ගණන් කතාව
23 ඉන්පසු බාලාම් බාලාක් රජුට කතා කොට, “මේ ස්ථානයේ පූජාසන හතක් ගොඩනඟන්න.+ ගවයන් හත්දෙනෙකු හා බැටළුවන් හත්දෙනෙකු පූජාවට සූදානම් කරන්න” කියා කීවේය. 2 බාලාක් රජ ප්‍රමාද නොවී ඔහු කී ලෙසම කළේය. ඉන් අනතුරුව ඔවුහු ඒ එක් එක් පූජාසනය මත ගවයෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කළෝය.+ 3 ඉන්පසු බාලාම්, රජුට මෙසේ කීවේය. “ඔබ ඔප්පු කළ මේ දවන පූජා ළඟට වී සිටින්න.+ මම ටිකක් එහාට ගොස් එන්නම්. සමහරවිට යෙහෝවා දෙවි මා ඉදිරියට ඇවිත් මා සමඟ කතා කරාවි.+ ඔහු මට යමක් පැවසුවොත් මම ඇවිත් ඒ දේ ඔබට කියන්නම්.” එසේ කියා බාලාම් පාළු කන්දකට ගියේය.
4 දෙවි බාලාම් සමඟ කතා කළ විට+ බාලාම් දෙවිට මෙසේ කීවේය. “මම එක ළඟ පූජාසන හතක් සාදා ඒ එක් එක් පූජාසනය මත ගවයෙක් හා බැටළුවෙක් බැගින් පූජා කළා.”+ 5 යෙහෝවා දෙවි බාලාම්ට කිව යුතු දේ දැන්වූ පසු මෙසේ කීවේය.+ “ඔබ දැන් බාලාක් ළඟට ගොස් මම පැවසූ දේ ඔහුට කියන්න.”+ 6 බාලාම් හැරී ගිය විට බාලාක් රජු හා මෝවබ්හි ප්‍රධානීන් දවන පූජා අසල සිටිනවා ඔහු දුටුවේය. 7 එවිට බාලාම් මේ පණිවිඩය+ ඔවුන්ට දැන්වූවේය.
“මෝවබ්හි රජු වන බාලාක් ආරම්+ සිට මා කැඳෙව්වේය.
නැඟෙනහිර දිශාවේ තිබෙන කඳුකරයේ සිට මා කැඳෙව්වේය.
‘ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න.
ඊශ්‍රායෙල්ව හෙළාදකින්න’ කියා ඔහු මට කීවේය.+
9 උස් පර්වත මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.
කඳු මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.
ඔවුහු තනිව කඳවුරු බැඳගෙන සිටින්නෝය.+
ඔවුහු අනික් ජාතීන්ගෙන් වෙන්ව සිටින්නෝය.+
10 දූවිලි අංශු මෙන් බහුලව සිටින යාකොබ්ගේ සෙනඟ ගණන් කළ හැක්කේ කාටද?+
ඊශ්‍රායෙල් සෙනඟගෙන් හතරෙන් කොටසක්වත් ගණන් කළ නොහැකිය.
මගේ මරණයත් ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා!+
මගේ අවසානය ඔවුන්ගේ අවසානය මෙන් වේවා!”+
11 එවිට බාලාක් රජ, “ඔබ මොනවාද මේ කළේ? මම ඔබව කැඳෙව්වේ මගේ සතුරන්ට ශාප කරන්න. නමුත් ඔබ ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා” කියා බාලාම්ට කීවේය.+ 12 බාලාම්ද, “යෙහෝවා දෙවි කී දේ මිස වෙන කිසිවක් කියන්න මට පුළුවන්කමක් නැහැ” කියා ඔහුට කීවේය.+
13 එවිට බාලාක් රජ ඔහුට මෙසේ කීවේය. “අපි වෙනත් තැනකට ගිහින් ඊශ්‍රායෙල්වරුන් දිහා බලමු. එතැනට මුළු සෙනඟවම පෙනෙන්නේ නැහැ. ඔවුන්ගෙන් කොටසක් පමණයි පෙනෙන්නේ.+ එතැනට ගොස් ඔවුන්ට ශාප කරන්න.”+ 14 එසේ කියා ඔහු බාලාම්ව පිස්ගා+ මුදුනේ තිබෙන ෂොපිම් නම් තණබිමට ගෙන ගියේය. එම ස්ථානයේදීද ඔහු පූජාසන හතක් ගොඩනඟා ඒවා මත ගවයෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කළේය.+ 15 එවිට බාලාම්, “මම ටිකක් එහාට ගොස් දෙවි සමඟ කතා කරන තුරු ඔබ මේ දවන පූජා ළඟට වී සිටින්න” කියා රජුට කීවේය. 16 පසුව යෙහෝවා දෙවි බාලාම් ඉදිරියට පැමිණ කිව යුතු දේ දැන්වීමෙන් අනතුරුව ඔහුට මෙසේ කීවේය.+ “ඔබ දැන් බාලාක්+ ළඟට ගොස් මම පැවසූ දේ ඔහුට කියන්න.” 17 බාලාම් හැරී ගිය විට බාලාක් රජු හා මෝවබ්හි ප්‍රධානීන් දවන පූජා අසල සිටිනවා ඔහු දුටුවේය. බාලාක් රජ බාලාම්ගෙන් මෙසේ ඇසුවේය. “යෙහෝවා දෙවි ඔබට පැවසුවේ කුමක්ද?” 18 එවිට බාලාම් මේ පණිවිඩය ඔවුන්ට දැන්වූවේය.+
“බාලාක්, දැන් මට සවන් දෙන්න.
