යෝබ්
16 යෝබ් මෙසේ පිළිතුරු දුන්නේය.
2 “එවැනි කතා මා කොතෙකුත් අසා ඇද්ද?
ඔබ සියල්ලෝම ඇවිත් සිටින්නේ මාව සැනසීමට නොව මාගේ සිත බිඳ දැමීමටය.+
3 ඔබේ කිසි කමකට නැති කතාවලට අවසානයක් නැද්ද?+
ඔබ මෙතරම් සිත රිදවන වචන පවසන්නේ මන්ද?
4 ඔබත් මා සිටින තත්වයේම සිටියා නම්
ඔබ මෙන් කතා කරන්න මටත් තිබිණ.
සමච්චලයට හිස වනමින්+ ඔබට විරුද්ධව නොයෙකුත් දේ කියන්න මට තිබිණ.+
එහෙත් මා එසේ කරයි කියා ඔබ සිතන්නහුද?
5 මම සිත සනසන වචනවලින් ඔබව ශක්තිමත් කරන්නෙමි.+
ඔබේ වේදනාව සමනය කරන්නෙමි.
6 මා කොතරම් කතා කළත් මාගේ වේදනාව අඩු නොවෙයි.+
මා කතා නොකර සිටියත් මාගේ වේදනාව පහව නොයයි.
7 දෙවි මාගේ සිත ශෝකයෙන්+ පිරෙව්වේය.
ඔහු මාගේ සියලු ගෙවැසියන්ව අසරණ කළේය.
8 ඔහු මාව අල්ලාගෙන සිර කර තැබුවේය.
මාගේ සිරුර ඇට සැකිල්ලක් වී ඇත. එය මට විරුද්ධව සාක්ෂි+ දෙයි.
9 දෙවි මහත් කෝපයෙන් මාව කැබලි කොට ඉරා දැමුවේය. ඔහුගේ උදහස මට විරුද්ධව ඇවිළෙයි.+
ඔහු දත්මිටි කමින්+
මා දෙස කුරිරු බැල්මක් හෙළයි.+
10 බොහෝදෙනා මට විරුද්ධව රැස්ව සිටිති.+
ඔවුහු මාව ගිලගැනීමට මාන බලමින් සිටිති.+
මාගේ කම්මුලට ගසා මට නින්දා කරති.
11 දෙවි මාව තරුණයන්ගේ අතට භාර දුන්නේය.
දුෂ්ටයන් ඉදිරියට මාව තල්ලු කර දැමුවේය.+
12 මම නිස්කලංකව දිවි ගෙවමින් සිටියෙමි. එහෙත් ඔහු මා කැලඹුවේය.+
ඔහු මාව බෙල්ලෙන් අල්ලාගෙන පොළොවේ ගැසුවේය.
ඔහු මාවම ඉලක්ක කරගෙන සිටින්නේය.
13 ඔහු මට කිසිසේත් අනුකම්පා නොකරන්නේය.
ඔහුගේ දුනුවායෝ+ මා වට කරගත්තෝය.
ඔවුන්ගේ ඊතල මාගේ වකුගඩු පසාරු කරගෙන ගියේය.+ මාගේ පිත පවා පිටතට ගැලුවේය.
14 දෙවි බලවන්තයෙකු මෙන් මා පසුපස ඇවිත් පහර දෙන්නේය.+
මා යළි යළිත් ප්රහාරයට ලක් වූ කැඩී බිඳී ගිය පවුරක් මෙනි.
16 හැඬූ කඳුළු නිසා මාගේ මුහුණ රතු වී ඇත.+
දෙනෙත් අඳුරු වී ඇත.+
17 එනමුත් මම කිසිවෙකුට හානියක් සිදු කර නැත.
මාගේ යාච්ඤාද අවංකය.+
18 මා භූමියට කතා කර, මාගේ රුධිරය+ වසා නොගන්න කියාද
මාගේ විලාප හඬ සඟවා නොගන්න කියාද කියමි.
19 බලන්න! මා වෙනුවෙන් සාක්ෂි දෙන්නා සිටින්නේ ස්වර්ගයෙහිය.+
ඔහු ඉහළ ස්ථානයේ සිට මට පක්ෂව කතා කරන්නේය.
21 මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ කාරණා විසඳන්නාක් මෙන්
මිනිසාත් දෙවිත් අතරද කාරණයක් විසඳීමට තිබේ.+
22 මට තව ඉතුරුව ඇත්තේ ස්වල්ප දවසකි.
තව කෙටි කලකින් මම අවසන් ගමන් යන්නෙමි. ඒ ගමනෙන් යළි හැරී ඒමට මට නොහැකිය.+