2 ලේකම්
13 අබියා යූදාහි රජකමට පත් වූයේ යෙරොබොවම් රජු රජකම් කළ දහඅටවන අවුරුද්දේදීය.+ 2 ඔහුගේ මවගේ නම මිකායාය.*+ ඇය ගිබෙයා නම් නුවරේ+ විසූ උරියෙල්ගේ දියණියයි. අබියා යෙරුසලමේ සිට අවුරුදු තුනක් පාලනය කළේය. ඒ කාලය අතරතුර අබියා රජු සහ යෙරොබොවම් රජු අතර යුද්ධ පැවතිණ.+
3 අබියා රජ, තෝරාගත් බලසම්පන්න සෙබළුන් හාරලක්ෂයක් සමඟ යුද්ධයට ගියේය.+ යෙරොබොවම් රජද තෝරාගත් එඩිතර හා බලසම්පන්න සෙබළුන් අටලක්ෂයක් සමඟ ඔහුට විරුද්ධව යුද්ධයට පැමිණියේය.+ 4 එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ+ පිහිටි ෂෙමරායිම් නම් කන්ද මත සිටගත් අබියා රජ මෙසේ පැවසුවේය. “යෙරොබොවම් ඇතුළු ඊශ්‍රායෙල් සෙනඟෙනි, මට සවන් දෙන්න. 5 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා දාවිත් රජු සමඟ ස්ථිර ගිවිසුමක්*+ ඇති කරගත් බව ඔබට මතක නැද්ද?+ දෙවි ඒ ගිවිසුම මගින් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත්+ ඊශ්‍රායෙල්හි රජකම සදහටම භාර දුන්නා.+ 6 නමුත් දාවිත්ගේ පුත් සලමොන්ගේ සේවකයෙකු වූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම්+ තම ස්වාමියාට විරුද්ධව+ කැරලිගැසුවා.+ 7 කිසි වැඩකට නැති පිරිසක්+ ඔහු වටා එක් රොක් වෙන්න පටන්ගත්තා. කල් යත්ම සලමොන්ගේ පුත් රෙහබෝවම්ට වඩා ඔවුන් බලවත් වුණා. රෙහබෝවම් රජු+ අද්දැකීම් අඩු+ තරුණයෙක් වූ නිසා ඔවුන්ව මැඩපැවැත්වීමට ඔහුට හැකි වුණේ නැහැ.
8 “දැන් ඔබ සියලුදෙනා පැමිණ සිටින්නේ යෙහෝවා දෙවිගේ රාජ්‍යය නියෝජනය කරන දාවිත් රජුගේ පුත්‍රයන්ගේ පාලනයට විරුද්ධව නැඟී සිටින්නයි.+ ඒ සඳහා ඔබ සමඟ විශාල සෙනඟක් සිටිනවා.+ ඔබ දෙවිවරුන් ලෙස සලකන, යෙරොබොවම් සෑදූ රන් වස්සන් දෙදෙනාගේ උපකාරයද ඔබට තිබෙනවා කියා ඔබ සිතනවා.+ 9 ඔබ ආරොන්ගේ පුත්‍රයන් වන යෙහෝවා දෙවිගේ පූජකයන්ව+ හා ලෙවීවරුන්ව පලවාහැරියා. එසේ කළ ඔබ වෙනත් ජාතීන් සිදු කළ ආකාරයටම ඔබ අතර සිටි ඕනෑම කෙනෙකුව පූජකයන් ලෙස පත් කරගත්තා.+ කිසි කමකට නැති දෙවිවරුන්ගේ+ පූජකයෙක් වෙන්න කැමති නම් ඒ සඳහා ඔවුන් කළ යුත්තේ වස්සෙක් හා බැටළුවන් සත්දෙනෙක්ව රැගෙන ඒම පමණයි. 10 නමුත් අපි නමස්කාර කරන්නේ අපේ දෙවි යෙහෝවාට පමණයි.+ අපි ඔහුව අත්හැර නැහැ. ආරොන්ගේ පුත්‍රයන් තවමත් යෙහෝවා දෙවිගේ පූජකයන් ලෙස සේවය කරනවා. ලෙවීවරුන්ද තමන්ගේ කාර්යයන් ඉටු කරමින් සිටිනවා.+ 11 ඔවුන් සෑම දිනකම උදේ හවස යෙහෝවා දෙවිට දවන පූජා+ සහ සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරනවා. පවිත්‍ර රනින් සෑදූ මේස මත දෙවි ඉදිරියේ රොටි තබනවා.+ ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙවිගේ ගෘහයේ තිබෙන රන් පහන් රුක්වල+ පහන් සෑම සවසකම දල්වනවා.+ අපි මේ දේවල් කරන්නේ අපේ දෙවි යෙහෝවාගේ ආඥාවලට කීකරු වීමක් හැටියටයි.+ නමුත් ඔබ දෙවිව අත්හැර දෙවිගේ ආඥාවලට පිටු පෑවා.+ 12 අපි යුද්ධයට ඇවිත් සිටින්නේ සැබෑ දෙවි සමඟයි.+ ඔහුගේ පූජකයනුත් අප සමඟ සිටිනවා.+ හොරණෑ නාද කරමින්+ ඔබට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුනි, ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව සටන් කරන්න එපා.+ ඔබ එසේ කළොත් ඔබේ පරාජය නියතයි.”+
13 මේ අතර යෙරොබොවම් රජ යූදාහි හමුදාවට පිටුපසින් පහර දීම සඳහා භට පිරිසක්ව රහසින් යැවීය. මෙසේ යූදාහි හමුදාව යෙරොබොවම් රජුගේ හමුදාවට දෙපැත්තෙන්ම කොටු විය.+ 14 තමන් දෙපැත්තෙන්ම කොටු වී සිටින බව දුටු යූදා හමුදාව+ යෙහෝවා දෙවිගේ උපකාර ඉල්ලා ඔහුට කන්නලව් කිරීමට පටන්ගත්තෝය.+ ඒ අතරතුර පූජකයෝ මහත් හඬින් හොරණෑ නාද කළෝය. 15 යූදාහි මනුෂ්‍යයෝ මහත් හඬින් ඝෝෂා නැඟූහ.+ ඔවුන් එසේ කළ විට සැබෑ දෙවි, අබියා සහ යූදාහි සියලුදෙනා ඉදිරිපිටදීම යෙරොබොවම් රජුවද මුළු ඊශ්‍රායෙල් සේනාවද+ පරාජය කළේය.+ 16 පලා යන ඊශ්‍රායෙල්වරුන්ව දෙවි යූදා හමුදාව අතට හසු කර දුන්නේය.+ 17 අබියා රජ සහ ඔහුගේ සෙබළු ඔවුන්ට පහර දී බොහෝදෙනෙකුව මරා දැමුවෝය. මේ යුද්ධයේදී ඊශ්‍රායෙල්වරුන් අතරේ සිටි යුද්ධයට දක්ෂ පුරුෂයෝ පන්ලක්ෂයක් මිය ගියෝය. 18 එය ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රබල පහරක් විය. යූදාහි මනුෂ්‍යයන් ජය ගත්තේ ඔවුන් තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+ 19 යෙරොබොවම් රජු පසුපස අබියා රජ ලුහුබැඳ ගිය අතර ඔහු යටතේ තිබූ නුවරවල් කිහිපයක්ද අල්ලාගත්තේය. ඒවා නම් බෙතෙල්+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්, යෙෂානා සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්, එෆ්‍රායින් සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ය.+ 20 අබියා රජුගේ පාලන සමයේදී යෙරොබොවම් රජුට නැවත තම බලය තහවුරු කරගැනීමට නොහැකි විය.+ යෙහෝවා දෙවි යෙරොබොවම් රජුට පහර දුන් නිසා+ ඔහු මිය ගියේය.
21 අබියා රජ තම බලය තව තවත් තහවුරු කරගත්තේය.+ කල් යත්ම ඔහු භාර්යාවන් දාහතරදෙනෙකුව විවාහ කරගත් අතර+ ඔහුට දාව පුත්‍රයෝ විසිදෙදෙනෙක්ද+ දූවරු දහසයදෙනෙක්ද උපන්නෝය. 22 අබියා කළ වෙනත් දේවල් ගැනද ඔහුගේ ගතිපැවතුම් ගැනද ඔහු පැවසූ දේවල් ගැනද අනාගතවක්තෘ ඉද්දෝගේ ලේඛනයෙහි වාර්තා වී ඇත.+