ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
140 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගෙන් මාව බේරාගන්න.+
දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+
2 ඔවුහු සිතින් මට විරුද්ධව කූට සැලසුම් යොදති.+
යුද්ධ කරන්නාක් මෙන් ඔවුහු දවස මුළුල්ලේම මට පහර දෙති.+
3 ඔවුන්ගේ දිව් සර්ප දිවක් මෙන් තියුණුය.+
ඔවුන්ගේ මුවින් පිට වන වචන පොළොං විෂ මෙන් මාරාන්තිකය.+ සීලාහ්.
4 යෙහෝවා දෙවියනි, දුෂ්ටයාගේ අතින් මාව බේරාගන්න.+
දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+
මාව බිම හෙළා දැමීමට ඔවුහු කුමන්ත්රණය කරති.+
5 උඩඟු මිනිස්සු මට උගුලක් ඇටෙව්වෝය.+
මා යන එන පාරේ දැලක් එළා තැබුවෝය.+
මාව හසු කරගැනීමට ඔවුහු උගුල් අටවා තැබුවෝය.+ සීලාහ්.
6 “යෙහෝවා දෙවියනි, මාගේ දෙවි ඔබයි.+
එබැවින් මාගේ කන්නලව්වලට සවන් දෙන්න”+ කියා මම යෙහෝවා දෙවි වන ඔබට හඬගැසුවෙමි.
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ මට ගැලවීම සලසා දෙන බලවත් තැනැත්තා ඔබයි.+
යුධ පිටියේදී ඔබ මාගේ හිස, වැස්මකින් ආරක්ෂා කළෙහිය.+
8 යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ගේ ආශාවන් ඉටු කරගැනීමට ඉඩ නොදෙන්න.+
ඔවුන් තව තවත් උඩඟු නොවන පිණිස ඔවුන්ගේ උපායන් සාර්ථක වීමට ඉඩ නොදෙන්න.+ සීලාහ්.
10 ගිනි අඟුරු ඔවුන් පිට වැටේවා!+
නැවත ගොඩ ඒමට නොහැකි වන සේ ඔවුහු ගිනි ගොඩකට ඇද වැටෙත්වා!+ ගැඹුරු වතුර වළකට වැටෙත්වා!+