එස්තර්
5 තුන්වන දවසේදී+ එස්තර් බිසව රාජ වස්ත්‍රවලින් සැරසී+ රජුගේ නිවස ඉදිරිපිට තිබූ ඇතුල් මළුවට+ ගොස් එහි සිටගෙන සිටියාය. ඒ අවස්ථාවේදී රජ, ඔහුගේ නිවසට ඇතුල් වන දොරටුවට මුහුණ ලා තිබූ සිංහාසනයේ වාඩි වී සිටියේය. 2 මළුවේ සිටගෙන සිටි එස්තර් බිසවව දැක සතුටු වූ+ රජ, තම රන් යෂ්ටිය+ ඇය වෙතට දිගු කළේය. එවිට ඇය රජු ළඟට පැමිණ රන් යෂ්ටියේ ඉහළ කෙළවරට අත තැබුවාය.
3 රජ ඇයට කතා කර, “මගේ බිසව එස්තර්, ඔබට අවශ්‍ය කුමක්ද?+ ඒ දේ මට කියන්න. ඔබ මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත්+ මම එය ඔබට දෙනවා” කියා කීවේය. 4 එවිට එස්තර් බිසව රජුට මෙසේ කීවාය. “රජතුමනි, ඔබ මගේ ආරාධනාව පිළිගැනීමට කැමති නම් මම ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙන භෝජන සංග්‍රහයට+ හාමාන්+ සමඟ පැමිණෙන්න කියා ඉල්ලා සිටිනවා.” 5 එය ඇසූ පසු රජ සේවකයන්ට කතා කර මෙසේ කීවේය. “සේවකයෙනි, එස්තර් බිසවගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා හාමාන්ව ඉක්මනින් කැඳවන්න.”+ පසුව රජ, හාමාන් සමඟ එස්තර් බිසව සූදානම් කර තිබූ භෝජන සංග්‍රහයට ගියේය.
6 උත්සවයේ වයින් බොන අවස්ථාවේදී රජ එස්තර් බිසවගෙන් මෙසේ ඇසුවේය. “ඔබට අවශ්‍ය කුමක්ද?+ ඒ ගැන මට කියන්න. මම එය ඔබට දෙන්නම්. ඔබ මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මම ඔබට එය දෙනවා.” 7 එවිට එස්තර් බිසව මෙසේ පැවසුවාය. “රජතුමනි, මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. 8 මගේ ඉල්ලීම ඉටු කිරීමට තරම් මා ඔබේ කරුණාව දිනාගෙන තිබේ නම්+ මම හෙට සූදානම් කරන භෝජන සංග්‍රහයටත් හාමාන් සමඟ පැමිණෙන්න කියා ඔබෙන් ඉල්ලා සිටිනවා. එහිදී මගේ ඉල්ලීම මම ඔබතුමාට කියන්නම්.”+
9 එදින හාමාන් ඉතා ප්‍රීතියෙන්+ මාලිගාවෙන් පිටත්ව ගියේය. නමුත් රජුගේ දොරටුව අසල සිටි+ මොර්දෙකයි, තමා එතැනින් යන විට නැඟිට ආචාර කළේවත්+ තමාට කිසි භයක් පෙන්වූවේත්+ නැති බව දුටු විගස හාමාන් තුළ මහත් කෝපයක් ඇති විය.+ 10 නමුත් හාමාන් තමාට ඇති වූ කෝපය කිසිවෙකුට නොපෙන්වා තම නිවස බලා පිටත්ව ගියේය. පසුව ඔහු තම බිරිඳ වූ ෂෙරෙෂ්වද+ මිත්‍රයන්වද කැඳවා, 11 තමාගේ වත්පොහොසත්කම ගැනද+ තමාට සිටින බොහෝ පුත්‍රයන් ගැනද+ රජු අන් සියලු අධිපතීන්ට හා සේවකයන්ට වඩා උසස් තනතුරක් දී තමාව ගෞරවයට පත් කළ ආකාරය ගැනද+ ඔවුන් සමඟ පුරසාරම් දෙඩීය.
12 හාමාන් තවදුරටත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ඒ විතරක් නෙවෙයි එස්තර් බිසව සූදානම් කළ භෝජන සංග්‍රහයට මටත් ආරාධනාවක් ලැබුණා. ඇය ඒ සඳහා ආරාධනා කළේ රජුට හා මට විතරයි.+ හෙටත් ඇය භෝජන සංග්‍රහයක් පවත්වනවා.+ ඒ සඳහාත් රජතුමා සමඟ පැමිණීමට මට ආරාධනා කළා. 13 නමුත් යුදෙව්වෙක් වන මොර්දෙකයි රජුගේ දොරටුව අසල සිටින තාක් කල් මට මේ සියල්ල ලැබුණත් කිසි සතුටක් දැනෙන්නේ නැහැ.” 14 එවිට ඔහුගේ බිරිඳ වූ ෂෙරෙෂ් සහ ඔහුගේ මිත්‍රයෝ සියලුදෙනා ඔහුට මෙසේ කීවෝය. “රියන් පනහක් දිග කණුවක්+ සාදන්න කියා ඔබේ සේවකයන්ට අණ කරන්න. හෙට උදෑසන+ රජු වෙතට ගොස් මොර්දෙකයිව ඒ කණුවේ එල්ලිය යුතු බව රජුට පවසන්න.+ ඉන්පසු ඔබට ප්‍රීතියෙන් රජතුමා සමඟ භෝජන සංග්‍රහයට යන්න පුළුවන්.” ඔවුන් පැවසූ දේට හාමාන් සතුටු වී+ කණුවක් සාදන්න කියා තම සේවකයන්ට අණ කළේය.+