1 ලේකම්
15 දාවිත් රජ තමාගේ නමින් හැඳින්වූ නුවරෙහි ඔහුට මාලිගා ගොඩනඟා ගත්තේය.+ ඔහු එම නුවරෙහි සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තැබීමට ස්ථානයක්ද+ වෙන් කර එහි කූඩාරමක් ඉදි කළේය. 2 දාවිත් රජ මෙසේ පැවසීය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ යුත්තේ ලෙවීවරුන් පමණයි.+ වෙන කිසි කෙනෙකුට එසේ කිරීමට අවසර නැහැ. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යන්නත් ඔහු වෙනුවෙන් හැමදාටම සේවය කරන්නත්+ යෙහෝවා දෙවි තෝරාගත්තේ ඔවුන්වයි.” 3 ඉන්පසු දාවිත් රජ තමා සූදානම් කළ ස්ථානයට යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ඒමේ අවස්ථාවට+ සහභාගි වීම සඳහා සියලුම ඊශ්‍රායෙල්වරුන්ව යෙරුසලමට එක් රැස් කළේය.+
4 ඒ සඳහා ඔහු ආරොන්ගේ පුත්‍රයන්වත්+ ලෙවීවරුන්වත් රැස් කළේය. 5 ඔවුන්ගේ තොරතුරු මෙසේය. කෝහාත්ගේ පුත්‍රයන් අතරින් උරියෙල්+ සහ ඔහුගේ සහෝදරයන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව එකසිය විසිදෙනෙකි. උරියෙල් ඔවුන්ගේ ප්රධානියාය. 6 මෙරාරීගේ පුත්‍රයන්+ අතරින් අසායා+ සහ ඔහුගේ සහෝදරයන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව දෙසිය විස්සකි. අසායා ඔවුන්ගේ ප්රධානියාය. 7 ගේර්ෂොම්ගේ පුත්‍රයන්+ අතරින් යෝවෙල්+ සහ ඔහුගේ සහෝදරයන්ය. ඔවුන් ගණනින් එකසිය තිහකි. යෝවෙල් ඔවුන්ගේ ප්රධානියාය. 8 එලිෂාෆාන්ගේ පුත්‍රයන්+ අතරින් ෂෙමායා+ සහ ඔහුගේ සහෝදරයන්ය. ඔවුන්ගේ ගණන දෙසියයකි. ෂෙමායා ඔවුන්ගේ ප්රධානියාය. 9 හෙබ්‍රොන්ගේ පුත්‍රයන් අතරින් එලියෙල් සහ ඔහුගේ සහෝදරයන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව අසූවකි. එලියෙල් ඔවුන්ගේ ප්රධානියාය. 10 උස්සියෙල්ගේ පුත්‍රයන්ගෙන්+ අමිනදාබ් සහ ඔහුගේ සහෝදරයන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව එකසිය දොළහකි. 11 දාවිත් රජ, සාදොක්+ සහ අබියාතර්+ යන පූජකයන්වද ලෙවීවරුන් වූ උරියෙල්,+ අසායා,+ යෝවෙල්,+ ෂෙමායා,+ එලියෙල්+ සහ අමිනදාබ් යන අයවද කැඳවා 12 ඔවුන්ට මෙසේ පැවසීය. “ඔබත් ඔබේ සහෝදරයනුත් ගොස් පවිත්‍ර වෙන්න.+ ලෙවී ගෝත්‍රයට අයත් පවුල්වල ප්‍රධානීන්+ වන ඔබ සියලුදෙනා මා සූදානම් කළ ස්ථානයට ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ යුතුයි. 13 මුල් වතාවේදී එය රැගෙන ඒමට අපි ඔබට භාර දුන්නේ නැහැ.+ අපේ දෙවි වන යෙහෝවා ගිවිසුම් පෙට්ටිය රැගෙන ඒම සම්බන්ධයෙන් දුන් මඟ පෙන්වීම් පිළිපදින්න එදා අපි අසමත් වුණා.+ ඔහු අපිට විරුද්ධව ක්‍රියා කළේ ඒ නිසයි.”+ 14 එහෙයින් පූජකයෝද ලෙවීවරුද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ඒම සඳහා පවිත්‍ර වූහ.+
15 ලෙවීගෙන් පැවතෙන්නෝ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටියේම සවි කර තිබූ පොලු තම උරහිස් මත තබාගෙන+ එය රැගෙන ගියෝය.+ ඔවුන් එසේ කළේ යෙහෝවා දෙවි, මෝසෙස් මාර්ගයෙන් දී තිබූ උපදෙස්වලට අනුවය. 16 දාවිත් රජ ඊළඟට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට යම් මඟ පෙන්වීම් දුන්නේය. ඔවුන්ගේ සහෝදරයන් වූ ගායක පිරිස+ ඔවුන්ට නියම කළ ස්ථානවල සිටිය යුතු බවත් වීණා,+ කුඩා වීණා,+ අත්තාළම්+ යනාදි සංගීත භාණ්ඩ+ ඔවුන් මහත් හඬින් වාදනය කළ යුතු බවත් එම නාදයට තමන්ගේ ප්‍රීතිමත් හඬ එකතු කළ යුතු බවත් ඔහු ඔවුන්ට පැවසීය.
