරදවා ඔබ පසුපස ලුහුබැඳ එනවාටද?+ එහෙමත් නැත්නම් ඔබේ දේශයේ දවස් තුනක් පුරා වසංගතයක් පවතිනවාටද?+ මේවායින් ඔබ තෝරගන්නේ කුමන දේද කියලා මට කියන්න. එතකොට මාව එවූ තැනැත්තාට ඒ ගැන මම ගිහින් කියන්නම්.” 14 එවිට දාවිත් රජ ගාද්ට මෙසේ කීවේය. “මෙය මට දරාගන්න බැරි දුකක්. ඒත් යෙහෝවා දෙවි ඉතා දයාන්විත දෙවි කෙනෙක්+ නිසා මනුෂ්‍යයන්ගේ අතින් දඬුවම් විඳිනවාට වඩා+ දෙවිගේම අතින් දඬුවම් ලැබීම හොඳයි.”+

15 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශය පිටට වසංගතයක් ගෙනාවේය.+ එදින උදෑසන සිට දෙවි නියම කළ කාලය දක්වා එය පැවතිණ. දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ මනුෂ්‍යයෝ හැත්තෑදහසක් වසංගතය නිසා මිය ගියෝය.+ 16 යෙරුසලමේ ජනයාව විනාශ කරන පිණිස දේවදූතයෙක්+ ඒ නුවර දෙසට තම අත දිගු කළේය. පසුව සිදු වී තිබූ විනාශය දැක යෙහෝවා දෙවි දුක් වී,+ සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාට මෙසේ කීවේය. “දැන් ඔබේ අත පහත දමන්න.” ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයා සිටියේ යෙබූසිවරයෙකු වූ+ අරව්නාගේ+ කමත අසලය.

17 දාවිත් රජ, සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාව දැක යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “පව් කළේ මමයි. වරද මගේ අතේ. බැටළුවන් වගේ ඉන්න+ මේ සෙනඟ අතේ කිසි වරදක් නැහැ. ඒ නිසා මටයි+ මගේ පියාගේ පවුලේ අයටයි දඬුවම් කරන්න.”

18 පසුව ගාද් නැවත වරක් දාවිත් රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්න.”+ 19 ඉන්පසු යෙහෝවා දෙවි, ගාද් මාර්ගයෙන් දාවිත් රජුට පැවසූ දේ ඉටු කරන පිණිස ඔහු පිටත්ව ගියේය.+ 20 අරව්නා, රජු සහ ඔහුගේ සේවකයන් තමන් සිටි ස්ථානයට පැමිණෙනවා දැක ඔවුන් ඉදිරියට දුව ගොස් හිස නමා+ රජුට ආචාර කළේය.+ 21 අරව්නාද, “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ සේවකයා වන මා ළඟට ඔබ ආවේ ඇයි” කියා රජුගෙන් ඇසීය. එවිට දාවිත් රජ, “මම ආවේ ඔබේ කමත මිල දී ගන්නයි.+ මට ඕනේ මෙතැන යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්නයි. එහෙම කළොත් සෙනඟ අතරේ පැතිරෙන මේ වසංගතය+ නවතියි” කියා ඔහුට කීවේය. 22 එවිට අරව්නා, දාවිත් රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ මේ කමත ගන්න.+ ඒ වගේම ඔබට කැමති ඕනෑම දෙයක් පූජාව සඳහා මෙතැනින් ගන්න. දවන පූජාව සඳහා ගවයන් ඉන්නවා. මෙතැන ධාන්‍ය මඩින ආයුධ හා වියගස් තියෙනවා. ඒවා දර සඳහා පාවිච්චි කරන්න.+ 23 රජ්ජුරුවනි, මම මේ හැම දෙයක්ම ඔබට දෙනවා.” අරව්නා තවදුරටත් මෙසේ කීවේය. “ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ පූජාව සතුටින් පිළිගනු ලැබේවා!”+

24 නමුත් රජ අරව්නාට මෙසේ කීවේය. “මට ඔබෙන් මේ කමත මිල දී ගන්න ඕනේ.+ කිසිම වියදමක් දරන්නේ නැතුව මම මගේ දෙවි වන යෙහෝවාට දවන පූජාවක් ඔප්පු කරන්නේ කොහොමද!”+ එබැවින් දාවිත් රජ රිදී ෂෙකෙල් පනහක් ගෙවා ඒ කමතද ගවයන්වද මිල දී ගත්තේය.+ 25 දාවිත් රජ එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ ඔහුට දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. ඉන්පසු දේශය වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ එබැවින් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිර ගිය වසංගතය නතර විය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න