1 ලේකම්
29 දාවිත් රජ රැස්ව සිටි සමූහයට+ මෙසේ පැවසීය. “මේ වැඩේ කිරීමට දෙවි තෝරාගත්තේ මගේ පුත් සලමොන්වයි.+ නමුත් මේ දේ කරන්න තරම් මගේ පුතාට අද්දැකීම් නැහැ. ඔහු තාම තරුණයි.+ නමුත් ඔහුට භාර දී තිබෙන්නේ ඉතාමත් බාරදූර කාර්යයක්. ඔහු ගොඩනඟන්න යන මාලිගාව* මිනිසුන් වෙනුවෙන් නොව යෙහෝවා දෙවි වෙනුවෙන් සාදන එකක්.+ 2 මගේ දෙවිගේ ගෘහය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරලයි තියෙන්නේ.+ එහි වැඩකටයුතු සඳහා අවශ්‍ය රන්,+ රිදී, තඹ, යකඩ,+ ලී,+ ඔනික්ස් ගල්,+ බිත්තිවලට ඔබ්බවන වටිනා ගල්, විසිතුරු ගල්, සියලුම මැණික් වර්ග හා ඇලබැස්ටර් ගල් විශාල ප්‍රමාණයක් මම සූදානම් කර තිබෙනවා.+ 3 ඒ සියලු දේ කළේ දෙවිගේ ගෘහය ගොඩනඟන්න මා තුළ තියෙන මහත් ආශාව නිසයි.+ ශුද්ධ ගෘහය ගොඩනැඟීමට මා සූදානම් කර ඇති+ මේ දේවලට අමතරව මගේ පෞද්ගලික වස්තුවෙන්ද+ රන් හා රිදී මම පරිත්‍යාග කරනවා. 4 ඕෆීර් නම් ප්‍රදේශයෙන්+ ලබාගත් රන් තලෙන්ත තුන්දහසක් සහ රිදී තලෙන්ත හත්දහසක් මම පරිත්‍යාග කරනවා. ඒවා ගෘහයේ බිත්තිවල ආලේප කිරීම සඳහා යොදාගත යුතුයි. 5 ඒ වගේම රන් හා රිදී භාණ්ඩ සාදන්නත් රනින් හා රිදීයෙන් කරන කැටයම් සඳහාත් මේවා භාවිත කරන්න පුළුවන්. යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න ඔබ අතරින් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ කවුද?”+
6 එවිට පෙළපත්වල+ අධිපතියෝද+ ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍රවල ප්‍රධානියෝද+ දහසකින් යුත් කණ්ඩායම්වල+ හා සියයකින් යුත් කණ්ඩායම්වල+ ප්‍රධානියෝද රජුගේ විවිධ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියෝද+ කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. 7 ඔවුහු සැබෑ දෙවිගේ ගෘහය වෙනුවෙන් රන් තලෙන්ත පන්දහසක් හා දරික්* දසදහසක්ද රිදී තලෙන්ත දසදහසක්ද තඹ තලෙන්ත දහඅටදහසක්ද යකඩ තලෙන්ත ලක්ෂයක්ද පරිත්‍යාග කළෝය.+ 8 ඔවුහු තමන් සතුව තිබූ මැණික් ගල්ද පරිත්‍යාග කළෝය. ඔවුන් ඒවා යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයට දෙන ලදි. භාණ්ඩාගාරය භාරව සිටියේ ගේර්ෂොන්ගෙන්+ පැවත ආ යෙහීයෙල්ය.+ 9 බොහෝ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කළ ජනතාවද ඉමහත් සේ ප්‍රීති වූහ. මන්ද ඔවුන් මේ සෑම දෙයක්ම යෙහෝවා දෙවිට පරිත්‍යාග කළේ ඔවුන්ගේ මුළු හදවතින්මය.+ දාවිත් රජද බොහෝ සේ ප්‍රීති විය.+
10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්‍රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්‍රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා! 11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත්,+ අතිඋත්කෘෂ්ට+ දෙවි ඔබයි. සියලු ගෞරවය+ හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි.+ සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.+ 12 සියලු දේ පාලනය කරන්නෙත් ඔබයි.+ ධනයත්+ ගෞරවයත්+ ලැබෙන්නේ ඔබ නිසයි. බලයත්+ ශක්තියත්+ ඔබ අතෙයි. යමෙකුව ශ්‍රේෂ්ඨයෙකු කරන්නෙත්+ යමෙකුව ශක්තිමත් කරන්නෙත් ඔබයි.+ 13 අපේ දෙවියනි, අපි ස්තුති කරන්නේ ඔබටයි.+ අපි ප්‍රශංසා කරන්නේ+ ඔබේ ශ්‍රේෂ්ඨ නාමයටයි.+
