ගණන් කතාව
2 යෙහෝවා දෙවි මෝසෙස්ට හා ආරොන්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟ තමන්ට නියමිත කඳවුරෙහි තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ අසල කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් සම්මුඛ වීමේ කූඩාරම දෙසට මුහුණ ලා එය වටා කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක් කඳවුරක ගෝත්‍ර තුනක් කූඩාරම් ගසාගත යුතුයි.+
3 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව නැඟෙනහිර පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වන්නේ යූදා ගෝත්‍රයයි. යූදා ගෝත්‍රයේ අධිපතියා වන්නේ අමිනදාබ්ගේ පුත්‍රයා වන නාෂොන්ය.+ 4 ඔහුගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන හැත්තෑහතරදහස් හයසියයයි.+ 5 යූදා ගෝත්‍රය ළඟ ඉසකාර් ගෝත්‍රයේ+ අයද කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. ඉසකාර් ගෝත්‍රයේ අධිපතියා වන්නේ ෂුවර්ගේ පුත්‍රයා වන නෙතනෙල්ය.+ 6 නෙතනෙල්ගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන පනස්හතරදහස් හාරසියයයි.+ 7 සෙබ්‍යූලන් ගෝත්‍රයේ අයද යූදා ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. සෙබ්‍යූලන් ගෝත්‍රයේ අධිපතියා වන්නේ හේලොන්ගේ පුත්‍රයා වන එලියාබ්ය.+ 8 එලියාබ්ගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන පනස්හත්දහස් හාරසියයයි.+
9 “යූදා කඳවුරෙහි ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අසූහයදහස් හාරසියයයි. ඔවුන් මුලින්ම පිටත්ව යා යුතුයි.+
10 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව දකුණු පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වන්නේ රූබෙන් ගෝත්‍රයයි.+ රූබෙන් ගෝත්‍රයේ අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්‍රයා වන එලිෂූර්ය.+ 11 ඔහුගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන හතළිස්හයදහස් පන්සියයයි.+ 12 රූබෙන් ගෝත්‍රය ළඟ සිමියොන් ගෝත්‍රයේ අයද කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. සිමියොන් ගෝත්‍රයේ අධිපතියා වන්නේ ෂුරිෂද්දයිගේ පුත්‍රයා වන ෂෙලුමියෙල්ය.+ 13 ෂෙලුමියෙල්ගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන පනස්නවදහස් තුන්සියයයි.+ 14 ගාද් ගෝත්‍රයේ අයද රූබෙන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. ගාද් ගෝත්‍රයේ අධිපතියා වන්නේ රුවෙල්ගේ පුත්‍රයා වන එලියාසාෆ්ය.+ 15 එලියාසාෆ්ගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන හතළිස්පන්දහස් හයසිය පනහයි.+
16 “රූබෙන් කඳවුරෙහි ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පනස්එක්දහස් හාරසිය පනහක් විය. ඔවුන් දෙවනුවට පිටත්ව යා යුතුයි.+
17 “සම්මුඛ වීමේ කූඩාරම+ වෙනත් ස්ථානයකට ගෙන යන විට ලෙවීවරුන්+ කඳවුරු මැදින් ගමන් කළ යුතුයි.
“ඔවුන් ගමන් කළ යුත්තේ ඔවුන් කඳවුරු බැඳගෙන සිටින පිළිවෙළට අනුවය.+ සෑම ගෝත්‍රයක්ම තමන්ට නියමිත කඳවුර සමඟ ගමන් කළ යුතුයි. එක් කඳවුරක ගෝත්‍ර තුනක් සිටිය යුතුයි.
18 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව බස්නාහිර පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයයි.+ එෆ්‍රායිම් ගෝත්‍රයේ අධිපතියා වන්නේ අමිහුද්ගේ පුත්‍රයා වන එලිෂාමාය.+ 19 ඔහුගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන හතළිස්දහස් පන්සියයයි.+ 20 එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ මනස්සේ ගෝත්‍රයේ+ අයද කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. මනස්සේ ගෝත්‍රයේ අධිපතියා වන්නේ පෙදාෂුර්ගේ පුත්‍රයා වන ගමාලියෙල්ය.+ 21 ගමාලියෙල්ගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන තිස්දෙදහස් දෙසියයයි.+ 22 බෙන්ජමින් ගෝත්‍රයේ+ අයද එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. බෙන්ජමින් ගෝත්‍රයේ අධිපතියා වන්නේ ගිඩියොනිගේ පුත්‍රයා වන අබිදාන්ය.+ 23 අබිදාන්ගේ කණ්ඩායමේ ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන තිස්පන්දහස් හාරසියයයි.+
24 “එෆ්‍රායිම් කඳවුරෙහි ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අටදහස් එකසියයයි. ඔවුන් තුන්වෙනුවට පිටත්ව යා යුතුයි.+
25 “තම තමන්ගේ කණ්ඩායමට අනුව උතුරු පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වන්නේ දාන් ගෝත්‍රයයි. දාන් ගෝත්‍රයේ අධිපතියා වන්නේ අමිෂද්දයිගේ පුත්‍රයා වන අහියේසෙර්ය.+ 26 ඔහුගේ කණ්ඩායමට අයත් ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන හැටදෙදහස් හත්සියයයි.+ 27 දාන් ගෝත්‍රය ළඟ ආෂෙර් ගෝත්‍රයේ අයද කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. ආෂෙර් ගෝත්‍රයේ අධිපතියා වන්නේ ඔක්‍රාන්ගේ පුත්‍රයා වන පගියෙල්ය.+ 28 පගියෙල්ගේ කණ්ඩායමේ ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන හතළිස්එක්දහස් පන්සියයයි.+ 29 නෆ්තලී ගෝත්‍රයේ+ අයද දාන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. නෆ්තලී ගෝත්‍රයේ අධිපතියා වන්නේ ඒනාන්ගේ පුත්‍රයා වන අහිරාය.+ 30 අහිරාගේ කණ්ඩායමේ ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන පනස්තුන්දහස් හාරසියයයි.+
31 “දාන් කඳවුරෙහි ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පනස්හත්දහස් හයසියයයි. ඔවුන් අන්තිමටම පිටත්ව යා යුතුයි.+ ඔවුන් තමන්ට නියමිත කඳවුර සමඟ ගමන් කළ යුතුයි. එක් කඳවුරක ගෝත්‍ර තුනක් සිටිය යුතුයි.”
32 තම තමන්ගේ පෙළපත් අනුව ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ලියාපදිංචි කළ අය ඔවුහුය. තම තමන්ගේ කණ්ඩායමට අනුව ලියාපදිංචි කළ පුරුෂයන්ගේ මුළු ගණන හයලක්ෂ තුන්දහස් පන්සිය පනහකි.+ 33 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ පරිදි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ලෙවීවරුන්ව ලියාපදිංචි කළේ නැත.+ 34 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟ කළෝය.+ තම තමන්ගේ පවුල්වලට අනුවද තම තමන්ගේ පෙළපත්වලට අනුවද ඔවුහු කඳවුරු බැඳගත්තෝය. එක් කඳවුරක ගෝත්‍ර තුනක් කූඩාරම් බැඳගෙන සිටියෝය.+ ඔවුහු එම අනුපිළිවෙළටම පිටත්ව ගියෝය.+