සංගීත අධ්යක්ෂක වෙතය. තත් භාණ්ඩ ඇතුව ගායනා කිරීම සඳහාය. මස්කිල්. ෂිප්හි වැසියෝ පැමිණ, “අප සිටින ස්ථානයට නුදුරින් දාවිත් සැඟවී සිටින බව ඔබ දන්නේ නැද්ද” කියා සාවුල්ගෙන් ඇසීය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.+
54 අනේ දෙවියනි, ඔබේ නාමය නිසා මාව ගලවාගන්න.+
ඔබේ බලය විදහා මට යුක්තිය ඉටු කර දෙන්න.+
2 දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+
මාගේ වදන්වලට සවන් දෙන්න.+
3 මන්ද මාගේ සතුරෝ මට විරුද්ධව නැඟී සිටිති.
කුරිරු පාලකයෝද මාව මරන්න සොයති.+
ඔවුහු කිසිවිටෙක දෙවිව ගණන් නොගනිති.+ සීලාහ්.
4 දෙවි මාගේ උපකාරකයාය.+
මට සහය දෙන්නන්ටද යෙහෝවා දෙවිගේ උපකාරය ලැබෙන්නේය.
5 මාගේ සතුරන්ගේ නපුරු ක්රියාවලට ඔහු දඬුවම් දෙන්නේය.+
දෙවියනි, ඔබ විශ්වාසවන්ත කෙනෙක් නිසා මාගේ සතුරන්ව නිහඬ කරන්න.+
6 මම කැමැත්තෙන්ම ඔබට පූජා ඔප්පු කරන්නෙමි.+
යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය පසසන්නෙමි. මන්ද එය යහපත්ය.+
7 මාගේ සතුරන්ගේ වැටීම මාගේ ඇස් දෙකෙන්ම මම දුටුවෙමි.+
සෑම විපතකින්ම ඔබ මාව ගලවාගත්තෙහිය.+