ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • නික්මයාම 3
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 3:1

පාදසටහන්

  • *

    රුවෙල් යන නමින්ද හඳුන්වන්නේ මොහුවය. නික් 2:18 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:16; 18:1
  • +විනි 1:16; 4:11
  • +නික් 24:13
  • +නික් 17:6; 1රාජා 19:8; මලා 4:4

නික්මයාම 3:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:16; ක්‍රියා 7:30

නික්මයාම 3:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:14; දානි 3:27; ක්‍රියා 7:31

නික්මයාම 3:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:4

නික්මයාම 3:5

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 5:15; ක්‍රියා 7:33

නික්මයාම 3:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:24; 32:9; මතෙ 22:32; ක්‍රියා 7:32

නික්මයාම 3:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:11; 6:5; ගීතා 106:44; යෙසා 63:9; ක්‍රියා 7:34

නික්මයාම 3:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:51
  • +ගණන් 13:27; ද්වි 27:3
  • +උත් 10:16; නික් 33:2; ද්වි 7:1; යොෂු 3:10; නෙහෙ 9:8

නික්මයාම 3:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:11

නික්මයාම 3:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:6; ගීතා 105:26; යෙසා 63:11; ක්‍රියා 7:34

නික්මයාම 3:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:12; 2සාමු 7:18; යෙරෙ 1:6

නික්මයාම 3:12

පාදසටහන්

  • *

    මූ.අ., “ලකුණ.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:23; යොෂු 1:5; යෙසා 41:10; රෝම 8:31; ෆිලි 4:13
  • +විනි 6:17
  • +නික් 19:2; ද්වි 4:11

නික්මයාම 3:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:3; 1සාමු 17:45; ගීතා 96:8; 135:13; හොෂෙ 12:5; මතෙ 21:9; යොහ 17:26; රෝම 10:13

නික්මයාම 3:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:45; යෝබ් 23:13; යෙසා 14:27; දානි 4:35; යොහ 12:28
  • +නික් 6:3, 7; රෝම 9:17

නික්මයාම 3:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:7; මතෙ 22:32
  • +උත් 26:24
  • +උත් 28:13
  • +ගීතා 135:13
  • +ගීතා 30:4; 102:12; හොෂෙ 12:5

නික්මයාම 3:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1; 48:15
  • +උත් 50:24; නික් 13:19; ගීතා 80:14; ලූක් 1:68

නික්මයාම 3:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:13; ලෙවී 26:13; නෙහෙ 9:9; ක්‍රියා 7:34
  • +උත් 15:16
  • +නික් 23:23
  • +ගණන් 13:27; ද්වි 8:7

නික්මයාම 3:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:31; 20:19
  • +උත් 14:13; 40:15; නික් 10:3
  • +නික් 5:3
  • +නික් 7:16; 8:27; 10:26

නික්මයාම 3:19

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ බලවත් හස්තය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:2; 7:4; 14:8; රෝම 9:17

නික්මයාම 3:20

පාදසටහන්

  • *

    නික් 3:19හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:15
  • +නික් 7:3; 12:33; ද්වි 6:22; ගීතා 135:9; ක්‍රියා 7:36

නික්මයාම 3:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 11:2; 12:35

නික්මයාම 3:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:14; නික් 12:36; ගීතා 105:37

වෙනත්

නික්. 3:1නික් 2:16; 18:1
නික්. 3:1විනි 1:16; 4:11
නික්. 3:1නික් 24:13
නික්. 3:1නික් 17:6; 1රාජා 19:8; මලා 4:4
නික්. 3:2ද්වි 33:16; ක්‍රියා 7:30
නික්. 3:3උත් 18:14; දානි 3:27; ක්‍රියා 7:31
නික්. 3:41සාමු 3:4
නික්. 3:5යොෂු 5:15; ක්‍රියා 7:33
නික්. 3:6උත් 26:24; 32:9; මතෙ 22:32; ක්‍රියා 7:32
නික්. 3:7නික් 1:11; 6:5; ගීතා 106:44; යෙසා 63:9; ක්‍රියා 7:34
නික්. 3:8නික් 12:51
නික්. 3:8ගණන් 13:27; ද්වි 27:3
නික්. 3:8උත් 10:16; නික් 33:2; ද්වි 7:1; යොෂු 3:10; නෙහෙ 9:8
නික්. 3:9නික් 1:11
නික්. 3:101සාමු 12:6; ගීතා 105:26; යෙසා 63:11; ක්‍රියා 7:34
නික්. 3:11නික් 6:12; 2සාමු 7:18; යෙරෙ 1:6
නික්. 3:12ද්වි 31:23; යොෂු 1:5; යෙසා 41:10; රෝම 8:31; ෆිලි 4:13
නික්. 3:12විනි 6:17
නික්. 3:12නික් 19:2; ද්වි 4:11
නික්. 3:13නික් 15:3; 1සාමු 17:45; ගීතා 96:8; 135:13; හොෂෙ 12:5; මතෙ 21:9; යොහ 17:26; රෝම 10:13
නික්. 3:14ලෙවී 11:45; යෝබ් 23:13; යෙසා 14:27; දානි 4:35; යොහ 12:28
නික්. 3:14නික් 6:3, 7; රෝම 9:17
නික්. 3:15උත් 17:7; මතෙ 22:32
නික්. 3:15උත් 26:24
නික්. 3:15උත් 28:13
නික්. 3:15ගීතා 135:13
නික්. 3:15ගීතා 30:4; 102:12; හොෂෙ 12:5
නික්. 3:16උත් 50:24; නික් 13:19; ගීතා 80:14; ලූක් 1:68
නික්. 3:16උත් 17:1; 48:15
නික්. 3:17උත් 15:13; ලෙවී 26:13; නෙහෙ 9:9; ක්‍රියා 7:34
නික්. 3:17උත් 15:16
නික්. 3:17නික් 23:23
නික්. 3:17ගණන් 13:27; ද්වි 8:7
නික්. 3:18නික් 4:31; 20:19
නික්. 3:18උත් 14:13; 40:15; නික් 10:3
නික්. 3:18නික් 5:3
නික්. 3:18නික් 7:16; 8:27; 10:26
නික්. 3:19නික් 5:2; 7:4; 14:8; රෝම 9:17
නික්. 3:20ගීතා 118:15
නික්. 3:20නික් 7:3; 12:33; ද්වි 6:22; ගීතා 135:9; ක්‍රියා 7:36
නික්. 3:21නික් 11:2; 12:35
නික්. 3:22උත් 15:14; නික් 12:36; ගීතා 105:37
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
නික්මයාම 3:1-22

නික්මයාම

3 මෝසෙස් මිදියන්හි පූජකයා වූ යෙත්‍රෝගේ*+ බෑනා+ විය. ඔහු යෙත්‍රෝගේ සත්ව රැළ බලාගත්තේය. පාළුකරයේ බටහිර දෙසට සතුන්ව ගෙන යද්දී ඔහු සැබෑ දෙවිගේ කන්ද+ වූ හොරෙබ්+ අසලට ආවේය. 2 ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා ඔහුට පෙනිණ.+ පඳුර ඇවිළෙමින් තිබුණත් එය නොදැවුණු බව ඔහු දුටුවේය. 3 එවිට, “මේක නම් මහා පුදුමයක්!+ කටු පඳුර දැවී නොයන්නේ ඇයි කියලා ගිහින් බලන්න ඕනේ” යයි මෝසෙස් සිතුවේය. 4 මෝසෙස් කටු පඳුර බැලීමට එන බව දුටු යෙහෝවා දෙවි පඳුර තුළින්, “මෝසෙස්! මෝසෙස්!” කියා ඔහුට කතා කළේය. මෝසෙස්ද, “මා මෙතැනය”+ කියා පිළිතුරු දුන්නේය. 5 එවිට දෙවි මෙසේ පැවසීය. “මෙතැනට ළං නොවන්න. ඔබ සිටගෙන සිටින්නේ ශුද්ධ භූමියකය. ඒ නිසා ඔබේ පාවහන් ගලවන්න.”+

6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය. 7 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.+ 8 ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි.+ ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙන යන්නෙමි.+ මම ඔවුන්ව කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට රැගෙන යන්නෙමි.+ ඒ දේශයේ ඔවුන්ට ඇති තරම් ඉඩකඩ තිබේ. 9 ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ දුක් ගැනවිලි මට ඇසිණ. ඊජිප්තුවරුන් ඔවුන්ට කරන පීඩා මම දුටුවෙමි.+ 10 එහෙයින් මම ඔබව පාරාවෝ වෙතට යවන්නෙමි. ඔබ ගොස් මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන්න.”+

11 එහෙත් මෝසෙස් සැබෑ දෙවිගෙන් මෙසේ ඇසුවේය. “මා වැනි කෙනෙකුට පාරාවෝ ළඟට යා හැකිද? ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට රැගෙන ඒමට මට පුළුවන්ද?”+ 12 එවිට දෙවි ඔහුට මෙසේ කීවේය. “මම ඔබ සමඟ සිටිමි.+ ඔබව යවන්නේ සැබෑ දෙවි වන මා බව ස්ථිර ලෙස ඔබ දැනගන්නා පිණිස මා ඔබට මේ පොරොන්දුව* දෙමි.+ ඔබ ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනා පසු ඔබ ඒ මුළු සෙනඟ සමඟ මේ කන්දේදී+ මට නමස්කාර කරනු ඇත.”

13 එහෙත් මෝසෙස් සැබෑ දෙවිගෙන් මෙසේ ඇසුවේය. “මම ඊශ්‍රායෙල් පුත්‍රයන් ළඟට ගොස්, ‘මාව ඔබ ළඟට එව්වේ ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි’ කියා ඔවුන්ට කියූ විට, ‘ඔහුගේ නම කුමක්ද’+ කියා ඔවුන් මගෙන් ඇසුවොත් මම ඔවුන්ට මොනවාද කියන්නේ?” 14 එවිට දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවේය. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.”+ දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මාව ඔබ ළඟට එව්වේ තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තාණන්ය.’”+ 15 දෙවි නැවතත් මෝසෙස්ට මෙසේ කීවේය.

“ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, එසේය ආබ්‍රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ+ දෙවි ඔබ වෙතට මාව එව්වේය.’ සදහටම මගේ නාමය එයයි.+ පරම්පරාවෙන් පරම්පරාවට+ මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය. 16 ඔබ ගොස් ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ව කැඳවා ඔවුන්ට මෙසේ කියන්න. ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වන ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි+ වූ යෙහෝවා මට කතා කර මෙසේ කීවේය. “මට ඔබවත් ඊජිප්තුවේදී ඔබට සිදු වන අසාධාරණත් හොඳින් පෙනෙන්නේය.+ 17 ඒ නිසා ඔබට පීඩා කරන ඊජිප්තුවරුන්ගේ අතින් මම ඔබව ගලවාගන්නෙමි.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට+ මම ඔබව ගෙන යන්නෙමි. ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන දේශයකි.” ’+

18 “ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලෝ අනිවාර්යයෙන්ම ඔබ කියන දේට සවන් දෙනු ඇත.+ ඉන්පසු ඔබ ඔවුන් සමඟ ඊජිප්තුවේ රජු ළඟට ගොස් මෙසේ කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ+ දෙවි වන යෙහෝවා අප සමඟ කතා කළා.+ ඒ නිසා අපේ දෙවි වන යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න දවස් තුනකට පාළුකරයට යන්න අපට අවසර දෙන්න.’+ 19 නමුත් ඊජිප්තුවේ රජුට විරුද්ධව මගේ මහත් බලය* විදහාපෙන්නුවොත් මිසක, ඔහු ඔබට යන්න දෙන්නේ නැහැ කියා මම හොඳාකාරවම දනිමි.+ 20 එහෙයින් මම මගේ බලය* යොදාගෙන+ පුදුම දනවන සෑම ක්‍රියාවකින්ම ඊජිප්තුවට පහර දෙන්නෙමි. එවිට ඊජිප්තුවේ රජ ඔබට යන්න අවසර දෙනු ඇත.+ 21 මා කරන ඒ දෙයින් ඊශ්‍රායෙල් සෙනඟට ඊජිප්තුවරුන්ගෙන් කරුණාව ලැබෙන්නේය. ඒ නිසා ඔබ ඊජිප්තුවෙන් පිටත්ව යන විට හිස් අතින් යන්නේ නැත.+ 22 ඒ දවසේදී සෑම ස්ත්‍රියක්ම තම අසල්වාසියාගෙන්ද තමාගේ නිවසේ නැවතී සිටින විදේශීය ස්ත්‍රීන්ගෙන්ද රන් හා රිදී ආභරණ සහ වස්ත්‍ර ඉල්ලාගත යුතුයි. ඒවා ඔබේ පුත්‍රයන්ට හා දූවරුන්ට පළඳවන්න. ඊජිප්තුවරුන්ට කිසි දෙයක් ඉතුරු නොකරන්න.”+

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න