1 ලේකම්
4 යූදාගේ පුත්රයන් නම් පේරෙස්,+ හෙස්රොන්,+ කාමී,+ හූර්+ සහ ෂෝබාල්+ යන අයයි. 2 ෂෝබාල්ගේ පුත්රයා රෙයායාය.+ ඔහුගේ පුත්රයා යාහත්ය. යාහත්ගේ පුත්රයන් නම් අහුමයි හා ලාහද්ය. ෂොරත්වරුන්ගේ+ පෙළපත සෑදෙන්නේ මොවුන්ගෙනි. 3 ඒටාම් නමැති නුවරේ+ ප්රධානියාගේ* පුත්රයන් නම් යෙෂ්රෙයෙල්,+ ඉෂ්මා සහ ඉඩ්බාෂ්ය. (ඔවුන්ගේ සොහොයුරියගේ නම හෂ්ෂෙලෙල්පෝනීය.) 4 මීට අමතරව ඔහුට පෙනුයෙල් හා එෂෙර් යන නමින් පුත්රයෝ දෙදෙනෙක් සිටියෝය. පෙනුයෙල්ගේ පුත්රයා ගෙදොර්ය.+ එෂෙර්ගේ පුත්රයා හූෂාය. බෙත්ලෙහෙම්+ නුවරේ ප්රධානියාද එෆ්රාතාගේ කුලුඳුලාද වූ හූර්ගේ+ පුත්රයෝ මොවුහුය. 5 තෙකෝවා+ නම් නුවරේ ප්රධානියා වූ අෂ්හූර්ට+ හේලා සහ නයරා යන නම්වලින් භාර්යාවෝ දෙදෙනෙක් සිටියෝය. 6 ඔහුට දාව නයරාට උපන් පුත්රයන් නම් අහුස්සම්, හේෆෙර්, තේමෙනී සහ හයහෂ්තාරිය. 7 හේලාගේ පුත්රයන් නම් ෂෙරෙත්, ඉෂ්හාර් සහ ඒතන්ය. 8 කොෂ්ගේ පුත්රයන් නම් අනුබ් හා ෂොබේබාය. මීට අමතරව හාරුම්ගේ පුත් අහර්හෙල්ගෙන් පැවතෙන අය පැමිණියේද කොෂ්ගෙන්ය.
9 යාබෙෂ්ට+ ඔහුගේ සහෝදරයන්ට වඩා වැඩි ගෞරවයක් හිමි විය.+ ඔහුට එම නම තබන ලද්දේ ඔහුගේ මව විසිනි. ඇයද, “මා ඔහුව බිහි කළේ මහත් වේදනාවක් විඳිමිනුයි”+ කියා පවසමින් ඔහුට ඒ නම තැබුවාය. 10 යාබෙෂ් ඊශ්රායෙල්හි දෙවිට කන්නලව් කරමින්+ මෙසේ පැවසීය. “අනේ දෙවියනි, මට ආශීර්වාද කරන්න.+ මට තවත් ප්රදේශ+ ලබාගන්න උපකාර කරන්න. ඔබේ රැකවරණය මට ලබා දෙන්න.+ මට හිංසාවක් නොවන පිණිස+ මාව විපත්වලින් ආරක්ෂා කරන්න.”+ ඔහු ඉල්ලූ දේ දෙවි ඉටු කළේය.+
11 ෂුහාගේ සහෝදරයා වූ කේලුබ්ගේ පුත්රයා මෙහීර්ය. ඔහුගේ පුත්රයා එෂ්තොන්ය. 12 එෂ්තොන්ගේ පුත්රයන් නම් බෙත්-රාෆා, පාසේයා සහ තෙහින්නාය. තෙහින්නා ඉර්-නාහාෂ්ගේ පියාය.* මොවුන් සියල්ලෝම රේකා නම් ප්රදේශයෙහි පුරුෂයෝය. 13 කෙනෂ්ගේ පුත්රයන්+ නම් ඔත්නියෙල්+ සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්රයා හාතාත්ය. 14 මෙයෝනොතයිගේ පුත්රයා ඔෆ්රාය. සෙරායාට යෝවාබ් නමින් පුත්රයෙක් සිටියේය. ඔහු ගෙ-හරෂිම් නම් තැනිතලාවේ පදිංචි වී සිටි අයගේ ප්රධානියා විය. ඔවුහු විවිධ ක්ෂේත්රවල නියැලුණු ශිල්පීහු වූහ.+
