ලෙවී කතාව
18 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ 3 ඔබ ජීවත් වූ ඊජිප්තු දේශයේ වැසියන් මෙන්ද+ මා ඔබව ගෙන යන කානාන් දේශයෙහි වැසියන් මෙන්ද+ ක්‍රියා නොකරන්න. ඔවුන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න. 4 ඔබ මාගේ තීන්දුවලට යටත් විය යුතුයි.+ මාගේ පනත්වලට කීකරු වෙමින්+ ඒවා අනුව ජීවත් විය යුතුයි.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. 5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+
6 “‘ඔබ අතරේ සිටින කිසි පුරුෂයෙකු තම කිට්ටු නෑයෙකු සමඟ සයනය නොකළ යුතුයි.+ මා යෙහෝවා දෙවිය. 7 ඔබේ මව සමඟ සයනය නොකරන්න. මන්ද ඔබව මෙලොවට බිහි කළේ ඇයයි. එසේම ඔබ ඔබේ පියා සමඟද සයනය නොකළ යුතුයි.+
8 “‘ඔබේ පියාගේ භාර්යාව සමඟ සයනය නොකළ යුතුයි.+ මන්ද එසේ කිරීම ඔබේ පියාට කරන නින්දාවකි.
9 “‘ඔබේම සහෝදරිය හෝ ඔබේ නිවසේ හෝ වෙනත් නිවසක හෝ උපන් ඔබේ පියාගේ හෝ මවගේ හෝ දුව සමඟ ඔබ සයනය නොකළ යුතුයි.+
10 “‘ඔබේ මිනිපිරිය සමඟ එනම්, ඔබේ පුත්‍රයාගේ දුව සමඟවත් දුවගේ දුව සමඟවත් සයනය නොකළ යුතුයි. මන්ද ඔබ එසේ කළොත් එය ඔබටම කරගන්නා වූ නින්දාවකි.
11 “‘ඔබේ පියාට වෙන භාර්යාවකගෙන් දුවක ඉපදුණොත් ඇය ඔබේ සහෝදරිය වන නිසා ඇය සමඟ සයනය නොකළ යුතුයි.
12 “‘ඔබේ පියාගේ සහෝදරිය සමඟ සයනය නොකළ යුතුයි. මන්ද ඇය ඔබේ පියාගේ ලේ නෑයෙකි.+
13 “‘ඔබේ මවගේ සහෝදරිය සමඟ සයනය නොකළ යුතුයි. මන්ද ඇය ඔබේ මවගේ ලේ නෑයෙකි.
14 “‘ඔබේ පියාගේ සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය නොකළ යුතුයි. එසේ කළොත් ඔබ ඔහුට කරන්නේ නින්දාවකි. මන්ද ඇය ඔබේ නැන්දාය.+
15 “‘ඔබේ ලේලි සමඟ සයනය නොකළ යුතුයි.+ ඇය ඔබේ පුතාගේ භාර්යාවය. ඔබ එසේ කළොත් එය ඔබේ පුත්‍රයාට කරන නින්දාවකි.
16 “‘ඔබේ සහෝදරයාගේ භාර්යාව සමඟ සයනය නොකළ යුතුයි.+ ඔබ එසේ කළොත් එය ඔබේ සහෝදරයාට කරන නින්දාවකි.
17 “‘ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වුණොත් ඇගේ දුව සමඟ+ හෝ ඇගේ මිනිපිරිය සමඟ හෝ සයනය නොකළ යුතුයි. ඔවුන් ඇගේ ලේ නෑදෑයන් වන බැවින් එය නින්දිත+ ක්‍රියාවකි.
18 “‘ඔබේ භාර්යාව ජීවතුන් අතර සිටියදී ඇගේ සහෝදරිය සමඟ විවාහ නොවන්න.+ ඇය සමඟ සයනය නොකරන්න.
19 “‘ස්ත්‍රියක අපවිත්‍රව සිටින විට එනම්, ඇගේ ඔසප් දවස්වලදී+ ඇය සමඟ සයනය නොකළ යුතුයි.+
20 “‘ඔබ අපවිත්‍ර නොවන පිණිස ඔබේ මිත්‍රයාගේ භාර්යාව සමඟ සයනය නොකළ යුතුයි.+
21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+
22 “‘ඔබ ස්ත්‍රියක සමඟ සයනය කරන්නාක් මෙන්+ පුරුෂයෙකු සමඟ නොහැසිරිය යුතුයි.+ එය ඉතා පිළිකුල් දෙයකි.
23 “‘ඔබ අපවිත්‍ර නොවන පිණිස සතෙකු සමඟ සංසර්ගයේ නොයෙදිය යුතුයි.+ ස්ත්රියකද සතෙකු වෙතට ගොස් ඌ සමඟ සංසර්ගයේ නොයෙදිය යුතුයි.+ එය මුළුමනින්ම අස්වාභාවික ක්‍රියාවකි.
24 “‘ඔබ මේ එක ක්‍රියාවක් හෝ කර දූෂ්‍ය තත්වයකට පත් නොවන්න. මන්ද ඔබ ඉදිරියෙන් මා පන්නා දමන සියලු ජාතීහුද මෙවැනි ක්‍රියා කර දූෂ්‍ය වී සිටින්නෝය.+ 25 එබැවින් ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි. ඔවුන්ව දේශයෙන් පන්නා දමනු ඇත.+ 26 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු හෝ වේවා මේ පිළිකුල් ක්‍රියා කිසිවක් නොකළ යුතුයි.+ 27 ඔබට පෙර දේශයේ ජීවත් වූ වැසියන් මේ සියලු පිළිකුල් ක්‍රියා කළ නිසා+ දේශය අපවිත්‍ර වී ඇත. 28 ඔබට පෙර මෙහි ජීවත් වූ වැසියන් මෙන් ඔබද මේ ක්‍රියාවල යෙදී දේශය අපවිත්‍ර කළොත් ඔබවද දේශයෙන් පන්නා දමනු ඇත.+ 29 කවරෙකු නමුත් මේ පිළිකුල් ක්‍රියාවලින් එකක්වත් කළොත් ඔහුව මරා දැමිය යුතුයි.+ 30 ඔබ මාගේ ආඥාවලට කීකරු වන්න. එවිට මේ දේශයේ ඔබට කලින් විසූ වැසියන්ගේ පිළිකුල්සහගත චාරිත්‍රවලින්+ ඔබ අපවිත්‍ර නොවනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”