යෙරෙමියා
37 බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර්, යූදා දේශය පාලනය කිරීම සඳහා+ යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ කොනියා+ වෙනුවට යොෂියාගේ පුත්‍රයා වූ+ ශෙදකියාව+ පත් කළේය. 2 යෙහෝවා දෙවි අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේවලට+ ශෙදකියා රජවත් ඔහුගේ සේවකයෝවත් දේශයේ වැසියෝවත් ඇහුම්කන් නොදුන්නෝය.+
3 නමුත් ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුත් යෙහුකල්වද+ පූජක මයසේයාගේ පුත්+ ශෙපනියාවද+ අනාගතවක්තෘ යෙරෙමියා වෙතට යවා, මෙම පණිවිඩය ඔහුට දන්වන ලෙස ඔවුන්ට පැවසුවේය. “අපි වෙනුවෙන් අපේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.”+ 4 ඒ වන විට ඔවුන් යෙරෙමියාව සිරගෙයි දමා නොතිබුණේය. එබැවින් ඔහුට තමන් කැමති තැනකට ගොස් සෙනඟව හමු වීමේ නිදහස තිබුණේය.+ 5 පාරාවෝගේ යුධ හමුදාව ඊජිප්තු දේශයේ සිට පැමිණෙන බව+ යෙරුසලම වටලා සිටි කල්දිවරුන්ට ආරංචි විය. එබැවින් ඔවුහු යෙරුසලමෙන් ඉවත්ව ගියෝය.+ 6 එවිට අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවිගෙන් මෙම පණිවිඩය ලැබුණේය. 7 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+ 8 නමුත් යෙරුසලමෙන් ඉවත්ව ගිය කල්දිවරු නැවත පැමිණ මේ නගරයට විරුද්ධව යුද්ධ කර එය යටත් කරගන්නෝය. ඔවුහු නගරයට ගිනි තබා එය විනාශ කර දමන්නෝය.”+ 9 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “‘කල්දිවරුන් නැවත අපට විරුද්ධව සටන් කරන්න එන එකක් නැහැ’ කියා සිතමින් ඔබවම රවටා නොගන්න.+ මන්ද ඔවුහු ඔබට විරුද්ධව කරන සටන කිසිසේත් අත්හරින්නේ නැත. 10 ඔබට විරුද්ධව සටන් කරන කල්දිවරුන්ගේ මුළු යුධ හමුදාවටම ඔබ පහර දුන්නත්+ ඔබට ජය ගැනීමට ලැබෙන්නේ නැත. මන්ද ඔවුන් අතරින් ඉතුරු වී සිටින එනම්, දරුණු ලෙස තුවාල වී+ කූඩාරම්වල වැටී සිටින අය පැමිණ මේ නගරයට ගිනි තබා එය විනාශ කර දමන බව ස්ථිරයි.”’”
11 ඊජිප්තුවෙන් පැමිණි පාරාවෝගේ යුධ හමුදාව නිසා+ යෙරුසලම වටලා සිටි කල්දිවරුන්ගේ යුධ හමුදාව එතැනින් ඉවත්ව ගිය අවස්ථාවේදී+ 12 යෙරෙමියා තම සෙනඟ අතරේ තිබූ තමාගේ ඉඩම ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව බෙන්ජමින් දේශය බලා ගමන් කළේය.+ 13 යෙරෙමියා බෙන්ජමින් දොරටුව අසලට පැමිණි විට+ හනනියාගේ පුත්‍රයා වූ ෂෙලෙමියාගේ පුත් ඉරියා නම් නිලධාරියා එහි සිටියේය. ඔහු දොරටුව අසල සිටින ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විය. ඉරියා, අනාගතවක්තෘ යෙරෙමියාව දුටු විගස ඔහුව අල්ලාගෙන, “ඔබ කල්දිවරුන්ට භාර වෙන්නද යන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය. 14 නමුත් යෙරෙමියා, “නැහැ! නැහැ!+ මම කල්දිවරුන්ට භාර වෙන්න නෙවෙයි යන්නේ” කියා පිළිතුරු දුන්නේය. නමුත් ඉරියා, යෙරෙමියා පැවසූ දේ පිළි නොගත්තේය. ඔහු යෙරෙමියාව අල්ලාගෙන අධිපතීන් ඉදිරියට ගෙන ගියේය. 15 අධිපතීන්ටද+ යෙරෙමියා ගැන මහත් කෝපයක් ඇති වී+ ඔවුහු ඔහුට පහර දුන්නෝය.+ ඉන්පසු ඔවුහු යෙරෙමියාව සිරගෙයක් ලෙස භාවිත කළ+ යෙහොනාතාන් නමැති ලේකම්වරයාගේ නිවසෙහි+ සිර කර තැබුවෝය.+ 16 එහි තිබූ උමං කුටියක+ යෙරෙමියාට බොහෝ කාලයක් සිරගත වී සිටීමට සිදු විය.
17 කලක් ගත වූ පසු ශෙදකියා රජ යෙරෙමියාව තම මාලිගාවට ගෙන්වාගත්තේය. රජ කාටත් නොපෙනෙන ස්ථානයකට ඔහුව ගෙන ගොස්,+ “යෙහෝවා දෙවිගෙන් ඔබට පණිවිඩයක් ලැබුණාද” කියා ඔහුගෙන් ඇසුවේය. එවිට යෙරෙමියා, රජුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔව්, මට පණිවිඩයක් ලැබුණා. ඔබ බැබිලෝනියේ රජුගේ අතට අනිවාර්යයෙන්ම හසු වෙනවා කියා දෙවි මට පැවසුවා.”+
18 ඉන්පසු යෙරෙමියා, ශෙදකියා රජුගෙන් මෙසේ ඇසුවේය. “මාව සිර කර තබන්න තරම් මම ඔබටත් ඔබේ සේවකයන්ටත් මේ සෙනඟටත් විරුද්ධව කළ වරද කුමක්ද?+ 19 ‘බැබිලෝනියේ රජු ඔබටවත් මේ දේශයටවත් විරුද්ධව සටන් කරන්න එන්නේ නැහැ’ කියා අනාවැකි පැවසූ ඔබේ අනාගතවක්තෘවරුන්ට මොකද වුණේ?+ 20 මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මම කියන දේට ඇහුම්කන් දෙන්න. අනේ, මගේ ඉල්ලීම නොසලකා හරින්න එපා.+ මාව ලේකම් වන යෙහොනාතාන්ගේ නිවසට නම් නැවත යවන්න එපා.+ එහි දිගටම මට ඉන්න සිදු වුණොත් මම මැරිලා යයි.”+ 21 එබැවින් ශෙදකියා රජ, යෙරෙමියාව සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක තබන ලෙස අණ කළේය.+ නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම+ යෙරෙමියාට රොටි සාදන්නන්ගේ වීථියෙන් දිනපතාම රොටියක් බැගින් ලැබිණ.+ ඔහු සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+