ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ලෙවී කතාව 12
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව 12:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:1
  • +ලෙවී 15:19

ලෙවී කතාව 12:3

පාදසටහන්

  • *

    උත් 17:11හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:12; 21:4; ලූක් 1:59; 2:21; යොහ 7:22

ලෙවී කතාව 12:4

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:22

ලෙවී කතාව 12:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:4, 10
  • +ලෙවී 15:14

ලෙවී කතාව 12:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:28

ලෙවී කතාව 12:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:14; 5:7; 14:22; ලූක් 2:24
  • +ලෙවී 4:26; 6:7; ගණන් 15:25

වෙනත්

ලෙවී. 12:2උත් 4:1
ලෙවී. 12:2ලෙවී 15:19
ලෙවී. 12:3උත් 17:12; 21:4; ලූක් 1:59; 2:21; යොහ 7:22
ලෙවී. 12:4ලූක් 2:22
ලෙවී. 12:6ලෙවී 1:4, 10
ලෙවී. 12:6ලෙවී 15:14
ලෙවී. 12:7ලෙවී 15:28
ලෙවී. 12:8ලෙවී 1:14; 5:7; 14:22; ලූක් 2:24
ලෙවී. 12:8ලෙවී 4:26; 6:7; ගණන් 15:25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 12:1-8

ලෙවී කතාව

12 යෙහෝවා දෙවි නැවතත් මෝසෙස්ව අමතා මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ස්ත්‍රියක පිළිසිඳගෙන+ පුත්‍රයෙකු බිහි කළොත් ඇගේ ඔසප් දිනවලදී මෙන් ඇය දවස් හතක් අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+ 3 අටවන දවසේදී දරුවාව චර්මච්ඡේදනය* කළ යුතුයි.+ 4 ලේ ගැලීම හේතුවෙන් ඇය අපවිත්‍ර තත්වයක සිටින නිසා එයින් පවිත්‍ර වීමට තව අමතර දවස් තිස්තුනක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. ඒ සියලු දවස් සම්පූර්ණ වන තෙක් ශුද්ධස්ථානයට යෑමටවත් කිසිම ශුද්ධ දෙයක් ස්පර්ශ කිරීමටවත් ඇයට අයිතියක් නැත.+

5 “‘ඇය දුවක බිහි කළොත් ඔසප් දිනවලදී මෙන් දවස් දහහතරක් ඇය අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි. ලේ ගැලීම හේතුවෙන් ඇය අපවිත්‍ර තත්වයක සිටින නිසා එයින් පවිත්‍ර වීමට තව අමතර දවස් හැටහයක් ඇය නිවසේ රැඳී සිටිය යුතුයි. 6 ඇය පුත්‍රයෙකු හෝ දුවක හෝ බිහි කිරීමෙන් අනතුරුව පවිත්‍ර වීම උදෙසා වෙන් කළ දවස් සම්පූර්ණ වූ පසු දවන පූජාවක්+ සඳහා අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවෙකුව සහ පාප පූජාවක් සඳහා පරෙවි පැටවෙකුව හෝ කොබෙයියෙකුව+ හෝ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට ගෙනැවිත් පූජකයාට දිය යුතුයි. 7 ඇගේ පව්කාර තත්වයට සමාව ලබාගන්නා පිණිස පූජකයා එම පූජා යෙහෝවා දෙවි ඉදිරියේ ඔප්පු කළ යුතුයි. එවිට ලේ ගැලීම නිසා අපවිත්‍රව සිටි ඇය පවිත්‍ර වනු ඇත.+ දරුවෙකු බිහි කළ තැනැත්තියක විසින් පිළිපැදිය යුතු නීතිය එයයි. 8 ඇයට බැටළුවෙකු ගෙන ඒමට තරම් වත්කමක් නැත්නම් ඇය කොබෙයියන් දෙදෙනෙකුව හෝ පරෙවි පැටවුන්+ දෙදෙනෙකුව හෝ ගෙනා යුතුයි. එකෙකු දවන පූජාව සඳහාය. අනිකා පාප පූජාව සඳහාය. ඇගේ පව්කාර තත්වයට සමාව+ ලබාගන්නා පිණිස පූජකයා එම පූජා දෙවි ඉදිරියේ ඔප්පු කළ යුතුයි. එවිට ඇය පවිත්‍ර වනු ඇත.’”

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න