17 ඒ අනුව ලෙවීවරු පහත සඳහන් ලෙස ඔවුන්ව නියමිත ස්ථානවල තැබූහ. යෝවෙල්ගේ පුත් හේමාන්ද+ ඔහුගේ සහෝදරයන් අතරින් බෙරෙකියාගේ පුත් ආසාෆ්ද+ ඔවුන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන් අතරින් කුෂායාගේ පුත් ඒතන්ද+ 18 දෙවෙනි පන්තියට+ අයත් ඔවුන්ගේ සහෝදරයන් වූ සෙකරියා,+ බෙන්, යයෂියෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, උන්නි, එලියාබ්, බෙනායා, මයසේයා, මත්තිතියා, එලිෆෙලෙහු, මික්නේයාද දොරටු පාලකයන් ලෙස කටයුතු කළ ඕබෙද්-ඒදොම්+ සහ යෙයීයෙල්ද 19 තඹ අත්තාළම් ගසමින්+ ගායනයෙන් හවුල් වූ හේමාන්,+ ආසාෆ්+ සහ ඒතන්ද 20 ඉහළ ස්වරයට අනුව*+ සකස් කරන ලද සංගීත භාණ්ඩ අතැතිව සිටි සෙකරියා, අෂීයෙල්,+ ෂෙමිරාමොත්, යෙහීයෙල්, උන්නි, එලියාබ්, මයසේයා සහ බෙනායාද 21 පහළ ස්වරයට අනුව*+ සකස් කරන ලද වීණා+ අතැතිව, සංගීත අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කළ මත්තිතියා,+ එලිෆෙලෙහු, මික්නේයා, ඕබෙද්-ඒදොම්, යෙයීයෙල් සහ අසසියාද යන අයව නියමිත ස්ථානවල සිටවන ලදි. 22 ගිවිසුම් පෙට්ටිය රැගෙන යන ලෙවීවරුන්ගේ ප්‍රධානියා ලෙස කෙනනියාව+ පත් කළේය. එය රැගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහුට මනා දැනුමක් තිබිණ.+ 23 ගිවිසුම් පෙට්ටිය මුර කිරීමට පත් කළේ+ බෙරෙකියාව සහ එල්කානාවය. 24 සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටියට ඉදිරියෙන් මහත් හඬින් හොරණෑ පිඹීමට+ පත් කළේ ෂෙබනියා, යොෂාපාට්, නෙතනෙල්, අමාසායි, සෙකරියා, බෙනායා සහ එලියේසර් යන පූජකයන්වය. ගිවිසුම් පෙට්ටිය දෙපස මුර කිරීම සඳහා ඕබෙද්-ඒදොම් සහ යෙහියාව පත් කර තිබිණ.
25 ඕබෙද්-ඒදොම්ගේ+ නිවසේ සිට යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ පිරිස සමඟ දාවිත් රජද+ ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලෝද+ දහසකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර තිබූ ප්‍රධානියෝද+ ඉතා ප්‍රීතියෙන්+ ගමන් කළෝය. 26 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ගිය ලෙවීවරුන්ට සැබෑ දෙවිගේ අනුමැතිය ලැබූ බව+ තේරුම්ගත් ඔවුහු වස්සන් හත්දෙනෙකුව සහ බැටළුවන් හත්දෙනෙකුව පූජා කළෝය.+ 27 දාවිත් රජ අනර්ඝ රෙද්දකින් මසා තිබූ අත් නැති වස්ත්‍රයක් ඇඳ සිටියේය. එමෙන්ම ඔහු ඊට උඩින් ලිනන් රෙදිවලින් මසා තිබූ ඒෆොද් හැට්ටයක්ද+ ඇඳ සිටියේය. ගායකයෝද+ ගිවිසුම් පෙට්ටිය රැගෙන ගිය ලෙවීවරුද ඔවුන්ගේ ප්‍රධානියා වූ කෙනනියාද+ දාවිත් රජු මෙන් අනර්ඝ රෙදිවලින් මසා තිබූ වස්ත්‍ර ඇඳ සිටියෝය. 28 විවිධ වර්ගයේ හොරණෑ,+ අත්තාළම්,+ වීණා සහ කුඩා වීණාවල+ හඬ මැද යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන එන ලදි.+ සියලුම ඊශ්‍රායෙල්වරුන් ප්‍රීති ඝෝෂා නඟන හඬද ඒ මියුරු සංගීතයට මුසු විය.
29 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ දාවිත්ගේ නුවරට ළඟා වන විට සාවුල් රජුගේ දියණිය වූ මීකල්+ කවුළුවකින් ඒ දෙස බලා සිටියාය. දාවිත් රජු උඩ පැන පැන නටන ආකාරය+ දැක ඇය තම සිතින් ඔහුව හෙළාදැකීමට පටන්ගත්තාය.+