ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 රාජාවලිය 7
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 7:1

පාදසටහන්

  • *

    සෙයා මිනුමක් ලීටර් 7.33ට සමානය.

හරස් යොමු දැක්වීම්

  • +ආමො 3:7; හෙබ්‍රෙ 1:1
  • +ද්වි 32:36; විනි 5:11; 2රාජා 7:18

2 රාජාවලිය 7:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:18
  • +උත් 7:11; ගීතා 78:23; මලා 3:10
  • +ගණන් 14:11; 2තෙස 3:2
  • +ගණන් 11:23; 2ලේක 20:20
  • +2රාජා 7:17

2 රාජාවලිය 7:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 13:46; ද්වි 24:8

2 රාජාවලිය 7:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:25
  • +විලා 4:9

2 රාජාවලිය 7:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:7; 2සාමු 5:24; 2රාජා 19:7
  • +හිතෝ 20:12
  • +1රාජා 10:29; 2ලේක 1:17
  • +2ලේක 12:2

2 රාජාවලිය 7:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:17; හිතෝ 21:31
  • +ගීතා 48:5; හිතෝ 28:1

2 රාජාවලිය 7:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 41:8

2 රාජාවලිය 7:9

හරස් යොමු දැක්වීම්

  • +නාහු 1:15; 1කොරි 10:24; ෆිලි 2:4; 1තෙස 5:15
  • +1තිමෝ 6:10

2 රාජාවලිය 7:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:26; ගීතා 127:1; මාක් 13:34
  • +2රාජා 7:7

2 රාජාවලිය 7:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:8
  • +හිතෝ 14:15
  • +2රාජා 6:25, 29
  • +යොෂු 8:4, 12; විනි 20:29, 37

2 රාජාවලිය 7:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:25
  • +විලා 4:9

2 රාජාවලිය 7:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:12; යෙසා 2:20; මතෙ 16:26
  • +එස්ත 1:7; යෙසා 22:24

2 රාජාවලිය 7:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:25; ගීතා 68:12; යෙසා 33:1
  • +ගණන් 23:19; 2රාජා 7:1; යෙසා 44:26; 55:11

2 රාජාවලිය 7:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:18
  • +2රාජා 9:33; යෙසා 25:10
  • +ද්වි 32:35; 2රාජා 7:2; 2ලේක 36:16; යෙසා 5:24; 28:22; නාහු 1:2

2 රාජාවලිය 7:18

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 7:1; යෙසා 44:26

2 රාජාවලිය 7:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:12; ගීතා 78:19
  • +2රාජා 7:2

2 රාජාවලිය 7:20

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:20
  • +යෙසා 41:25

වෙනත්

2 රාජා. 7:1ආමො 3:7; හෙබ්‍රෙ 1:1
2 රාජා. 7:1ද්වි 32:36; විනි 5:11; 2රාජා 7:18
2 රාජා. 7:22රාජා 5:18
2 රාජා. 7:2උත් 7:11; ගීතා 78:23; මලා 3:10
2 රාජා. 7:2ගණන් 14:11; 2තෙස 3:2
2 රාජා. 7:2ගණන් 11:23; 2ලේක 20:20
2 රාජා. 7:22රාජා 7:17
2 රාජා. 7:3ලෙවී 13:46; ද්වි 24:8
2 රාජා. 7:42රාජා 6:25
2 රාජා. 7:4විලා 4:9
2 රාජා. 7:6ද්වි 28:7; 2සාමු 5:24; 2රාජා 19:7
2 රාජා. 7:6හිතෝ 20:12
2 රාජා. 7:61රාජා 10:29; 2ලේක 1:17
2 රාජා. 7:62ලේක 12:2
2 රාජා. 7:7ගීතා 33:17; හිතෝ 21:31
2 රාජා. 7:7ගීතා 48:5; හිතෝ 28:1
2 රාජා. 7:8යෙරෙ 41:8
2 රාජා. 7:9නාහු 1:15; 1කොරි 10:24; ෆිලි 2:4; 1තෙස 5:15
2 රාජා. 7:91තිමෝ 6:10
2 රාජා. 7:102සාමු 18:26; ගීතා 127:1; මාක් 13:34
2 රාජා. 7:102රාජා 7:7
2 රාජා. 7:122රාජා 6:8
2 රාජා. 7:12හිතෝ 14:15
2 රාජා. 7:122රාජා 6:25, 29
2 රාජා. 7:12යොෂු 8:4, 12; විනි 20:29, 37
2 රාජා. 7:132රාජා 6:25
2 රාජා. 7:13විලා 4:9
2 රාජා. 7:15ගීතා 68:12; යෙසා 2:20; මතෙ 16:26
2 රාජා. 7:15එස්ත 1:7; යෙසා 22:24
2 රාජා. 7:162ලේක 20:25; ගීතා 68:12; යෙසා 33:1
2 රාජා. 7:16ගණන් 23:19; 2රාජා 7:1; යෙසා 44:26; 55:11
2 රාජා. 7:172රාජා 5:18
2 රාජා. 7:172රාජා 9:33; යෙසා 25:10
2 රාජා. 7:17ද්වි 32:35; 2රාජා 7:2; 2ලේක 36:16; යෙසා 5:24; 28:22; නාහු 1:2
2 රාජා. 7:182රාජා 7:1; යෙසා 44:26
2 රාජා. 7:19ගණන් 20:12; ගීතා 78:19
2 රාජා. 7:192රාජා 7:2
2 රාජා. 7:202ලේක 20:20
2 රාජා. 7:20යෙසා 41:25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 7:1-20

