යෝබ්
13 “මේ සෑම දෙයක්ම මාගේ දෑසින් දුටුවෙමි.
මාගේ කනින් අසා තේරුම්ගත්තෙමි.
2 ඔබ දන්නා දේ මමත් දනිමි.
මා ඔබට වඩා පහත් කෙනෙකු නොවෙයි.+
3 අනේ, සියලු බලැති දෙවි සමඟ කතා කරන්න මට හැකි නම්!+
දෙවි සමඟ තර්ක කරන්න මට ඇත්නම් එය මාගේ සිතට මොන තරම් සැනසීමක්ද!
5 ඔබ කතා නොකර සිටින්නේ නම්
ඔබ ප්රඥාවන්තයන්යයි මට සිතන්න තිබිණ.+
6 මාගේ තර්කයන්ට හොඳින් සවන් දෙන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.+
මට අනුකම්පා කර මා කියන දේට ඇහුම්කන් දෙන්න.
7 ඔබ දෙවිගේ පැත්ත ගෙන මට විරුද්ධව දුෂ්ට දේ කියන්නහුද?
ඔබ දෙවි වෙනුවෙන් කතා කරමින් බොරු කියන්නහුද?+
8 ඔබ සැබෑ දෙවිගේ පැත්ත ගෙන+
ඔහු වෙනුවෙන් තර්ක කරන්නහුද?
9 ඔහු ඔබව සෝදිසි කර බැලූ විට ඔහු ඔබ ගැන සතුටු වෙයි කියා සිතනවාද?+
ඔබ උත්සාහ කරන්නේ මනුෂ්‍යයන්ව රවටන්නාක් මෙන් දෙවිවත් රවටන්නද?
10 ඔබ ඔහුගේ පැත්තට කතා කරමින්+ බොරු තර්ක විතර්ක යොදන්නේ නම්
ඔහු ස්ථිර වශයෙන්ම ඔබට තරවටු කරනු ඇත.+
11 එවිට ඔහුගේ බලමහිමය දැක ඔබ තුළ මහත් බියක් හටගනු ඇත.
ඔහු පැමිණි කල ඔබ තැතිගන්නහුය.+
13 නිහඬව සිට මට යමක් පවසන්න ඉඩ දෙන්න.
මට ඕනෑම දෙයක් සිදු වුණාවේ!
14 මා මාගේම ජීවිතයට හානියක් කරගන්නේ මන්ද?
මාගේ ජීවිතය අනතුරේ හෙළන්නේ කුමකටද?+
15 මා මැරෙන තුරාම මම දෙවි කෙරෙහි බලා සිටින්නෙමි.+
මම ඔහු ඉදිරියට ගොස් මා නිදොස් බව කෙසේ හෝ ඔප්පු කර පෙන්වන්නෙමි.
16 එවිට ඔහු මට ගැලවීම ලබා දෙනු ඇත.+
මන්ද දෙවිට ද්‍රෝහිව කටයුතු කරන කිසිවෙකුට ඔහු ඉදිරියට පැමිණිය නොහැක.+
17 මා පවසන දේට හොඳින් සවන් දෙන්න.+
ඔබේ දෙසවනට වැටෙන වචන ගැන හොඳට සිතා බලන්න.
18 මම මාගේ පැමිණිල්ල ඉදිරිපත් කළෙමි.+
මා නිවැරදි බව මට නිසැකවම කිව හැකිය.
19 මට විරුද්ධව චෝදනාවක් එල්ල කළ හැකි කෙනෙකු සිටීද?+
මා දැන් නිහඬව සිටියොත් මම මිය යනු ඇත.
20 ‘මම වෙනුවෙන් දේවල් දෙකක් පමණක් කරන මෙන් ඉල්ලමි.
එවිට ඔබ ඉදිරියෙන් මම සැඟවී නොයන්නෙමි.+
21 ඔබගේ අත මාගෙන් ඉවත් කර,
ඔබේ මහත් බලය පෙන්වමින් මාව බියට පත් නොකරන්න.+
22 මට හඬගසන්න. එවිට මම උත්තර දෙන්නෙමි.
එසේත් නැත්නම්, මා කතා කරන විට මට උත්තර දෙන මෙන් ඉල්ලමි.
23 මා කළ පාප හෝ මා අතින් සිදු වූ වැරදි හෝ මට කියා දෙන්න.
මා ඔබට විරුද්ධව යමක් කර ඇත්නම් මට එය පෙන්වා දෙන්න.
25 ඔබ සුළඟට ගසාගෙන යන කොළයක් පසුපස පන්නාගෙන යන්නෙහිද?
පිදුරු ගසක් පසුපස හඹා යන්නෙහිද?