යෝබ්
20 ඉන්පසු නයමාතිය ෂෝපර් මෙසේ පිළිතුරු දුන්නේය.
2 “ඔබට උත්තර දෙන තුරු මාගේ සිතට ඉවසුමක් නැත.
මාගේ සිත කැලඹී ඇත.
3 ඔබේ නින්දා බස් මාගේ කනට වැටිණ.
කිසි අවබෝධයක් නැති කෙනෙකුගේ කීම්වලට පිළිතුරු නොදී සිටින්නේ කොහොමද?
4 මිනිස් ඉතිහාසයේ ආරම්භයේ පටන්+
දේවල් මෙයාකාරයෙන් සිදු වන බව ඔබ දැන සිටියේ නැද්ද?
5 දුෂ්ටයා ප්‍රීති ඝෝෂා නඟන්නේ ඉතා සුළු මොහොතකටය.+
දෙවිට ද්‍රෝහිකම් කරන අයගේ සතුට තාවකාලිකය.
6 ඔහු හිස උදුම්මාගෙන අහස දක්වාම නැග්ගත්+
ඔහුගේ හිස වලාකුළු ස්පර්ශ කළත්
7 කසළ මෙන් ඔහු සදහටම නැති වී යන්නේය.+
ඔහුව හඳුනන අය, ‘ඔහු කොහේද’ කියා අසමින් ඔහුව සොයනු ඇත.+
8 එහෙත් ඔවුන්ට ඔහුව සම්බ වන්නේ නැත. ඔහු සිහිනයක් මෙන්ද
රාත්‍රියේ දකින දර්ශනයක් මෙන්ද නොපෙනී යන්නේය.+
9 ඔහුව දුටු කිසිවෙක් නැවත කිසිදා ඔහුව දකින්නේ නැත.+
ඔහුගේ නිවස තුළ ඔහුව යළි කිසිදා දකින්න ලැබෙන්නේ නැත.+
10 ඔහුගේ පුත්‍රයෝ දිලිඳුන්ව සතුටට පත් කිරීමට පෙලඹෙනු ඇත.
ඔහු අන් අයගෙන් ගත් වටිනා දේ යළි ඔවුන්ටම භාර දෙනු ඇත.+
11 ඔහු තරුණ ශක්තියෙන් පිරිපුන් කෙනෙකු වුවද
දූවිල්ලට හැරී යද්දී+ ඔහුගේ ශක්තියද ඔහු සමඟ පහව යන්නේය.
12 ඔහු නරක දේ මිහිරි දෙයක් සේ සලකමින්
දිව යට තබාගෙන සිටියද
13 උඩු තල්ලේ තබාගෙන
රස විඳිමින් සිටියද
14 එය කුස තුළට ගිය පසු ඔහුට අමිහිරි දෙයක් වනු ඇත.
එය නාග විෂ මෙන් වනු ඇත.
15 ඔහු කෑදරකමින් යමක් ගිල දමන්නාක් මෙන් ධන සම්පත් රැස් කරන නමුත් ඒ සියල්ල ඔහුට වමාරන්න සිදු වනු ඇත.
ඔහුගේ උදරයෙන් දෙවි ඒවා පිටතට ඇද දමන්නේය.
16 ඔහු නාග විෂ උරා බොන්නේය.
පොළඟාගේ දළෙන් මැරුම් කන්නේය.+
18 ඔහු වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති නොවිඳ ආපසු භාර දෙන්නේය.
ඔහු ලාභ උපයන නමුත් එයින් තෘප්තියට පත් නොවන්නේය.+
19 මන්ද ඔහු දුප්පතුන්ට හිංසා පීඩා කර ඔවුන්ව අසරණ කර තිබේ.
අනුන් සෑදූ නිවසක් ඔහු අයුතුකමින් පැහැරගෙන තිබේ.+
20 ඔහු මහත් ආශාවෙන් ධනය රැස් කරගත්තද ඔහුව ගලවාගන්න එයට බලයක් නැත.+
ඔහුගේ සිතට කිසිදා සැනසීමක් ලැබෙන්නේ නැත.
21 ඔහුට ගිල දමන්නට තවත් කිසිවක් ඉතුරුව නැත.
ඔහුගේ සමෘද්ධිය දිගු කල් පවතින්නේ නැත.
22 මොන තරම් ධන සම්පත් තිබුණද ඔහුගේ සිතට කිසි සැනසිල්ලක් නැත.+
සිදු විය හැකි සෑම විපතක්ම ඔහු පිටට පැමිණෙනු ඇත.
24 ඔහු යකඩ ආයුධයකින් බේරීමට පලා ගියද+
තඹ ඊතලයක් ඔහුගේ සිරුර පසාරු කරගෙන යන්නේය.
26 ඔහුගේ වස්තු සම්භාරය අඳුරේදී ගිලිහී යනු ඇත.
ඉබේම හටගත් ගින්නක් ඔහුව දවා දමනු ඇත.+
ඔහුගේ කූඩාරමේ ඉතුරු වන කිසිවෙක් ගැලවෙන්නේ නැත.
27 ස්වර්ගය ඔහු කළ වැරදි හෙළි කරනු ඇත.+
පොළොව ඔහුට විරුද්ධව නැඟී සිටිනු ඇත.
28 මහා වැස්සකට ඔහුගේ කූඩාරම ගසාගෙන යන්නේය.
දෙවි තම උදහස ප්‍රකාශ කරන දවසේදී මහා ජල කන්දරාවක් ඔහු මතට කඩා හැළෙන්නේය.+
29 දෙවිට විරුද්ධව ක්‍රියා කරන අයට ලැබෙන දඬුවම එයයි.
දුෂ්ටයන්ට දෙවිගෙන් ලැබෙන උරුමය එයයි.”+