දානියෙල්
10 පර්සියාවේ රජු වන සයිරස් පාලනය කළ තුන්වන අවුරුද්දේදී+ බෙල්ටෂසර්+ ලෙස හැඳින්වූ දානියෙල්ට යම් කාරණයක් හෙළි කරන ලදි. හෙළි කරන ලද දේ සත්‍යයකි. එය මහා යුද්ධයක් ගැනය.+ දර්ශනය හා හෙළි කරන ලද කාරණා දානියෙල් හොඳින් තේරුම්ගත්තේය.+
2 ඒ දවස්වලදී දානියෙල් වන මම සති තුනක් පුරා වැලපෙමින් සිටියෙමි.+ 3 ඒ සති තුන සම්පූර්ණ වන තුරු මම ප්‍රණීත ආහාර කෑවේවත් මස් හෝ වයින් කටේ තිබ්බේවත් නැත. මගේ ඇඟේ තෙල් ආලේප කරගත්තේද නැත.+ 4 පළමුවන මාසයේ විසිහතරවනදා මා හිද්දෙකෙල්* නම් මහ ගඟ+ අසල සිටියදී, 5 ලිනන් වස්ත්‍රයක් ඇඳගෙන සිටි+ මිනිසෙකු මා ඉදිරියේ සිටිනවා මම දුටුවෙමි. උෆාස්හි පවිත්‍ර රනින් සෑදූ+ පටියක්ද ඔහුගේ ඉණ වටා තිබිණ.+ 6 ඔහුගේ ශරීරය ක්‍රිසොලයිට් මැණිකක් මෙන්ද+ මුහුණ විදුලිය මෙන්ද+ ඇස් ගිනිදලු මෙන්ද විය.+ ඔහුගේ අත පය දිලිසෙන තඹ මෙන්ද+ කටහඬ ජන සමූහයකගෙන් නික්මෙන හඬ මෙන්ද විය. 7 ඒ දර්ශනය දුටුවේ දානියෙල් වන මා පමණි. මා සමඟ සිටි අනික් පුරුෂයෝ එය දුටුවේ නැත.+ එහෙත් ඔවුහු මහත් සේ භය වී එතැනින් පලා ගොස් සැඟවුණෝය.
8 ඒ නිසා මම තනියෙන් එතැන සිටියෙමි. දර්ශනය දුටු පසු මගේ ශක්තිය හීන වී ඇඟ සම්පූර්ණයෙන්ම පණ නැතුව ගියේය. මගේ මුහුණද මලානික විය.+ 9 එවිට ඔහු කතා කරන හඬ මට ඇසුණේය. ඔහුගේ කටහඬ ඇසෙන විට මම මුණින් අතට බිම වැටී+ තද නින්දකට වැටුණෙමි.+ 10 පසුව යමෙක් මාව අල්ලා+ නින්දෙන් ඇහැරුවේය. ඔහු මට නැඟිටින්න උදව් කළේය. මම දණ ගසාගෙන අත් දෙක බිම තබාගත්තෙමි. 11 ඉන්පසු ඒ තැනැත්තා මට මෙසේ කීවේය.
“දානියෙල්, ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි.+ ඔබ වෙතට මාව එවා තිබෙන්නේ ඒ නිසාය. ඉතින් දැන් නැඟිටින්න. මා ඔබට කියන්න යන දේ හොඳින් තේරුම්ගන්න උත්සාහ කරන්න.”+
ඔහු මට එසේ කී පසු මම භයෙන් වෙවුලමින් සිටගත්තෙමි.
12 ඔහු මට දිගටම කතා කරමින් මෙසේ කීවේය. “භය වෙන්න එපා+ දානියෙල්. ඔබ මේ කාරණා පැහැදිලිව තේරුම්ගන්නා පිණිස යටහත්පහත් සිතක් ඇතුව දෙවිට කන්නලව් කළෙහිය.+ ඔබ කන්නලව් කරන්න පටන්ගත් දවසේම+ දෙවි ඔබට සවන් දුන්නේය. මාව ඔබ වෙතට එවා තිබෙන්නෙත් ඒ නිසාය.+ 13 එහෙත් පර්සියානු රාජධානියේ+ අධිපතියා+ දවස් විසිඑකක් මුළුල්ලේම මට විරුද්ධව නැඟී සිටියේය.+ එවිට අධිපතීන්ගේ ප්‍රධානියෙකු+ වන මිකායෙල්*+ එතැනට ඇවිත් මට උදව් කළේය. ඒ කාලය පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ රැඳී සිටියෙමි.+ 14 මා මෙතැනට ආවේ අන්තිම දවස්වලදී+ ඔබේ සෙනඟට+ සිදු වන දේ ඔබට තේරුම් කර දෙන පිණිසයි. මන්ද මේ දර්ශනය+ අනාගතය පිළිබඳවය.”+
15 ඔහු මා සමඟ මෙසේ කතා කරමින් සිටියදී මම වචනයක්වත් නොකියා බිම බලාගෙන සිටියෙමි.+ 16 එවිට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ පෙනුම ඇති කෙනෙක් ඇවිත් මගේ තොල් ස්පර්ශ කළේය.+ ඉන්පසු මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කර මම මෙසේ කීවෙමි.+ “මාගේ ස්වාමීනි,+ දර්ශනය නිසා මම හොඳටම භය වී ගැහෙන්න පටන්ගත්තා. මගේ ඇඟ සම්පූර්ණයෙන්ම පණ නැතුව ගියා.+ 17 මාගේ ස්වාමීනි, ඔබේ සේවකයා වන මා එවැනි තත්වයක සිටියදී ඔබ සමඟ කතා කරන්නේ කොහොමද?+ මේ මොහොත වන තුරුම මගේ ඇඟට කිසි ශක්තියක් තිබුණේ නැහැ. මා හුස්ම ගත්තෙත් හරිම අමාරුවෙන්.”+
18 එවිට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ පෙනුම ඇති තැනැත්තා මා පිට අත තබා නැවත මාව ශක්තිමත් කළේය.+ 19 ඉන්පසු ඔහු මට මෙසේ කීවේය. “බොහෝ ප්‍රේම ලත් තැනැත්ත,+ ඔබට සමාදානය ලැබේවා!+ භය නොවන්න.+ ධෛර්යය උපදවාගෙන ශක්තිමත්ව ඉන්න.”+ ඔහු කතා කළ විගසම මම ශක්තිය උපදවාගෙන මෙසේ කීවෙමි. “මාගේ ස්වාමීනි, ඔබ මාව ශක්තිමත් කළා.+ එබැවින් දැන් කතා කරන්න.”+ 20 එවිට ඔහු මට මෙසේ කීවේය.
“මා ඔබ වෙතට ආවේ ඇයි කියා ඔබ දන්නවාද? මම ආපසු පර්සියාවේ අධිපතියා සමඟ සටන් කිරීමට යන්නෙමි.+ මා හැරී යද්දී ග්‍රීසියේ අධිපතියාද පැමිණෙන්නේය.+ 21 එහෙත් ඊට කලින් සත්‍ය වූ ලියවිල්ලේ සඳහන් වන දේ මම ඔබට කියා දෙන්නෙමි.+ ඔබේ සෙනඟව රැකබලා ගන්නා අධිපතියා වන+ මිකායෙල් හැර මේ සටනේදී මට උපකාර කරන්න වෙන කවුරුත් නැත.+