2 රාජාවලිය

7 එවිට එලිෂා මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ වචනයට ඇහුම්කන් දෙන්න.+ ‘හෙට මේ වෙලාවට සමාරියේ දොරටුව අසල සිහින් පිටි සෙයා මිනුම්* එකක් ෂෙකෙලයකට විකිණෙයි. බාර්ලි සෙයා දෙකකුත් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි’ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+ 2 එවිට රජුගේ උපකාරයට සිටි නිලධාරියා,+ දෙවිගේ අනාගතවක්තෘට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අහසේ කවුළු ඇරියත්+ ඔබ කියන දේ වෙයි කියා විශ්වාස කරන්නේ කොහොමද?”+ එලිෂා මෙසේ කීවේය. “මා කියූ දේ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඔබේ ඇස් දෙකෙන්ම ඔබට එය දැකගන්න ලැබුණත්+ ඔබට ඒ දේවල් කන්න ලැබෙන්නේ නැහැ.”+

3 එදින නගරයේ දොරටුව අසල ලාදුරු රෝගීහු හතරදෙනෙක් සිටියෝය.+ ඔවුහු තම තමන් අතරේ මෙසේ කතා කරගත්තෝය. “ඇයි අපි මැරිලා යනකම් මෙතැනට වෙලා බලාගෙන ඉන්නේ? 4 නුවර ඇතුළෙත් සාගතය තියෙන නිසා නුවරට ගියත් අපට මැරෙන්නයි සිදු වෙන්නේ.+ ඒ නිසා අපි දැන් සිරියානු හමුදාවේ කඳවුරට යමු. ඔවුන් අපිව මැරුවත් කරන්න දෙයක් නැහැ.+ මෙතන හිටියත් අපි මැරෙනවා. සමහරවිට ඔවුන් එසේ නොකර ඉන්නත් පුළුවන්.” 5 සවස අඳුර වැටීගෙන එන විට ඔවුහු සිරියානු හමුදාවේ කඳවුර බලා ගියෝය. ඔවුන් කඳවුරේ මායිමට පැමිණියත් එක සිරියානුවෙක්වත් ඔවුන්ට දැකගන්න ලැබුණේ නැත.

6 යෙහෝවා දෙවි, අශ්වයන් හා යුධ රථ සමඟ එන විශාල හමුදාවක ශබ්දයක්+ සිරියානු භටයන්ට ඇසීමට සලස්වා තිබිණ.+ එබැවින් ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්හි රජු අපිට විරුද්ධව සටන් කිරීමට හිත්තීවරුන්ගේ රජවරුන්ව+ හා ඊජිප්තුවේ රජවරුන්ව+ එවලා!” 7 එබැවින් ඔවුහු එවෙලේම තම තමන්ගේ කූඩාරම්ද අශ්වයන්වද+ බූරුවන්වද අත්හැර දමා කඳවුරෙන් පලා ගියෝය. සවස අඳුර වැටීගෙන එන වේලාවේදී පලා ගිය ඔවුහු+ කඳවුරෙන් කිසිවක් රැගෙන ගියේ නැත.

8 ලාදුරු රෝගීහු සිරියානු කඳවුරේ මායිමේ තිබූ කූඩාරමකට ඇතුල් වී එහි තිබූ කෑම බීම හොඳින් භුක්ති විඳ, එහි තිබූ රන්, රිදී හා වස්ත්‍ර රැගෙන ගොස් සඟවා තැබුවෝය. ඔවුහු ආපසු පැමිණ කඳවුරේ තවත් කූඩාරමකට ඇතුල් වී එහි තිබූ දේවල්ද රැගෙන ගියෝය.+

9 පසුව ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “අපි කරන මේ දේ හරි නැහැ. අපි අනික් අයටත් මේ ගැන කියන්න ඕනේ.+ අපි මේ ගැන අනික් අයට නොකියා සිටියොත් උදේ වෙද්දී අපිට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වෙයි.+ ඒ නිසා අපි දැන්මම ගිහින් මේ ගැන රජමාලිගාවට දැනුම් දෙමු.” 10 එබැවින් ඔවුහු ගොස් නුවරේ දොරටු පාලකයන්ට+ මෙසේ කීවෝය. “අපි සිරියානු කඳවුරට ගියා. එහි කවුරුත් හිටියේ නැහැ. කිසිවෙකුගේ කටහඬක්වත් අපිට ඇසුණේ නැහැ. කඳවුරේ හිටියේ අශ්වයන් හා බූරුවන් විතරයි. කූඩාරම්වල බඩුමුට්ටු සියල්ලත් තියෙනවා.”+ 11 එවිට දොරටු පාලකයෝ හඬ නඟා රජමාලිගාවේ සිටි අයට ඒ ගැන දැනුම් දුන්නෝය.

