2 ලේකම්
32 හෙසකියා රජු විශ්වාසවන්තව ඒ වැඩකටයුතු අවසන් කර+ කලක් ගත වූ පසු ඇසිරියාවේ රජු වූ+ සෙනකෙරිබ්+ පැමිණ යූදා දේශය ආක්‍රමණය කළේය. එහි පිහිටි පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරවලට ඔහු ප්රහාරයන් දියත් කළ අතර+ ඔහුට අවශ්‍ය වූයේ ඒවා කෙසේ හෝ තමා යටතට ගැනීමය.
2 සෙනකෙරිබ් රජු යෙරුසලමට විරුද්ධව යුද්ධයට පැමිණි බව දුටු හෙසකියා රජ,+ 3 තමා යටතේ සේවය කළ අධිපතීන්ගේ+ හා එඩිතර පුරුෂයන්ගේ උපකාර ඇතුව නුවරෙන් පිටත තිබූ දිය උල්පත්+ වසා දැමීමට තීරණය කළේය. 4 එහෙයින් බොහෝදෙනෙක්, “අපි මොකටද ඇසිරියාවේ රජුට පහසුවෙන් වතුර ලබාගන්න ඉඩ දෙන්නේ” කියා පවසමින් දිය උල්පත් හා දේශය මැදින් ගලා ගිය දිය පහරවල් සියල්ල වසා දැමීමට එකතු වූහ.+
5 මුහුණ දෙමින් සිටි තත්වය හමුවේ හෙසකියා රජ එඩිතරව ක්‍රියා කළේය. ඔහු ගරාවැටුණු පවුර නැවතත් ගොඩනඟා+ ඒ මත මුරටැඹවල්ද+ පිටතින් තවත් පවුරක්ද ගොඩනැඟුවේය.+ ඔහු දාවිත්ගේ නුවර වටා පිහිටි ආරක්ෂක බැම්ම අලුත්වැඩියා කළ අතර+ බොහෝ ඊතලද+ පලිස්ද+ සෑදුවේය. 6 ඔහු සෙනඟ කෙරෙහි හමුදාපතීන්ව පත් කර,+ නුවරේ දොරටුව අසල තිබූ ප්‍රසිද්ධ ස්ථානයට ඔවුන්ව රැස් කළේය.+ පසුව රජ ඔවුන්ගේ සිත්වලට කාවදින ලෙස කතා කරමින්+ මෙසේ පැවසුවේය. 7 “නොසැලී ස්ථිරව ඉන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ ඇසිරියාවේ රජුටවත්+ ඔහු සමඟ ඉන්න සමූහයටවත්+ භය වෙන්න ඔබට කිසිම හේතුවක් නැහැ.+ ඔහු සමඟ ඉන්න සමූහයට වඩා බලවත් පිරිසක් අප සමඟ ඉන්නවා. 8 ඇසිරියාවේ රජු බලවත්ව ඉන්නේ ඔහුගේ හමුදාව නිසයි.+ නමුත් අපි වෙනුවෙන් සටන් කරන්නේ+ අපේ දෙවි වන යෙහෝවායි. ඔහු අපේ උපකාරයට ඉන්නවා.”+ යූදාහි රජු වූ හෙසකියාගේ එම වදන් අසා සිටි සියලුදෙනාම ඉන් මහත් ධෛර්යයක් ලැබුවෝය.+
9 මේ වන විට ඇසිරියාවේ රජු වූ සෙනකෙරිබ්+ තම මහත් සේනාව සමඟ+ ලාකිෂ්හි කඳවුරු බැඳගෙන සිටියේය.+ යූදාහි රජු වූ හෙසකියාටත් යෙරුසලමෙහි වාසය කළ සියලුම යුදෙව්වරුන්ටත් මේ දේ දන්වන ලෙස ඔහු තම පණිවිඩකරුවන්ව යෙරුසලමට පිටත් කර යැවීය.
