යෝබ්
6 එවිට යෝබ් මෙසේ කීවේය.
2 “මාගේ වේදනාව+ කිරා,
මා මුහුණ දෙන සියලු විපත් තරාදියක දමා මැන බැලීමට හැකි නම්, ඒවා මොන තරම්ද කියා ඔබට වැටහෙනු ඇත.
3 ඒවා සාගරයේ වැලිවලටත් වඩා බරින් අධිකය.
එසේනම්, වියරු වැටුණු කෙනෙකු මෙන් මා කතා කිරීම පුදුමයක්ද?+
4 සියලු බලැති දෙවිගේ ඊගස් මාගේ ශරීරය පසාරු කරගෙන ගියේය.+
එහි විෂ මාගේ ශරීරය පුරාම දිව යයි.+
සිත සලිත කරවන සෑම විපතක්ම දෙවි මට විරුද්ධව ගෙනාවේය.+
5 තණකොළ තිබෙන තැනක සිබ්රාවුන්+ බෙරිහන් දෙයිද?
ගවයෙකු කෑම තිබියදී කෑගසයිද?
6 රස නැති දේ ලුණු නැතුව කයිද?
බිත්තර සුදු මදයේ කිසි රසයක් තිබේද?
7 කිසි රසයක් නැති එවැනි කෑම කන්න මම කොහෙත්ම කැමති නොවුණෙමි.
ඒවා දැකීම පවා මට පිළිකුලකි.*
8 අනේ, මා ඉල්ලූ දේ මට ලැබුණේ නම්,
දෙවි මාගේ පැතුම ඉටු කර දේ නම්, එය මොන තරම් සහනයක්ද!
9 දෙවි මාව පොඩි කර දමා,
ඔහුගේ අත ඉවතට ගෙන මාගේ ජීවිතය නැති කර දමන්නේ නම් එය කොතරම් හොඳද!+
10 එය මට සැනසිල්ලක් වනු ඇත.
සිත් වේදනාවෙන් මිරිකී සිටියත් මම ප්‍රීතියෙන්+ ඉපිල යන්නෙමි.
මන්ද ශුද්ධ තැනැත්තාණන්+ මට අනුකම්පා නොකළත් මම ඔහුගේ වචනය සියල්ලන්ට පැවසුවෙමි. මම කිසිවක් සැඟෙව්වේ නැත.+
11 දුක දරාගෙන සිටින්න මට තවත් ශක්තිය නැත.+
මට කිසි බලාපොරොත්තුවක්ද නැත. එසේනම්, මා තවත් ජීවත් වීමෙන් පලක් තිබේද?
12 ගල් වැනි වූ සවියක් මට තිබේද?
මාගේ ශරීරය තඹ මෙන් ශක්තිමත්ද?
13 මට දැන් සිතේ සවියද
කිසිවක් සාර්ථකව කරගැනීමට හැකියාවද නැත.
15 මාගේ සහෝදරයෝ මට ද්‍රෝහිව කටයුතු කළෝය.+
ඔවුන්, ශීත කාලයේදී ගලා බැස සැණෙකින් වියළී යන දිය පහරක් වැනිය.
16 දිය වී යන මිදුණු ජලයෙන්ද හිමවලින්ද
දිය දහරා පිරී ඉතිරී යන්නේය.
18 ඒවාට ස්ථිර ගමන් මඟක් නොමැත.
අවසානයේදී ඒවා වියළි බිමක් කරා ගොස් අතුරුදහන් වී යයි.
20 නමුත් ඔවුහු ලැජ්ජාවට පත් වූහ.
එම ස්ථානයට පැමිණි විට ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය.+
22 මා ඔබෙන් කිසිවක් ඉල්ලුවාද?
ඔබේ බලය හෝ ධනය හෝ යොදා මාව ගලවාගන්න කියා මා ඔබෙන් ඉල්ලුවාද?
23 මාගේ සතුරාගේ අතින් මා බේරාගන්න කියාවත්+
කුරිරු මිනිසුන් අතින් මාව මුදාවාගන්න කියාවත් මා ඔබට පැවසුවාද?+
26 බලාපොරොත්තු සුන් වූ අයෙකුගේ වචන+ සුළඟ හා සමානයි+ කියා ඔබ දන්නේ නැද්ද?
එසේනම් මා පවසන දේ ඔබ විවේචනයට ලක් කරන්නේ මන්ද?
27 ඔබ දාදු දමා පියා නැත්තාව+ අයිති කරගන්නේ නම්
එසේම, ඔබේ මිතුරාව පවා විකුණා කන්නේ නම් එය මට පුදුමයක් නොවෙයි.+
28 මොහොතකට මට සවන් දෙන්න.
මා ඔබේ මුහුණ බලාගෙන බොරු+ කියයිද?
29 ඔබ කියූ දේ ගැන නැවත සිතා බලන්න.
අයුක්තියක් සිදු නොවේවා! මා ධර්මිෂ්ඨ කෙනෙකු බව තේරුම්ගන්න.+
30 මා අධර්මිෂ්ඨ ලෙස කතා කරනවා කියා ඔබ සිතනවාද?
මාගේ විපතට හේතුව තේරුම්ගැනීමට මට හැකියාව නැද්ද?