15 යෙෆුන්නෙගේ+ පුත්රයා වූ කාලෙබ්ගේ+ පුත්රයන් නම් ඊරු, ඒලාහ් සහ නයම්ය. ඒලාහ්ගේ පුත්රයා කෙනෂ්ය. 16 යෙහල්ලෙලෙල්ගේ පුත්රයන් නම් ෂිප්, ෂීපා, තිරියා සහ අසරෙල්ය. 17 එස්රාහ්ගේ පුත්රයන් නම් යෙතෙර්, මෙරෙද්, ඒෆෙර් සහ යාලොන්ය. ඔහුගේ තවත් භාර්යාවකට මිරියම්, ෂම්මයි සහ ඉෂ්බා උපන්නෝය. ඉෂ්බාගේ පුත්රයා එෂ්තෙමෝවාය.+ 18 මෙරෙද්ගේ යුදෙව් ජාතික බිරිඳට උපන් පුත්රයෝ නම් යෙරෙද්, හෙබෙර් සහ යෙකූතියෙල්ය. යෙරෙද්ගේ පුත්රයා ගෙදොර්ය. හෙබෙර්ගේ පුත්රයා සෝකෝය. යෙකූතියෙල්ගේ පුත්රයා ෂානොවාය. මෙරෙද් විවාහ කරගත් පාරාවෝගේ දුව වූ බිතියාටද පුත්රයෝ සිටියෝය.
19 හෝදියාගේ බිරිඳ නහම්ගේ සහෝදරියය. හෝදියාට දාව ඇයට උපන් පුත්රයන් නම් ගාමීවරයෙකු වූ කෙයිලාහි+ ප්රධානියා සහ මයකාත්වරයෙකු වූ එෂ්තෙමෝවාය. 20 ෂිමොන්ගේ පුත්රයන් නම් අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂීගේ පුත්රයන් නම් සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය.
21 යූදාගේ පුත් ෂේලාට+ ඒර් සහ ලයෙදා යන නම්වලින් පුත්රයෝ සිටියෝය. ඒර්ට ලේකා යන නමින් පුත්රයෙක් සිටියේය. ලයෙදාට මරේෂාහ් යන නමින් පුත්රයෙක් සිටියේය. අෂ්බෙයා නම් පෙළපත පැවතෙන්නේ ෂේලාගෙන්ය. එම පෙළපත ප්රසිද්ධව සිටියේ සිහින් රෙදි වියන්නන්+ ලෙසය. 22 ඔහුගේ පුත්රයන් අතර යෝකීම්ද, මෝවබ් ජාතික ස්ත්රීන් විවාහ කරගත්+ යෝවාෂ්, සාරාෆ් හා යාෂූබී-ලෙහෙම්ද සිටියෝය. මීට අමතරව ඔහුගේ පැවතෙන්නන් අතර කොෂේබාහි විසූ පුරුෂයෝද සිටියෝය. මෙම තොරතුරු ලැබී ඇත්තේ ඉපැරණි වාර්තාවලිනි.+ 23 නෙතායිම් සහ ගෙදේරා යන ප්රදේශවල වාසය කරමින් රජුට සේවය කළ ඔවුහු+ සියලුදෙනා කුඹල්කරුවෝය.+
24 සිමියොන්ගේ පුත්රයන් නම් නෙමුවෙල්,+ යාමින්,+ යාරිබ්, සේරා සහ ෂාවුල්ය.+ 25 ෂාවුල්ගේ පුත්රයා ෂල්ලුම්ය. ඔහුගේ පුත්රයා මිබ්සාම්ය. මිබ්සාම්ගේ පුත්රයා මිෂ්මාය. 26 මිෂ්මාගේ පුත්රයා හම්මුවෙල්ය. ඔහුගේ පුත්රයා සක්කූර්ය. ඔහුගේ පුත්රයා ෂිමෙයිය. 27 ෂිමෙයිට පුත්රයෝ දහසයදෙනෙක්ද දූවරු හයදෙනෙක්ද සිටියෝය. එනමුත් ඔහුගේ සහෝදරයන්ට බොහෝ පුත්රයෝ සිටියේ නැත. යූදාගේ පුත්රයන් තරම් ඔවුන්ගේ කිසි පවුලකට පුත්රයෝ නොසිටියෝය.+ 28 ඔවුහු දිගටම බෙයර්-ෂෙබා,+ මොලාදා+ සහ හෂර්-ෂුවාල්+ යන නුවරවලද 29 බිල්හා,+ ඒෂෙම්+ සහ තෝලද්+ යන නුවරවලද 30 බෙතුයෙල්,+ හොර්මා+ සහ ෂික්ලග්+ යන නුවරවලද 31 බෙත්-මර්කාබොත්, හෂර්-සූසිම්,+ බෙත්-බිරි සහ ෂායරයිම්+ යන නුවරවලද වාසය කළෝය. දාවිත් රජකම් කළ කාලය දක්වා මේ නුවරවල් ඔවුන් සතු විය.