10 “ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් පවසන්නේ මෙයයි.+ ‘අපි දැන් යෙරුසලම වටලලයි තියෙන්නේ. ඒත් ඔබ කිසිවක් නොකර නිහඬව ඉන්නේ කවුරුන් මත විශ්වාසය තබාගෙනද?+ 11 ඔබ හෙසකියා+ කියන දේවල් විශ්වාස කළොත් ඔබට සිද්ධ වෙන්නේ කන්න බොන්න නැතුව බඩගින්නෙම මැරිලා යන්නයි. “අපේ දෙවි යෙහෝවා ඇසිරියාවේ රජුගේ අතින් අපව බේරගනියි”+ කියමින් හෙසකියා ඔබව සනසවන්නේ බොරුවටයි.+ 12 හෙසකියා ඔහුගේ දේශයේ තිබූ පූජනීය ස්ථාන+ හා පූජාසන+ ඉවත් කළා නේද? “ඔබ නමස්කාර කළ යුත්තේත්+ සුවඳ දුම් ඔප්පු කළ යුත්තේත්+ එකම පූජාසනයක්+ ඉදිරියේ පමණයි” කියා යූදා හා යෙරුසලමෙහි වැසියන්ටත් කිව්වා නේද? 13 හෙසකියා ඔය දේවල් කිව්වට ඔබ අහලා නැද්ද මමත් මගේ මුතුන්මිත්තනුත් වෙනත් දේශවල හිටිය වැසියන්ට කළ දේවල් ගැන?+ ඒ දේශවල මිනිසුන්ටත් දෙවිවරුන් හිටියා. ඒත් ඒ එක් කෙනෙකුටවත්+ පුළුවන් වුණාද තමන්ගේ දේශය අපේ අතින් ගලවාගන්න? 14 ඔවුන් මගේ මුතුන්මිත්තන් අතින් අන්ත පරාජයක් අද්දැක්කා. ඔවුන්ට කොච්චර දෙවිවරුන් හිටියත් ඒ එක දෙවි කෙනෙකුටවත් පුළුවන් වුණාද තමන්ගේ ජනයාව මගේ අතින් බේරගන්න? එහෙමනම් මගේ අතින් ඔබව ගලවගන්න ඔබේ දෙවියන්ට පුළුවන් වෙයි කියා ඔබ හිතනවාද?+ 15 ඒ නිසා හෙසකියා කියන දේවල්වලට රැවටෙන්න එපා.+ ඔහු කියන දේවල් විශ්වාස කරන්න පුළුවන් කාටද? මගේ මුතුන්මිත්තන්ගෙන්වත් මගෙන්වත් බේරෙන්න කිසිම ජාතියකට හෝ රාජ්‍යයකට පුළුවන් වුණේ නැහැ. ඔවුන්ගේ එක දෙවි කෙනෙකුටවත් බැරි වුණා ඔවුන්ව බේරගන්න. ඉතින් ඔබව මගේ අතින් බේරගන්න ඔබේ දෙවියන්ට පුළුවන් වෙයි කියලා නම් කොහොමටවත් හිතන්න එපා.’”+
16 සෙනකෙරිබ්ගේ සේවකයෝ සැබෑ දෙවි වන යෙහෝවාට හා ඔහුගේ සේවකයා වූ හෙසකියාට විරුද්ධව තවත් බොහෝ දේවල් පැවසුවෝය.+ 17 සෙනකෙරිබ් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාව නින්දාවට පත් කරන ලෙස+ ලිපි පවා ලිව්වේය.+ ඒ ලිපිවල මෙසේ සඳහන් විය. “අවට ජාතීන්ගේ දෙවිවරුන්ට+ තම ජනයාව මගේ අතින් බේරාගත නොහැකි වූවා සේම+ හෙසකියාගේ දෙවියන්ටත් තම ජනයාව මගේ අතින් බේරාගැනීමට නොහැකිය.” 18 ඔවුහු+ පවුර මත සිටි යෙරුසලමේ වැසියන්ට ඇසෙන්න+ යුදෙව්වන්ගේ භාෂාවෙන්ම+ බොහෝ දේවල් පැවසුවෝය. ඔවුන් එසේ කළේ ඔවුන්ව බියට පත් කර+ නුවර අල්ලාගැනීමේ අරමුණෙනි. 19 මෙසේ ඔවුහු අවට දේශවල ජනයා ඔවුන් විසින්ම සාදාගෙන+ නමස්කාර කළ දෙවිවරුන් ගැන කතා කළ ආකාරයටම යෙරුසලමෙහි දෙවිට+ විරුද්ධවත් දිගින් දිගටම කතා කළෝය.+ 20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+
21 එවිට යෙහෝවා දෙවි දේවදූතයෙකු යවා,+ ඇසිරියාවේ රජුගේ කඳවුරේ සිටි+ අධිපතීන්, ප්‍රධානීන්, එඩිතර, බලසම්පන්න පුරුෂයන්+ ඇතුළු සියලුදෙනාවම සහමුලින්ම විනාශ කර දැමුවේය. එහෙයින් මහත් ලැජ්ජාවට පත් වූ සෙනකෙරිබ්ට නැවතත් සිය රට බලා හැරී යෑමට සිදු විය. දිනක් ඔහු තමන් වන්දනාමාන කරන දෙවියාගේ දේවාලයෙහි සිටිද්දී ඔහුගේම දරුවෝ ඔහුට කඩුවෙන් පහර දී ඔහුව මරා දැමූහ.+ 22 හෙසකියා රජුව සහ යෙරුසලමෙහි වැසියන්ව ඇසිරියාවේ රජු වූ සෙනකෙරිබ්ගේද අන් සියල්ලන්ගේද අතින් යෙහෝවා දෙවි ගලවාගත්තේ එයාකාරයටය.+ ඉන්පසු දෙවි මුළු දේශයටම සාමය උදා කර දුන්නේය.+ 23 බොහෝදෙනෙක් යෙහෝවා දෙවි වෙනුවෙන් බොහෝ දේවල් රැගෙන+ යෙරුසලමට පැමිණි අතර යූදාහි රජු වූ හෙසකියාටද බොහෝ වටිනා දේවල් තෑගි කළෝය.+ එතැන් පටන් හෙසකියා රජුගේ කීර්තිය+ ජාතීන් අතරේ පතළ විය.
