ලෙවී කතාව
24 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “පහන් නිතරම දල්වා තබාගැනීම සඳහා+ ඔලීව ගෙඩි කොටා සාදාගත් හොඳම තෙල් ඔබට ගෙනැවිත් දෙන ලෙස ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+ 3 සම්මුඛ වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තිබෙන ස්ථානයට පිටතින් එනම්, තිරයට අනික් පැත්තෙන් තිබෙන පහන් සවස සිට උදෑසන දක්වා නොකඩවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ දැල්වෙමින් තිබිය යුතුයි. එය නොකඩවා දැල්වෙන බවට ආරොන් වගබලා ගත යුතුයි. එය ඔබත් ඔබෙන් පැවත එන අයත් බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු නියෝගයකි. 4 පවිත්‍ර රනින් සාදා තිබෙන පහන් රුක+ මත ඔහු පහන් තබා+ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඒවා නොකඩවා දැල්වෙන්න සැලැස්විය යුතුයි.+
5 “ඔබ සිහින් පිටිවලින් මුද්දක හැඩැති රොටි දොළහක් සාදාගන්න. ඒ එක් එක් රොටිය සඳහා සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් භාවිත කරන්න. 6 එක ගොඩකට රොටි හය බැගින් සිටින සේ රොටි ගොඩවල් දෙකක් සාදා+ ඒවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර රනින් නිමවා තිබෙන මේසය උඩ තබන්න.+ 7 අමිශ්‍ර කට්ටකුමංජල් ටිකක් රොටි ගොඩවල් දෙක මත තබන්න. පසුව එම කට්ටකුමංජල් ටික යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ගින්නෙන් දවා ඔප්පු කළ යුතුයි. සිහිගැන්වීමක් වශයෙන් ඔප්පු කරන එම කට්ටකුමංජල් මගින් රොටි නියෝජනය වේ.+ 8 යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එම රොටි නිරතුරුවම තිබෙන පිණිස සෑම සබත් දවසකදීම ඒවා මාරු කළ යුතුයි.+ එය මා ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුමකි. එය බොහෝ කාලයකට පවතින්නේය. 9 ඉවත් කරන රොටි ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට+ අයිතිය. ඔවුන් ඒවා ශුද්ධ තැනකදී අනුභව කළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මට ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවලින් පූජකයාට ලැබෙන එම කොටස ඉතා ශුද්ධය. එය බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු නියෝගයකි.”
10 ඊශ්‍රායෙල් ජාතික ස්ත්‍රියකට හා ඊජිප්තු ජාතික පුරුෂයෙකුට උපන් එක්තරා මිනිසෙක්+ ඊශ්‍රායෙල් සෙනඟ අතරට ගොස් ඔවුන්ගෙන් කෙනෙකු සමඟ කඳවුරේදී ගහගත්තේය.+ 11 ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල් ජාතික ස්ත්‍රියගේ පුත්‍රයා දෙවිට ශාප කර+ ඔහුගේ නාමයට අපහාස කළේය.+ එබැවින් ඔහුව මෝසෙස් ඉදිරියට ගෙන යනු ලැබුවේය.+ ඔහුගේ මව දාන් ගෝත්‍රයේ දිබ්රීගේ දුව වන ෂෙලොමිත්ය. 12 ඔවුහු යෙහෝවා දෙවිගෙන් නිශ්චිත තීන්දුවක්+ ලැබෙන තෙක් ඔහුව එහි රඳවා තබාගත්හ.+
13 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 14 “දෙවිට අපහාස කළ එම තැනැත්තාව කඳවුරෙන් පිටතට ගෙන යන්න.+ ඔහු කළ අපහාසය අසා සිටි සියලුදෙනා ඔහුගේ හිස මත අත් තැබිය යුතුයි.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔහුට ගල් ගසා මැරිය යුතුයි.+ 15 ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යමෙකු දෙවිට ශාප කළොත් ඔහු තම පාපය වෙනුවෙන් ගණන් දිය යුතුයි. 16 යෙහෝවා යන මාගේ නාමයට අපහාස කරන තැනැත්තාට මුළු සෙනඟ ගල් ගසා මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා දෙවිගේ නාමයට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
17 “‘යමෙකු මිනිසෙකුට පහර දී ඔහු මිය ගියොත් එම තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 18 යමෙකු වෙනත් කෙනෙකුට අයිති සතෙකුව මැරුවොත් ඔහු එම සතා වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. එම සතාගේ ජීවිතය වෙනුවට ඔහු තව සතෙකුව දිය යුතුයි.+ 19 යමෙකු මිනිසෙකුව තුවාල කළොත් ඔහුටත් එලෙසම තුවාල කළ යුතුයි.+ 20 බිඳුමකට බිඳුමක්, ඇසකට ඇසක් සහ දතකට දතක් යන ප්‍රතිපත්තියට අනුව ඔහු තුවාල කළ ලෙසම ඔහුටත් තුවාල කළ යුතුයි.+ 21 යමෙකු මෘගයෙකුව මැරුවොත්+ ඔහු එම සතා වෙනුවෙන් වන්දියක්+ ගෙවිය යුතුයි. නමුත් යමෙකු මිනිසෙකුව මැරුවොත් ඔහුව මරා දැමිය යුතුයි.+
22 “‘සියලුදෙනාවම එක හා සමානව විනිශ්චය කළ යුතුයි. ඊශ්‍රායෙල් ජාතිකයන්ව විනිශ්චය කරන ආකාරයටම විදේශිකයන්වද විනිශ්චය කරන්න.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”+
23 ඉන්පසු මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට ඒ සියල්ල කීවේය. ඔවුහු දෙවිට ශාප කළ තැනැත්තාව කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මරා දැමුවෝය.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඊශ්‍රායෙල් සෙනඟ කළෝය.