2 ලේකම්
22 පසුව යෙරුසලමෙහි වැසියෝ ඔහුගේ බාලම පුත් අහසියාව*+ රජු ලෙස පත් කළෝය. (එයට හේතුව මීට පෙර අරාබි ජාතිකයන්+ සමඟ පැමිණි කොල්ලකරුවන් ඔහුගේ සියලුම වැඩිමල් පුත්‍රයන්ව මරා දැමීමය.)+ මෙසේ යෙහෝරම් රජුගේ පුත් අහසියා යූදාහි රජු ලෙස රජකම් කිරීමට පටන්ගත්තේය. 2 අහසියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුද්දක් පාලනය කළේය. ඔහුගේ මවගේ නම අතලියාය.+ ඇය ඔම්රීගේ මිනිපිරියකි.+
3 අහසියා රජද ආහබ්ගේ පවුලේ අය මෙන් දුෂ්ට දේවල් කළේය.+ ඒ දේවල් කිරීමට ඔහුව දිරිගැන්වූයේ ඔහුගේ මවය.+ 4 ඔහුගේ පියාගේ මරණයෙන් පසු ආහබ් රජුගේ පෙළපතෙන් පැමිණි අය ඔහුගේ උපදේශකයන් ලෙස කටයුතු කළ නිසා ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ ඒ නිසා භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔහුට සිදු විය. 5 ඔහු අනුගමනය කළේ ඔවුන් ලබා දුන් උපදෙස්ය.+ එහෙයින් ඔහු ආහබ්ගේ පුත්‍රයෙකු වූ ඊශ්‍රායෙල්හි රජු වන යෙහෝරම් සමඟ+ සිරියාවේ රජු වූ හසායෙල්ට+ විරුද්ධව යුද්ධ කිරීමට රාමොත්-ගිලියද් නුවරට+ ගියේය. නමුත් යුද්ධය අතරතුර යෙහෝරම් රජ සතුරන්ගේ ඊතල පහරට ලක් විය.+ 6 සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධව රාමා නුවරෙහි+ කළ යුද්ධයේදී එසේ තුවාල ලැබූ යෙහෝරම් රජ තම තුවාල සුව කරගැනීමට යෙෂ්‍රෙයෙල් නුවරට නැවත පැමිණියේය.+
තුවාල ලබා අසනීපයෙන් සිටි+ ආහබ්ගේ පුත් යෙහෝරම්ව+ බැලීමට යූදාහි රජු වූ යෙහෝරම්ගේ පුත්+ අෂරියාද*+ යෙෂ්‍රෙයෙල් නුවරට ගියේය. 7 දෙවි මෙම අවස්ථාව අහසියාව විනාශ කර දැමීමට+ යොදාගත්තේය.+ මන්ද යෙහෝවා දෙවි නිම්ෂිගේ මුනුපුරා වූ+ යේහුව අභිෂේක කර තිබුණේ+ ආහබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටය.+ ඒ අවස්ථාවේදී අහසියා රජ, යෙහෝරාම් රජු සමඟ යේහුව+ හමු වීමට ගියේය.+ 8 දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කරමින් ආහබ්ගේ පෙළපත විනාශ කිරීමට පියවර ගත් යේහු,+ ඔවුන් අතර යූදා රාජ්‍යයේ අධිපතීන්ද අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන්ද+ අහසියාගේ සේවකයන්ද සිටිනවා දැක ඔවුන්වද මරා දැමුවේය.+ 9 ඉන්පසු පලා ගිය අහසියා රජුව සෙවීමට යේහු පියවර ගත්තේය. සමාරියේ සැඟවී සිටි+ අහසියා රජුව අල්ලාගෙන+ යේහු ඉදිරියට ගෙනෙන ලදි. ඔවුහු අහසියා රජුව මරා දැමුවෝය. නමුත්, “මොහු, මුළු හදවතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතූ+ යෙහෝෂපාට් රජුගේ මුනුපුරෙක්”+ කියා පවසමින් ඔවුහු ඔහුව භූමදානය කළෝය.+ අහසියා රජුට පසු රජකම භාරගැනීමට ඔහුගේ පෙළපතේ කිසිවෙක් නොසිටියේය.
10 තම පුත්‍රයා වූ අහසියා මිය ගිය බව අතලියා+ දැනගත් විට යූදාහි රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+ 11 නමුත් ඊට කලින් යෙහෝරම් රජුගේ දියණියද අහසියා රජුගේ සහෝදරියද වූ යෙහෝෂබියත්,+ මරණයට නියම වූ රජුගේ පුත්‍රයන් සිටි ස්ථානයට ගොස් අහසියාගේ පුත් යෙහෝයාෂ්ව+ එතැනින් රැගෙන ගියාය. ඇය දරුවාවත් ඔහුගේ කිරි මවවත් අතලියාට සොයාගැනීමට බැරි වන ලෙස යහන් සහිත ඇතුල් කාමරයකට ගෙන ගියාය. මෙසේ යෙහෝරම් රජුගේ දියණිය+ හා පූජක යෙහෝයාදාගේ බිරිඳ වූ+ යෙහෝෂබියත් දරුවාව සඟවා තැබුවාය. ඒ නිසා දරුවාව මරා දැමීමට අතලියාට නොහැකි විය.+ 12 දරුවා වසර හයක් පුරා ඔවුන් සමඟ සැබෑ දෙවිගේ ගෘහයේ සැඟවී ඇතිදැඩි වූයේය.+ ඒ කාලයේදී දේශයේ රැජින ලෙස පාලනය කළේ අතලියාය.+