යෝබ්
39 “පර්වතවල වෙසෙන කඳු එළුදෙනුන්ට පැටව් බිහි වන කාලය ඔබ දන්නවාද?+
මුවදෙන වේදනාවෙන් පැටවුන් බිහි කරන ආකාරය ඔබ දැක තිබෙනවාද?+
2 උන් කොතරම් කාලයක් ගැබ්බරව සිටිනවාද කියා ඔබ දන්නවාද?
උන් පැටවුන් බිහි කරන නිශ්චිත දවස ඔබට කිව හැකිද?
3 උන් බිම වැතිර පැටවුන් බිහි කර
ප්රසව වේදනාවෙන් නිදහස් වෙති.
4 උන්ගේ පැටව් වනළැහැබේ වැඩී ශක්තිමත් වෙති.
පසුව උන් තම දෙමාපියන්ව අත්හැර යති.
5 සීබ්රාවුන්ට+ නිදැල්ලේ දුවන්න ඉඩ දුන්නේ කවුද?
කැලෑ බූරුවන්ගේ බැඳුම් ලිහා දැමුවේ කවුද?
6 මම පාළුකරය උන්ගේ නිවහන ලෙසත්
ලුණු සහිත ප්රදේශය උන්ගේ වාසස්ථානය ලෙසත් දුනිමි.+
7 කැලෑ බූරුවා ඝෝෂාකාරී නගර ගණනකටවත් ගන්නේ නැත.
ඌ පසුපස එළවාගෙන එන්නාගේ ශබ්දයවත් ඌට ඇසෙන්නේ නැත.+
9 කුළු හරකා ඔබට යටත් වනු ඇද්ද?+
රාත්රියේ ඌ ඔබේ සත්ව ගාලේ ලගිනු ඇද්ද?
10 කුළු හරකාව ලණුවකින් බැඳ, කෙතේ වැඩ සඳහා යොදාගැනීමට ඔබට පුළුවන්ද?
ඌ ඔබේ වගාබිම්වල පස් පෙරළා දෙනු ඇද්ද?+
11 ඌ සතු මහත් ශක්තිය ප්රයෝජනයට ගෙන
ඌ ලවා ඔබේ බර වැඩ කරවාගත හැකිද?
12 ඌ ඔබේ අස්වැන්න එකතු කර,
එය කමතට රැගෙන යයි කියා ඔබට බලාපොරොත්තු විය හැකිද?
13 පැස්බරා ප්රීතියෙන් තටු සලා පියාඹනවාද?
ඌට මානකොකා+ මෙන් පියාඹන්න හැකියාව තිබෙනවාද?
14 පැස්බරධේනුව වැලි මත බිත්තර දමා
ඒවා උණුසුම් වීමට වැලිවල තබා යන්නීය.
15 නමුත් ඒවා මිනිසෙකුගේ හෝ
වනසතෙකුගේ හෝ පයට පෑගිය හැකි බව ඇයට සිහි නොවෙයි.
16 ඇය කිසි මව් සෙනෙහසක් නොමැතිව ඉතා නපුරු ලෙස පැටවුන්ට සලකන්නීය.+
ඇය උන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවන නිසා ඇගේ මහන්සිය වතුරේ යයි.
17 ඇය එසේ කටයුතු කරන්නේ දෙවි ඇයට ප්රඥාව නොදුන් නිසාය.
සිහිනුවණින් ක්රියා කිරීමට ඇයට හැකියාවක් නැත.+
18 ඇය අශ්වයා හා අසරුවා දෙස බලා සිනාසී
පියාපත් විදහා දුවන්නීය.
19 අශ්වයාට ශක්තිය ලබා දුන්නෙත්+
ලෙළ දෙන කේශරවලින් උගේ ගෙල සැරසුවෙත් ඔබද?
20 පළඟැටියෙකු මෙන් ඌට පනින්න සැලැස්වූයේ ඔබද?
උගේ මුවින් නික්මෙන හඬ බිය උපදවන්නේය.+
21 ඌ නොඉවසිල්ලෙන් තැනිතලාවේ දූවිලි අවුස්සමින්+ තම ශක්තිය ප්රදර්ශනය කළ පසු
සතුරු සේනාව වෙතට වේගයෙන් දිව යයි.+
22 ඌ භීතිය හමුවේ සිනාසෙයි. කිසිවිටෙක තැති නොගනියි.+
කඩුව දැක පලා නොයයි.
23 ඌ දිව යද්දී අසරුවාගේ ඊකොපුවෙන්ද
හෙල්ලයෙන්ද කුඩා හෙල්ලයෙන්ද හඬ නික්මෙයි.
24 ඌ හොරණෑවේ හඬ ඇසෙන තුරු මහත් ආශාවෙන් බලා සිටියි.
එය ඇසූ සැණින් ඌ වියරුවෙන් මෙන් එක පිම්මේ දිව යයි.
25 හොරණෑවේ හඬ ඇසෙද්දී ඌ මහත් ප්රීතියකින් හඬ නඟයි.
යුධ ඝෝෂාවත් සෙන්පතීන්ගේ අණ දෙන හඬත් දුර තියාම ඌට ඇසෙයි.+
26 පියාපත් විදහාගෙන, දකුණු දිශාවෙන් හමා එන සුළං රැල්ලත් සමඟ ඉහළට
නඟින්නේ කොහොමද කියා කුරුලුගොයාට කියා දුන්නේ ඔබද?
27 රාජාලියාට+ ඉහළට පියඹා යන්න කියාත්
උස් තැන්වල කැදලි තනන්න කියාත්+ අණ දුන්නේ ඔබද?
28 ඌ මහා පර්වතවල ලැගුම් ගනියි.
කිසිවෙකුට ළඟා විය නොහැකි ඒ පර්වත මුදුනටම ගොස් වාසය කරයි.
29 ඌ ඒ ස්ථානයේ සිටම ගොදුරු සොයයි.+
දුර ඈත තියාම ඌ ගොදුර දකියි.
30 මළ කඳන් කොතැනද ඌත් එතැනය.+
උගේ පැටව් ඒවායේ ලේ උරා බොති.”