32 ඔවුන් පදිංචිව සිටියේ ඒටාම්, ආයින්, රිම්මොන්, තෝකන් සහ ආෂාන්+ යන නුවරවල් පහ අවටය. 33 ඔවුන් පදිංචි වූ එම ස්ථාන බාල් නුවර+ දක්වා විහිදී තිබිණ. ඔවුන් වාසය කළ ස්ථාන හා ඔවුන්ගේ පෙළපත් වාර්තා එලෙස දැක්විය හැක. 34 සිමියොන්ගෙන් පැවත ආ අය අතර මෙෂෝබාබ්ද යම්ලෙක්ද අමෂියාගේ පුත් යෝෂාද 35 යෝවෙල්ද අසියෙල්ගේ පුත්රයා වන සෙරායාගේ පුත් යොෂිබියාගේ පුත්රයෙකු වන යේහුද 36 එලියෝනේයයිද යයකොබාද යෙෂෝහායාද අසායාද අදියෙල්ද යෙසිමියෙල්ද බෙනායාද 37 ෂෙමායාගේ පුත්රයා වන ෂිම්රිගේ පුත් යෙදායාගේ පුත්රයෙකු වන අල්ලොන්ගේ පුත්රයා වන ෂීෆීගේ පුත් සීසාද සිටියෝය. 38 ඉහත සඳහන් වූ ඔවුහු ඔවුන්ගේ පවුල්වල ප්රධානීන් ලෙස කටයුතු කළෝය.+ ඔවුන්ගේ පෙළපතද බොහෝ සෙයින් වැඩි විය. 39 ඔවුහු තම සතුන්ට තණබිම් සොයමින් තැනිතලාවේ නැඟෙනහිර අන්තයට ගොස් ගෙදොර් නම් නුවරට ඇතුල් වන ස්ථානය දක්වා පැමිණියෝය. 40 කල් යත්ම ඔවුහු සරු තණබිම් සොයාගත්තෝය.+ එය ඉතා විශාල මෙන්ම නිස්කලංක ප්රදේශයක් විය.+ අතීතයේ එහි වාසය කළේ හාම්ගෙන් පැවතෙන අයයි.+ 41 ඉහත සඳහන් වූ අය යූදාහි රජු වූ හෙසකියාගේ+ සමයේදී පැමිණ හාම්වරුන්ගේ කූඩාරම්වලට හා මෙයූනිවරුන්ට පහර දී+ ඔවුන්ව සහමුලින්ම විනාශ කළෝය.+ අද පවා ඒ පිළිබඳව සාක්ෂි දැකගත හැකිය. ඉන්පසු ඔවුහු ඒ ප්රදේශයේ වාසය කළෝය. එසේ කළේ ඔවුන්ගේ සත්ව රැළවලට තණබිම් එම ප්රදේශයේ තිබුණු නිසාය.+
42 ඔවුන් අතරින් සිමියොන්ගේ පුත්රයෝ කිහිපදෙනෙක් එනම්, පුරුෂයෝ පන්සියදෙනෙක් සේයිර් කන්දට+ ගියෝය. ඔවුන්ට පෙරටුවෙන් පෙලතියා, නෙයරියා, රෙෆායා, උස්සියෙල් සහ ඉෂීගේ පුත්රයෝ ගියෝය. 43 ඔවුහු අමලෙක්වරුන්ගෙන්+ ඉතුරු වූ අයට පහර දුන්නෝය. අද දක්වා ඔවුහු එහි වාසය කරති.