1 ලේකම්
18 කලක් ගත වූ පසු දාවිත් රජ පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ව යටත් කරගෙන+ ඔවුන් යටතේ තිබූ ගාත්+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ද අල්ලාගත්තේය. 2 පසුව ඔහු මෝවබ්වරුන්ට පහර දුන්නේය.+ ඔවුන්ද දාවිත් රජු යටතට පත් වූ අතර ඔවුහු ඔහුට කප්පම් ගෙව්වෝය.+
3 ෂොබාහි+ රජු වූ හදද්එෂෙර්,+ යුප්‍රටීස් ගඟ+ අවට ප්‍රදේශය තම පාලනය යටතට ගැනීම සඳහා පිටත්ව ආවේය. එවිට දාවිත් රජ, හමාත් නම් නුවරේදී+ ඔහුට පහර දුන්නේය. 4 ඔහුට අයිතිව තිබූ අශ්ව රථ දහසක්ද අසරුවන් හත්දහසක්ද පාබළ හමුදාවෙන් මිනිසුන් විසිදහසක්ද දාවිත් රජ අල්ලාගත්තේය.+ ඔහු අශ්ව රථ සියයකට අවශ්‍ය අශ්වයන් පමණක් තබාගෙන අනිකුත් සියලුම අශ්වයන්ගේ+ පාද තුවාල කළේය.+ 5 දමස්කයේ ජීවත් වූ සිරියන්වරුන් ෂොබාහි රජු වූ+ හදද්එෂෙර්ගේ උපකාරයට පැමිණි විට දාවිත් රජ ඔවුන්ගෙන් විසිදෙදහසක්වද මරා දැමුවේය. 6 ඉන්පසු දාවිත් රජ සිරියන්වරුන් විසූ දමස්කයේ+ මුර කඳවුරු පිහිටෙව්වේය. පසුව සිරියන්වරු දාවිත් රජුගේ සේවකයන් බවට පත් වී ඔහුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජ ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+ 7 හදද්එෂෙර් රජුගේ සේවකයන්ගේ රන් පලිස්+ දාවිත් රජ යෙරුසලමට ගෙන ගියේය.+ 8 හදද්එෂෙර් රජු යටතේ තිබූ තිබ්හත්+ සහ කූන් යන නුවරවලින් ගත් විශාල තඹ ප්‍රමාණයක්ද දාවිත් රජ රැගෙන ගියේය. පසු කාලයකදී දේවමාලිගාවේ කුලුනුද+ වතුර දැමීම සඳහා විශාල තඹ භාජනයක්ද+ වෙනත් තඹ භාජනද+ සෑදීමට සලමොන් රජු භාවිත කළේ එම තඹය.
9 ෂොබාහි රජු වූ හදද්එෂෙර්ගේ+ මුළු යුධ හමුදාවම දාවිත් රජු පරාජයට පත් කළ බව හමාත්හි රජු වූ+ තොයුට ආරංචි විය. 10 එවිට ඔහු දාවිත් රජුගේ සැප දුක් විමසීමටත් හදද්එෂෙර් රජුට එරෙහිව දාවිත් රජු ලද ජයග්‍රහණයට සුබ පැතීමටත් ඔහුගේ පුත් හදොරාම්ව+ යැව්වේය. (මීට පෙරාතුව හදද්එෂෙර් රජු සහ තොයු රජු අතර නිතරම ගැටුම් පැවතිණ.) ඔහු යන විට රන්, රිදී+ සහ තඹවලින් නිමැවූ විවිධාකාර භාණ්ඩද රැගෙන ගියේය. 11 ඒ සියලු වස්තුද ඔහු යටත් කරගත්+ ඒදොම්වරුන්ගෙන්, මෝවබ්වරුන්ගෙන්,+ අම්මොන් පුත්‍රයන්ගෙන්,+ පිලිස්තිවරුන්ගෙන්+ සහ අමලෙක්වරුන්ගෙන්+ ලබාගත් රන් හා රිදීද දාවිත් රජ යෙහෝවා දෙවිට කැප කළේය.+
12 ෂෙරුයියාගේ+ පුත් අබිෂයි,+ ලුණු නිම්නයේදී+ ඒදොම්වරුන් දහඅටදහසක්ව මරා දැමුවේය. 13 ඉන්පසු ඔහු ඒදොම් දේශයේ මුර කඳවුරු පිහිටෙව්වේය. සියලුම ඒදොම්වරු දාවිත් රජුගේ සේවකයන් බවට පත් වූවෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+ 14 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ ඔහු තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කරමින් ඔවුන්ට යුක්තිය ඉටු කළේය.+ 15 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ වාර්තාකරු ලෙස සේවය කළේය. 16 පූජකයන් ලෙස කටයුතු කළේ අහිතුබ්ගේ පුත්‍රයා වූ සාදොක්+ සහ අබියාතර්ගේ පුත්‍රයා වූ අහිමෙලෙක්ය.+ ෂව්ෂා+ ලේකම් ලෙස කටයුතු කළේය. 17 යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝ ප්‍රධාන අධිපතීන් ලෙස සේවය කළෝය.+