14 “ඔබට මේ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න මටත් මගේ සෙනඟටත් හැකියාව තිබෙන බව ඇත්තයි.+ නමුත් ඔබ ඉදිරියේ අපි කවුද?+ මේ හැම දෙයක්ම අපට ලැබී තිබෙන්නේ ඔබගෙනුයි.+ ඇත්තෙන්ම අපි ඔබට පරිත්‍යාග කරන්නේ ඔබේම දේවලුයි. 15 අපි හැමෝම ඔබ ඉදිරියේ සිටින විදේශිකයන් වගෙයි. අපේ මුතුන්මිත්තන් වගේ අපිත් මේ දේශයේ තාවකාලික පදිංචිකරුවන්.+ මිහිපිට ගත කරන අපේ ජීවිතය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් වගෙයි.+ ඔබෙන් තොර බලාපොරොත්තුවක් අපට නැහැ. 16 අපගේ දෙවි වූ යෙහෝවා, ඔබේ ශුද්ධ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්න අප සූදානම් කළ මේ වස්තු සියල්ලම අපට ලැබුණේ ඔබගෙනුයි. ඒ සියල්ල අයිති ඔබටයි.+ 17 මාගේ දෙවියනි, ඔබ සිත් සෝදිසි කරන දෙවි කෙනෙක් බවත්,+ අවංකකමට ඔබ බොහෝ සෙයින් ප්‍රසන්න බවත්+ මම හොඳින්ම දන්නවා. මම කැමැත්තෙන්ම පරිත්‍යාග කළ මේ සියලු දේවල් ඔබට දුන්නේ අවංක සිතිනුයි. මෙහි සිටින ඔබේ සෙනඟත් ඔබට බොහෝ දේවල් පරිත්‍යාග කර තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන්මයි. මමත් ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා. 18 අපේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගේ ඊසාක්ගේ සහ ඊශ්‍රායෙල්ගේ දෙවි යෙහෝවා,+ ඒ ආකල්පය ඔබේ සෙනඟගේ සිත්වලින් කිසිදා මැකී යන්න ඉඩ නොදෙන්න.+ නිතරම ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නැඹුරු කර තබාගන්න.+ 19 ඔබට මුළු හදවතින්ම+ සේවය කරන්න මගේ පුත් සලමොන්ටත් උපකාර කරන්න. එවිට ඔබේ ආඥා,+ සිහිගැන්වීම්+ හා නීතිරීති+ පවත්වන්නත් ඔබ බලාපොරොත්තු වන සියලු දේ ඉටු කරන්නත් මා සූදානම් කළ දේවල්+ යොදාගෙන ඔබේ ගෘහය ගොඩනඟන්නත් ඔහුට හැකි වෙයි.”+
20 පසුව දාවිත් රජ රැස්ව සිටි මුළු සමූහයට+ මෙසේ පැවසීය. “ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා කරන්න.”+ එවිට රැස්ව සිටි සියලුදෙනා තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළෝය. ඔවුහු යෙහෝවා දෙවි හා රජු ඉදිරියේ දණින් වැටුණෝය.+ 21 ඔවුහු ඊළඟ දවසේදී යෙහෝවා දෙවිට පූජා+ සහ දවන පූජා+ ඔප්පු කළෝය. ඔවුහු යෙහෝවා දෙවිට වස්සන් දහසක්ද බැටළුවන් දහසක්ද එළුවන් දහසක්ද පාන පූජාද+ ඔප්පු කළෝය. ඒ දවසේදී මුළු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන්ද බොහෝ පූජා ඔප්පු කරන ලදි.+ 22 ඔවුහු එදින කමින් බොමින් යෙහෝවා දෙවි ඉදිරියේ බොහෝ සෙයින් ප්‍රීති වූහ.+ ඔවුහු දෙවෙනි වරටත් දාවිත්ගේ පුත්+ සලමොන්ව යෙහෝවා දෙවි ඉදිරියේ රජු ලෙස අභිෂේක කළෝය.+ උත්තම පූජකයා වූ සාදොක්වද+ නැවතත් පූජක තනතුරට පත් කරන ලදි. 23 සලමොන් තම පියා වූ දාවිත්ගෙන් පසුව යෙහෝවා දෙවිගේ පාලනය නියෝජනය කරන සිංහාසනයේ රජු ලෙස හිඳගත්තේය.+ සාර්ථක ලෙස+ දේශය පාලනය කළ ඔහුට සියලුම ඊශ්‍රායෙල්වරු කීකරු වූහ. 24 සියලු අධිපතියෝද+ එඩිතර මිනිස්සුද+ දාවිත් රජුගේ සියලු පුත්‍රයෝද+ සලමොන් රජුට යටත් වූහ. 25 යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් ජාතිය ඉදිරියේ සලමොන්ව බොහෝ සෙයින් උසස් කළේය.+ කලින් ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කළ රජවරුන්ට වඩා මහත් තේජශ්‍රීයක් දෙවි ඔහුට ලබා දුන්නේය.+
26 යෙස්සේගේ පුත් දාවිත්ගේ ජීවිත කතාව මෙසේ සාරාංශ කළ හැකිය. ඔහු මුළු ඊශ්‍රායෙල් සෙනඟ කෙරෙහිම රජකම් කළේය.+ 27 ඊශ්‍රායෙල් සෙනඟව ඔහු අවුරුදු හතළිහක් පාලනය කළේය.+ ඔහු හෙබ්‍රොන් නුවරේ සිට අවුරුදු හතක්ද+ යෙරුසලමේ සිට අවුරුදු තිස්තුනක්ද පාලනය කළේය.+ 28 බොහෝ ධන සම්පත්ද+ ගෞරවයද+ ලැබූ දාවිත් තෘප්තිමත් ජීවිතයක් ගත කර මහලු වියේදී+ මිය ගියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන් රජකම් කිරීමට පටන්ගත්තේය.+ 29 දාවිත් රජුගේ සියලුම විස්තර සාමුවෙල් නම් අනාගතවක්තෘගේ+ වාර්තාවේද නාතන්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ගාද්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ලියා ඇත. 30 එම වාර්තාවල ඔහුගේ පාලනය ගැනද ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ගැනද ඔහුගේ ජීවිත කාලය+ පුරා ඔහු අද්දුටු දේවල් ගැනද ඊශ්‍රායෙල් දේශයෙත් අන් සියලු රාජ්‍යයන්වලත් සිදු වූ දේවල් ගැනද විස්තර සඳහන්ව ඇත.+