24 කලක් ගත වූ පසු හෙසකියා රජ අසනීප වී මරණාසන්න විය.+ එවිට ඔහු ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළේය.+ දෙවිද සිදු වීමට යන දේ ගැන ඔහුට පැවසූ අතර+ එය ස්ථිර කිරීමට ලකුණක්ද දුන්නේය.+ 25 එහෙත් පසු කාලයකදී හෙසකියා රජු තුළ උඩඟුකමක් ඇති විය.+ දෙවි තමා වෙනුවෙන් කළ සියලු දේ ඔහු අමතක කර දැමුවේය.+ ඒ නිසා ඔහුටත් යූදා දේශයටත් යෙරුසලමටත් විරුද්ධව දෙවිගේ උදහස ඇවුළුණි.+ 26 කල් යත්ම හෙසකියා රජද යෙරුසලමේ වැසියෝද තම උඩඟු ආකල්ප අත්හැර නිහතමානී වූහ.+ එහි ප්‍රතිඵලයක් ලෙස හෙසකියා රජුගේ පාලන සමය තුළදී යෙහෝවා දෙවිගේ උදහස ඔවුන් පිටට පැමිණියේ නැත.+
27 හෙසකියා රජු බොහෝ ධනයෙන් හා තේජසින් වැජඹුණේය.+ ඔහු රන්,+ රිදී, මැණික්,+ බෝල්සම් තෙල්,+ පලිස්+ සහ වෙනත් වටිනා දේවල්+ තැබීමට ගබඩා ඉදි කළේය. 28 ධාන්‍ය සඳහාද අලුතින් නිපදවූ වයින්+ සහ තෙල් සඳහාද ගබඩාවන් ඉදි කරන ලදි.+ ඔහු තමා සතු විවිධාකාර සතුන් සඳහාද එළු බැටළු රැළවල් සඳහාද ගාල් තැනුවේය.+ 29 ඔහු බොහෝ සත්ව රැළවල්ද අයිති කරගත්තේය.+ බොහෝ නුවරවල්ද ගොඩනැඟුවේය. එසේ දෙවි ඔහුට බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ 30 ගීහොන්+ නම් උල්පතෙන් ගලා ගිය+ එක් දිය පහරක් අවහිර කර,+ එම දිය පහර බස්නාහිර දෙසට සම්පූර්ණයෙන්ම හරවා එය දාවිත්ගේ නුවර තෙක් ගලා යෑමට සලස්වනු ලැබුවේද+ හෙසකියා රජු විසිනි. හෙසකියා රජු කළ සෑම කටයුත්තක්ම සාර්ථක විය.+ 31 කල් යත්ම බැබිලෝනියේ අධිපතීහු+ සිදු වූ පුදුමසහගත දේ ගැන විමසීමට+ ඔහු වෙතට නියෝජිත පිරිසක් එවූහ.+ හෙසකියා රජුගේ සිතේ සැබෑ තත්වය දැනගැනීම සඳහා+ සැබෑ දෙවි ඒ අවස්ථාවේදී ඔහුව අත්හැරියේය.+
32 හෙසකියා රජු කළ අනිකුත් දේවල්ද+ ඔහු දෙවිට පක්ෂපාතව* කටයුතු කළ ආකාරයද+ ආමොෂ්ගේ පුත් අනාගතවක්තෘ යෙසායාගේ අනාවැකි ඇතුළත්+ යූදා හා ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 33 කල් යත්ම හෙසකියා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ පෙළපතේ අයව තැන්පත් කළ ස්ථානයේ ඉහළින්ම පිහිටි කොටසේය.+ ඔහු මිය ගිය විට යූදා හා යෙරුසලමෙහි සියලුම වැසියෝ ඔහුට ගරුබුහුමන් දැක්වූවෝය.+ ඔහුට පසු ඔහුගේ පුත් මනස්සේ+ රජකමට පත් විය.