යෝබ්
29 යෝබ් නැවත කාව්‍යමය ස්වරූපයෙන් කතා කරමින් මෙසේ කීවේය.
2 “මට පසුගිය මාසවලට නැවත හැරී යා හැකි නම් කොතරම් යහපත්ද!+
ඒ කාලයේදී මට දෙවිගේ රැකවරණය තිබිණ.+
3 ඔහුගේ පහන මාගේ හිසට ඉහළින් දැල්විණ.
ඔහු දෙන ආලෝකය නිසා මම අඳුර මැදින් ගමන් කළෙමි.+
4 මාගේ ජීවිතයේ හොඳම කාලයට මට නැවත හැරී යා හැකි නම් කොතරම් හොඳද!+
ඒ කාලයේදී දෙවි සමීප මිතුරෙකු සේ මාගේ කූඩාරමේ සිටියේය.+
5 සියලු බලැති දෙවි මා ළඟින්ම සිටියේය.
මාගේ සේවකයෝද මාව වට කරගෙන සිටියෝය.
6 මා පය තැබූ තැන් වෙඬරුවලින් නැහැවී තිබිණ.
පර්වතවලින් තෙල් ගංගා ගලා ආවේය.+
7 ඒ දවස්වලදී මම නගරයේ දොරටුව අසලට ගොස්,+
ප්‍රධාන මංසන්ධියේ මාගේ ආසනය සූදානම් කළෙමි.+
8 තරුණයෝ මා දැක සැඟවුණෝය.
වැඩිහිටියෝ පවා මා දැක තම අසුන්වලින් නැඟිට්ටෝය.+
9 අධිපතියෝ කිසිවක් නොකියා
දෑතින් තම කට වසාගත්තෝය.+
10 නායකයෝද මා ඉදිරියේ කිසිවක් නොකීවෝය.
දිව උඩු තල්ලට ඇලී තිබෙන්නාක් මෙන් ඔවුහු නිහඬව සිටියෝය.+
11 මා ගැන ඇසූ දුටු අය මා ආශීර්වාද ලත් කෙනෙකුයයි පැවසුවෝය.
ඔවුන් ඉදිරියේ මම හොඳ නමක් දිනාගෙන සිටියෙමි.
12 මන්ද මාගෙන් උපකාර පැතූ දුප්පතුන්ට මම පිහිට වුණෙමි.+
පියා නැති දරුවන්ටද අසරණ වූ සියල්ලන්ටද මම අතහිත දුන්නෙමි.+
14 මම ධර්මිෂ්ඨකම වස්ත්‍රයක් මෙන් පැළඳගෙන සිටියෙමි.+
යුක්තිය සළුවක් මෙන්ද හිස් පළඳනාවක් මෙන්ද පැළඳගත්තෙමි.
15 අන්ධයන්ට මම දෙනෙත් මෙන්ද+
කොරාට දෙපා මෙන්ද වුණෙමි.
17 වැරදිකරුවන්ගේ හකු මම බිඳ දැමුවෙමි.+
ඔවුන් ගොදුරු කරගෙන සිටි අහිංසකයන්ව ඔවුන්ගේ කටින් ගලවාගත්තෙමි.
18 ඒ කාලයේදී මම මෙසේ සිතාගත්තෙමි. ‘මාගේ ජීවිතයේ දවස් වැලි කැට මෙන් වෙයි. මම දිගු ආයු කාලයක් භුක්ති විඳ+
මාගේම කැදැල්ලේ මිය යන්නෙමි.+
19 මා දිය උල්පත් දක්වා මුල් බැස ගිය,+
රෑ පින්නෙන් නැහැවී ගිය අතු තිබෙන ගසක් හා සමානය.
20 මාගේ ගෞරවය සැමදා පවතියි.
මාගේ දුන්න මම කිසිවිටෙක පහතට නොගන්නෙමි.’
21 ජනයා මා දෙන උපදෙස්වලට ආශාවෙන් සවන් දුන්නෝය.
මා අවවාද දුන් විට ඔවුහු නිහඬව අසාගෙන සිටියෝය.+
22 මා යමක් කියූ විට ඊට විරෝධය නොපෑවෝය.
මාගේ වචන ඔවුන්ගේ සිතට වැහි බිඳු මෙන් කාන්දු විය.+
23 වර්ෂාව වැටෙන තුරු බලා සිටින්නන් මෙන්ද+
වසන්ත කාලයේ වැසි වැටෙන තුරු ආශාවෙන් බලා සිටින්නන් මෙන්ද+ ඔවුහු මා එන තුරු බලා සිටියෝය.
24 මා ඔවුන් සමඟ සිනාසුණු විට ඔවුහු පුදුමයෙන් බලා සිටියෝය.
ඔවුන් මාගේ ප්‍රීතිය+ පහ කර දැමුවේ නැත.