ආමොස්
3 “ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි ඔබ ගැන කී දේට ඇහුම්කන් දෙන්න.+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා+ ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන් වන ඔබ ගැන ඔහු මෙසේ කියා ඇත. 2 ‘පොළොවේ සියලු ජාතීන් අතරින්+ ඔබව පමණක් මම තෝරාගත්තෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු වැරදිවලට ඔබ මට ගණන් දිය යුතුයි.’+
3 “දෙදෙනෙකු ගමනක් යෑමට නියම කරගත් දවසේදී මුණගැසුණොත් මිසක ඔවුන්ට එම ගමන යා හැකිද?+ 4 වනයේ සැරිසරන සිංහයෙකු ගොදුරක් නැති තැන ගර්ජනා කරයිද?+ ගුහාවක සිටින කේශර සිංහයෙකු තමන් ළඟ ගොදුරක් නැති විට ගර්ජනා කරයිද? 5 ඇමක් නැතුව කුරුල්ලෙකු උගුලකට හසු වෙයිද?+ උගුලකට යමක් හසු නොවුණොත් එය ඉබේටම ගැස්සෙයිද? 6 නගරයක හොරණෑව පිඹින විට එහි ජනයා කලබල නොවනු ඇද්ද?+ නගරයේ වැසියන්ට විපතක් සිදු වුණොත් එය යෙහෝවා දෙවිගෙන් නොවෙයිද? 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+ 8 සිංහයෙක් ගර්ජනා කර ඇත.+ ඊට බිය නොවන්නේ කවුද? විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි අනාවැකියක් ප්‍රකාශ කර ඇත. ඒ ගැන දැනුම් නොදී සිටිය හැක්කේ කාටද?+
9 “අෂ්දොද් නගරයේ බලකොටුවල හා ඊජිප්තු දේශයේ බලකොටුවල සිට මේ පණිවිඩය ප්‍රකාශ කරන්න.+ ‘සමාරියේ කඳුවලට විරුද්ධව රැස් වී+ ඒ දේශය මුහුණ පා තිබෙන ප්‍රශ්න ගැටලු දෙසත් එහි සිදු වන වංචා දූෂණ දෙසත් බලන්න.+ 10 හරි දේ කුමක්ද කියා ඔවුන්ට අමතක වී ඇත.+ ඔවුන් බලහත්කාරයෙන් කොල්ල කා ගත් දේවලින් ඔවුන්ගේ රාජකීය බලකොටු පුරවාගත්තෝය.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”
11 “එමනිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘සතුරු සේනාවක් පැමිණ ඔබේ දේශය වටලාගන්නෝය.+ ඔවුහු ඔබේ ශක්තිය බෙලහීන කරන්නෝය. ඔබේ බලකොටු සුනුවිසුනු කර එහි ඇති වටිනා දේවල් කොල්ල කන්නෝය.’+
12 “යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘බැටළුවෙකු සිංහයෙකුට ගොදුරු වූ විට එඬේරා උගේ කටෙන් බැටළුවාගේ කකුලක්* හෝ කනෙන් කොටසක් හෝ බේරාගන්නාක් මෙන්+ ඊශ්රායෙල්වරුන්වද තම සතුරන් අතින් බේරාගනු ඇත. සමාරියේ වටිනා යහන්වලත්+ දමස්කයෙන් ගෙන්වාගත් ඇඳන්වලත්+ සැතපෙන ඒ අයගෙන් බේරෙන්නේ ස්වල්පදෙනෙකු පමණි.’
13 “‘මේ සියල්ලට හොඳින් සවන් දී යාකොබ්ගේ ගෘහයට ගොස් පවසන්න’+ කියා විශ්වයේ පාලකයාණන්ද ස්වර්ගයේ සේනාවල අධිපතියාණන්ද වන යෙහෝවා දෙවි කියන්නේය. 14 ‘ඊශ්‍රායෙල්වරුන් මට විරුද්ධව කැරලිගැසූ නිසා ඔවුන් මට ගණන් දිය යුතුයි.+ ඒ දවසේදී බෙතෙල් නගරයේ සෑදූ පූජාසන+ ගැනත් ඔවුන් මට ගණන් දිය යුතුයි. ඒ කාලයේදී මම පූජාසනයේ අං කඩා බිම හෙළන්නෙමි.+ 15 ඔවුන් ශීත කාලයේදී වාසය කිරීමට සෑදූ ගෙවල්ද+ ගිම්හාන කාලයේදී වාසය කිරීමට සෑදූ ගෙවල්ද+ මම කඩා දමන්නෙමි.’
“‘ඇත්දළවලින් නිමැවූ ගෙවල්+ විනාශ වී යනු ඇත. ගෙවල් දොරවල් විශාල ප්‍රමාණයක් සුනුවිසුනු වී යනු ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”