ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. මස්කිල්. දාවිත් අහිමෙලෙක්ගේ නිවසට ආ බව ඒදොම්වරයෙකු වූ දොවෙග් සාවුල්ට දැන්වීය. ඒ සිද්ධිය ගැන දාවිත් රචනා කළ ගීතයකි.+
52 බලවත් මනුෂ්‍යය, දෙවිගේ ප්‍රේමය* සැමදා පවතින බව ඔබ දැන සිටියේ නැද්ද?+
එසේනම් ඔබ කරන නපුරු දේවල් ගැන පුරසාරම් දොඩන්නේ මන්ද?+
2 ඔබේ දිව දැලි පිහියක් මෙන් මුවහත්ය.+ එය නිතරම යමෙකුව වේදනාවට පත් කිරීම සඳහා සැලසුම් යොදයි.
රැවටිලිකාරකමින් එය පිරී ඇත.+
5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+
ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+
ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්.
7 “මෙවැනි මනුෂ්‍යයෝ දෙවිව තම රක්ෂස්ථානය කර නොගෙන+
තමාගේ වස්තුව කෙරෙහි පමණක් විශ්වාසය තබති.+
ඔවුහු අනුන්ව අමාරුවේ දැමීමෙන් ශක්තියක් ලබති.”+