12 ඒ පණිවිඩය ලැබුණු විට රජ ඒ රාත්‍රියේම නැඟිට තම සේවකයන්ට මෙසේ පැවසුවේය.+ “සිරියානු හමුදාව අපිට කරන්න යන දේ මම දන්නවා.+ ඒ නිසා මම දැන් කියන දේ හොඳින් අහගන්න. අපි දැන් හොඳටම බඩගින්නේ ඉන්න බව ඔවුන් දන්නවා.+ ඉතින් ඔවුන් කඳවුර අත්හැර කැලේට ගිහින් හැංගිලා බලාගෙන ඉන්නවා ඇති.+ ඔවුන් එකිනෙකා අතරේ මෙහෙම කියනවා ඇති. ‘දැන් ඔවුන් නුවරෙන් එළියට එයි. එවිට අපිට පුළුවන් ඔවුන්ව අල්ලගන්න. ඊටපස්සේ අපි නුවරට ඇතුල් වෙමු.’” 13 එවිට රජුගේ සේවකයෙක් මෙසේ කීවේය. “රජතුමනි, අපි මිනිසුන් කිහිපදෙනෙකුව තෝරාගෙන නුවරේ ඉන්න අශ්වයන් පස්දෙනෙක්ව ඔවුන්ට දී මේකේ ඇත්ත නැත්ත කුමක්ද කියා දැනගෙන එන්න කියමු.+ ඊශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙක් දැනටමත් මිය ගිහින්. ඒ නිසා ඔවුන් නුවරෙන් පිටතට ගියත් නුවරට වෙලා හිටියත් ඔවුන්ට සිදු වෙන්නේ එකම දේයි.+ අපි මිනිසුන් කිහිපදෙනෙක්ව යවලා බලමු.” 14 එබැවින් ඔවුහු අශ්ව රථ දෙකක් සූදානම් කළෝය. රජද, “ගිහින් මෙහි ඇත්ත නැත්ත දැනගෙන එන්න” යයි කියමින් ඒ මිනිසුන්ව සිරියානු කඳවුරට පිටත් කර යැව්වේය. 15 ඔවුහු ඔවුන්ව සොයාගෙන යොර්දාන් ගඟ දක්වාම ගියෝය. සිරියානු හමුදාව පලා යන විට දමා ගිය+ ඇඳුම් සහ භාණ්ඩ+ මඟ දිගේ විසිරී තිබෙන බව දුටු පණිවිඩකරුවෝ ආපසු ගොස් රජුට ඒ ගැන දැන්වූවෝය.

16 ඊශ්‍රායෙල්වරු ගොස් සිරියානු හමුදාවේ කඳවුර කොල්ල කෑවෝය.+ එබැවින් යෙහෝවා දෙවි කී ලෙසම+ සිහින් පිටි සෙයා මිනුම් එකක් ෂෙකෙලයකටද බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකටද ගැනීමට ඔවුන්ට හැකි විය. 17 ඒ අවස්ථාව වන විට රජ, ඔහුගේ උපකාරයට සිටි නිලධාරියාව+ නුවර දොරටුව මුර කිරීමට පත් කර තිබුණේය. සෙනඟ එම දොරටුවෙන් දිව යන විට ඔහු පෑගී+ මිය ගියේය. මෙසේ රජු දෙවිගේ අනාගතවක්තෘව හමු වීමට ගිය විට ඔහු පැවසූ දේ ඒ ආකාරයටම ඉටු විය.+ 18 එනම්, “හෙට මේ වෙලාවට සමාරියේ දොරටුව අසල සිහින් පිටි සෙයා මිනුම් එකක් ෂෙකෙලයකට විකිණෙයි. බාර්ලි සෙයා මිනුම් දෙකකුත් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි” කියා සැබෑ දෙවිගේ අනාගතවක්තෘ රජුට කී දේ ඒ ආකාරයටම ඉටු විය.+ 19 නමුත් රජුගේ උපකාරයට සිටි නිලධාරියා ඒ අවස්ථාවේදී දෙවිගේ අනාගතවක්තෘගෙන්, “යෙහෝවා දෙවි අහසේ කවුළු ඇරියත් ඔබ කියන දේ සිදු වෙයි කියා විශ්වාස කරන්නේ කොහොමද” කියා ඇසුවේය.+ එවිට එලිෂා මෙසේ කීවේය. “මා කියූ දේ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඔබේ ඇස් දෙකෙන්ම ඔබට එය දැකගන්න ලැබුණත් ඔබට ඒ දේවල් කන්න ලැබෙන්නේ නැහැ.”+ 20 මෙසේ එලිෂා ඔහුට පැවසූ දේ ඒ ආකාරයටම ඉටු විය.+ සෙනඟ දොරටුවෙන් දිව යන විට ඔහු පෑගී+ මිය ගියේය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න