එස්තර්
7 එස්තර් බිසව සූදානම් කළ භෝජන සංග්‍රහයට අහෂ්වේරොෂ් රජ, හාමාන්+ සමඟ පැමිණියේය. 2 මේ දෙවන භෝජන සංග්‍රහයේදී ඔවුන් වයින් බොමින් සිටියදී+ රජ ඇගෙන් මෙසේ ඇසුවේය. “මගේ බිසව එස්තර්, ඔබට අවශ්‍ය කුමක්ද?+ ඒ ගැන මට කියන්න. මම එය ඔබට දෙන්නම්.+ ඔබ මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මම ඔබට එය දෙනවා.”+ 3 එවිට එස්තර් බිසව රජුට මෙසේ පිළිතුරු දුන්නාය. “රජතුමනි, මා ඔබේ කරුණාව දිනාගෙන තිබේ නම් මගේ ඉල්ලීම ඉටු කර දෙන්න. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මගේ ජීවිතයද+ මගේ සෙනඟගේ ජීවිතද+ බේරා දෙන ලෙසයි. 4 මන්ද, මාවත් මගේ සෙනඟවත් විකුණා තිබෙනවා.+ එසේ කර තිබෙන්නේ අපව සම්පූර්ණයෙන්ම විනාශ කර මරා දැමීමටයි.+ අපිව දාසකමට විකුණුවා නම්+ මට නිහඬව ඉන්න තිබුණා. නමුත් මේ මහා විපත සිදු වුණොත් ඉන් රජතුමාට මහත් පාඩුවක් සිදු වෙනවා. ඒ නිසා ඊට ඉඩ නොදිය යුතුයි.”
5 එය ඇසූ විගස අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවගෙන් මෙසේ ඇසීය. “එවැනි දෙයක් කරන්න තරම් එඩිතර වූ+ පුද්ගලයා කවුද?+ දැන් ඔහු කොහේද සිටින්නේ?” 6 එවිට එස්තර් බිසව, “ඒ සතුරා+ වෙන කවුරුත් නෙවෙයි මේ දුෂ්ට හාමාන්” යයි රජුට පැවසුවාය.
හාමාන්, රජු සහ බිසව ඉදිරිපිටදීම මහත් සේ කැලඹී භීතියට පත් විය.+ 7 ඒ අවස්ථාවේදී රජ මහත් සේ කෝප වී+ භෝජන සංග්‍රහය තිබූ ස්ථානයෙන් පිටත්ව මාලිගාවේ උයනට ගියේය. තමාට රජු අනිවාර්යයෙන්ම දඬුවම් කරන බව තේරුම්ගත්+ හාමාන් විගස එස්තර් බිසව ළඟට ගොස් තමාගේ ජීවිතය බේරා දෙන ලෙස කන්නලව් කළේය.+ 8 උයනේ සිට භෝජන සංග්‍රහය+ පැවැත්වූ ස්ථානයට රජ නැවත පැමිණි විට, එස්තර් බිසව හිඳගෙන සිටි යහන මත+ හාමාන් වැටී සිටිනවා දුටුවේය. එවිට රජ, “ඔබ මගේම නිවස තුළ මගේ බිසවව දූෂණය කරන්නද හදන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය. රජු එසේ කියා නිම වනවාත් සමඟම+ හාමාන්ගේ මුහුණ වසනු ලැබිණ. 9 එවිට රජුගේ නිලධාරියෙකු වූ+ හර්බොනා+ මෙසේ කීවේය. “රජුගේ ජීවිතය රැක දුන්+ මොර්දෙකයිව එල්ලා දැමීමට හාමාන් සෑදූ රියන් පනහක් දිග කණුවක්+ ඔහුගේ නිවසෙහි තිබෙනවා.” එවිට රජ, “සේවකයෙනි, ඒ කණුවෙම හාමාන්ව එල්ලන්න”+ කියා අණ කළේය. 10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය.