යෙරෙමියා
28 එම අවුරුද්දේ එනම්, යූදාහි රජු වන ශෙදකියාගේ පාලන සමයේ මුල් කාලය+ වන ඔහුගේ හතරවන අවුරුද්දේ පස්වන මාසයේදී අස්සූර්ගේ පුත්‍රයා වූද ගිබියොන් නගරයේ විසූ අනාගතවක්තෘවරයෙක් වූද+ හනනියා,+ යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටි පූජකයන්ද සෙනඟද ඉදිරියේ යෙරෙමියාට මෙසේ කීවේය. 2 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘බැබිලෝනියේ රජු ඔබ මත තැබූ වියගහ මම කඩා දමන්නෙමි.+ 3 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝවා දෙවි වන මාගේ ගෘහයෙන් බැබිලෝනියට ගෙන ගිය භාණ්ඩ සියල්ල මම තව අවුරුදු දෙකකින් මේ ස්ථානයටම නැවත ගෙනෙන්නෙමි.’”+ 4 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පැවසුවේය. ‘යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වූ යෙකොනියාවද+ යූදා දේශයේ සිට බැබිලෝනියට ගෙන ගිය සියලුදෙනාවද+ මම මේ ස්ථානයට නැවත ගෙනෙන්නෙමි. මන්ද බැබිලෝනියේ රජු සෙනඟ පිට තැබූ වියගහ මම කඩා දමන්නෙමි.’”+
5 එවිට අනාගතවක්තෘ යෙරෙමියා, යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටි පූජකයන් හා සෙනඟ ඉදිරියේ අනාගතවක්තෘ හනනියාට කතා කර+ 6 මෙසේ කීවේය. “එසේම වේවා!*+ යෙහෝවා දෙවි ඒ දේ එලෙසම ඉටු කරනු ලැබේවා! යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩත් බැබිලෝනියට ගෙන ගිය අයවත් මේ ස්ථානයට නැවත ගෙන එනු ලැබේවා!+ එසේ කර, ඔබ ප්‍රකාශ කළ අනාවැකිය යෙහෝවා දෙවි ඉටු කරාවා! 7 නමුත් ඔබටත් මුළු සෙනඟටත් මම පවසන මේ දේට සවන් දෙන්න.+ 8 අපේ කාලයට කලින් සිටි එනම්, අතීතයේ විසූ අනාගතවක්තෘවරුන්+ බොහෝ දේශයන්වල හා බලවත් රාජ්‍යයන්වල සිදු වීමට නියමිත යුද්ධ ගැනත් ඒවා පිටට පැමිණීමට නියමිත විපත්ති හා වසංගත ගැනත් අනාවැකි ප්‍රකාශ කළා.+ 9 යම් අනාගතවක්තෘවරයෙකු සාමය ගැන අනාවැකි ප්‍රකාශ කළත්+ ඔහු යෙහෝවා දෙවිගේ සැබෑ අනාගතවක්තෘවරයෙකු බව සියල්ලන්ට ඔප්පු වන්නේ ඔහු කී දේ ඉටු වූ විටයි.”+
10 එවිට අනාගතවක්තෘ හනනියා, යෙරෙමියාගේ ගෙල මත තිබූ වියගහ ගෙන එය කඩා දැමුවේය.+ 11 ඉන්පසු ඔහු+ සෙනඟ ඉදිරියේ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය.+ ‘බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් සියලු ජාතීන් පිට තැබූ වියගහ මම තව අවුරුදු දෙකකින් මෙලෙස කඩා දමන්නෙමි.’”+ එය අසා අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය.+
12 අනාගතවක්තෘ හනනියා, යෙරෙමියාගේ ගෙල මත තිබූ වියගහ කඩා දැමූ පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට මෙම පණිවිඩය ලැබුණේය.+ 13 “ඔබ ගොස් හනනියාට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ලීවලින් සෑදූ වියගහ+ ඔබ කඩා දැමුවෙහිය. නමුත් ඒ වෙනුවට යකඩින් සෑදූ වියගහක් දැරීමට සිදු වනු ඇත.”+ 14 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා තවදුරටත් මෙසේ පවසන්නේය. “බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්ට සේවය කරන පිණිස මම මේ සියලු ජාතීන්ගේ ගෙල මත යකඩින් තැනූ වියගහක් තබන්නෙමි.+ අනිවාර්යයෙන්ම ඔහුට සේවය කිරීමට ඔවුන්ට සිදු වනු ඇත.+ වනසතුන්ව පවා මම ඔහුට භාර දෙන්නෙමි.”’”+
15 අනාගතවක්තෘ යෙරෙමියා, හනනියාට මෙසේද පැවසුවේය.+ “හනනියා, මා කියන දේට සවන් දෙන්න. ඔබ පවසන අනාවැකි යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒවා නොවෙයි. ඔබේ බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔබ මේ සෙනඟව පොලඹවා තිබෙනවා.+ 16 එබැවින් යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. ‘මම ඔබව පොළෝතලයෙන් තුරන් කර දමන්නෙමි. යෙහෝවා දෙවි වන මට විරුද්ධව ඔබ කැරලිගැසූ නිසා+ මේ අවුරුද්ද තුළදීම ඔබ මිය යනු ඇත.’”+
17 එම අවුරුද්දේ හත්වන මාසයේදී අනාගතවක්තෘ හනනියා මිය ගියේය.+