ෂිප්පෝර්ගේ+ පුත්‍රය, දැන් මා කියන දේ අසාගෙන සිටින්න.
19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+
මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+
දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.
ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+
21 කිසි මන්තර බලයකින්+ යාකොබ්ට හානියක් වෙන්නවත්
ඔහු පිටට කිසි විපතක් ගෙනෙන්නවත් දෙවි ඉඩ දෙන්නේ නැත.
ඔහුගේ දෙවි වන යෙහෝවා ඔහු සමඟය.+
දෙවි ඔහුගේ රජු බව ප්‍රකාශ කරනු ලබන්නේය.
23 කිසිම මායා බලයකින් යාකොබ්ට හානි කළ නොහැකිය.+
කිසිවිටෙක ඊශ්‍රායෙල්ට විරුද්ධව මන්තර ගුරුකම් කිරීමට නොහැකිය.+
සෙනඟ යාකොබ් හා ඊශ්‍රායෙල් දෙස බලා මෙසේ පවසනු ඇත.
‘බලන්න, දෙවි කර තිබෙන දේ මොන තරම් ශ්‍රේෂ්ඨද!’+
24 මේ සෙනඟ සිංහයෙකු* මෙන් පිබිදෙන හැටි බලන්න.
ඔවුහු සිංහයෙකු* මෙන් නැඟිටින්නෝය.+
ඔවුහු ගොදුර කා අවසන් වන තුරු නොනිදන්නෝය.
මැරුම් කෑ අයගේ ලේ බී අවසන් වන තුරු ඔවුහු ලගින්නේ නැත.”+
25 එය අසා බාලාක් රජ, “ඔවුන්ට ශාප කරන්න බැරි නම් ඔවුන්ට ආශීර්වාද නොකර ඉන්න” කියා බාලාම්ට කීවේය. 26 බාලාම්, රජුට මෙසේ කීවේය. “‘යෙහෝවා දෙවි කී දේ මිස වෙන කිසි දෙයක් මට කිව නොහැකියි’ කියා මම ඔබට කලින්ම පැවසුවා නේද?”+
27 එවිට බාලාක් රජ බාලාම්ට මෙසේ කීවේය. “මා සමඟ එන්න. මම දැන් ඔබව වෙන තැනකට ගෙන යන්නම්. සමහරවිට ඔබට ඒ ස්ථානයේ සිට ඔවුන්ට ශාප කරන්න සැබෑ දෙවි ඉඩ දෙයි.”+ 28 ඉන්පසු බාලාක් රජ බාලාම්ව පෙයෝර් මුදුනට ගෙන ගියේය. පෙයෝර් මුදුනේ සිට බැලූ විට යෙෂිමොන්+ පෙනේ. 29 එතැනට ගිය පසු බාලාම්+ බාලාක් රජුට මෙසේ කීවේය. “මේ ස්ථානයෙත් මට පූජාසන හතක් සාදා දෙන්න. පූජාවට ගවයන් හත්දෙනෙකු හා බැටළුවන් හත්දෙනෙකු සූදානම් කරන්න.”+ 30 බාලාක් රජ, බාලාම් කියූ ලෙසම කළේය. ඒ එක් එක් පූජාසනය මත ඔහු ගවයෙකු හා බැටළුවෙකු ඔප්පු කළේය.+