ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 1 කොරින්ති 2
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 2:1

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:5; කොලො 2:2
  • +1කොරි 1:17; 2කොරි 10:10; 11:6

1 කොරින්ති 2:2

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:14; ෆිලි 3:8

1 කොරින්ති 2:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 10:1; ගලා 4:13

1 කොරින්ති 2:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:19; 1කොරි 4:20; 1තෙස 1:5; 2පේතෘ 1:16

1 කොරින්ති 2:5

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:17
  • +2කොරි 4:7; 6:7

1 කොරින්ති 2:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:20; එෆී 4:13; හෙබ්‍රෙ 5:14
  • +1කොරි 15:24
  • +මතෙ 20:25
  • +1කොරි 3:20; 2කොරි 1:12; 1තිමෝ 6:20

1 කොරින්ති 2:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15; රෝම 16:25; එෆී 3:9
  • +කොලො 1:26

1 කොරින්ති 2:8

හරස් යොමු දැක්වීම්

  • +යොහ 7:48; ක්‍රියා 13:27
  • +1කොරි 1:18; 2කොරි 3:14
  • +ක්‍රියා 4:10; 5:30

1 කොරින්ති 2:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 64:4

1 කොරින්ති 2:10

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:26; 1යොහ 2:27
  • +ද්වි 29:29; මතෙ 16:17; මාක් 4:11; එෆී 3:5; 2තිමෝ 1:10; 1පේතෘ 1:12
  • +රෝම 8:26
  • +යෝබ් 11:7; රෝම 11:33; එෆී 3:18

1 කොරින්ති 2:11

පාදසටහන්

  • *

    ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:9; 8:16
  • +යොහ 14:17; රෝම 8:27

1 කොරින්ති 2:12

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:3; 5:19; එළි 16:14
  • +යොහ 15:26
  • +1යොහ 4:6

1 කොරින්ති 2:13

හරස් යොමු දැක්වීම්

  • +කොලො 2:8; 1තිමෝ 6:20; 2පේතෘ 1:16
  • +යොහ 16:13
  • +හිතෝ 1:23; යොහ 6:63

1 කොරින්ති 2:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 16:23

1 කොරින්ති 2:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:5
  • +1කොරි 4:3

1 කොරින්ති 2:16

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:34
  • +යෙසා 40:13
  • +රෝම 15:5; ෆිලි 2:5

වෙනත්

1 කොරි. 2:1එෆී 3:5; කොලො 2:2
1 කොරි. 2:11කොරි 1:17; 2කොරි 10:10; 11:6
1 කොරි. 2:2ගලා 6:14; ෆිලි 3:8
1 කොරි. 2:32කොරි 10:1; ගලා 4:13
1 කොරි. 2:4රෝම 15:19; 1කොරි 4:20; 1තෙස 1:5; 2පේතෘ 1:16
1 කොරි. 2:5එෆී 1:17
1 කොරි. 2:52කොරි 4:7; 6:7
1 කොරි. 2:61කොරි 14:20; එෆී 4:13; හෙබ්‍රෙ 5:14
1 කොරි. 2:61කොරි 15:24
1 කොරි. 2:6මතෙ 20:25
1 කොරි. 2:61කොරි 3:20; 2කොරි 1:12; 1තිමෝ 6:20
1 කොරි. 2:7උත් 3:15; රෝම 16:25; එෆී 3:9
1 කොරි. 2:7කොලො 1:26
1 කොරි. 2:8යොහ 7:48; ක්‍රියා 13:27
1 කොරි. 2:81කොරි 1:18; 2කොරි 3:14
1 කොරි. 2:8ක්‍රියා 4:10; 5:30
1 කොරි. 2:9යෙසා 64:4
1 කොරි. 2:10යොහ 14:26; 1යොහ 2:27
1 කොරි. 2:10ද්වි 29:29; මතෙ 16:17; මාක් 4:11; එෆී 3:5; 2තිමෝ 1:10; 1පේතෘ 1:12
1 කොරි. 2:10රෝම 8:26
1 කොරි. 2:10යෝබ් 11:7; රෝම 11:33; එෆී 3:18
1 කොරි. 2:11රෝම 1:9; 8:16
1 කොරි. 2:11යොහ 14:17; රෝම 8:27
1 කොරි. 2:121යොහ 4:3; 5:19; එළි 16:14
1 කොරි. 2:12යොහ 15:26
1 කොරි. 2:121යොහ 4:6
1 කොරි. 2:13යොහ 16:13
1 කොරි. 2:13හිතෝ 1:23; යොහ 6:63
1 කොරි. 2:13කොලො 2:8; 1තිමෝ 6:20; 2පේතෘ 1:16
1 කොරි. 2:14මතෙ 16:23
1 කොරි. 2:15රෝම 8:5
1 කොරි. 2:151කොරි 4:3
1 කොරි. 2:16රෝම 11:34
1 කොරි. 2:16යෙසා 40:13
1 කොරි. 2:16රෝම 15:5; ෆිලි 2:5
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
1 කොරින්ති 2:1-16

1 කොරින්ති

2 සහෝදරයෙනි, දෙවිගේ පරිශුද්ධ රහස+ ගැන ඔබට කියා දෙන්න මා මුලින් පැමිණි අවස්ථාවේදී මම ඔබේ සිත් දිනාගැනීමට උගතුන් මෙන් නුහුරු නුපුරුදු භාෂාවක්+ භාවිත කළේ නැත. මම උගතෙකු ලෙස පෙනී සිටින්න උත්සාහ කළෙත් නැත. 2 මම ඔබට යේසුස් ක්‍රිස්තුස් ගැනත්+ ඔහු අප වෙනුවෙන් වධකණුවක මිය ගිය ආකාරය ගැනත් මිස වෙන කිසිවක් ගැන කතා නොකළෙමි. 3 ඇත්තෙන්ම මා ඔබ වෙතට පැමිණි විට මා තුළ චකිතයක් මෙන්ම බියක්ද තිබිණ.+ 4 එහෙයින් මා ඔබට කතා කළ විටත් දේශනා කළ විටත් මගේ උගත්කම යොදාගෙන කිසිම දෙයක් ඔප්පු කරන්න උත්සාහ කළේ නැත. ඒ වෙනුවට මම දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වීම සඳහා අඩිතාලමක් දැමුවෙමි.+ 5 ප්‍රතිඵලයක් ලෙස ඔබ තුළ විශ්වාසයක් ඇති වූයේ මිනිසුන්ගේ ප්‍රඥාව මත පදනම් වූ තර්කවලින් නොව+ දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වූ නිසාය.+

6 අප අවබෝධයෙන් ක්‍රියා කරන අය සමඟ සිටින විට ගැඹුරු දේවල් ගැන කතා නොකරනවාම නොවේ.+ නමුත් අප කතා කරන්නේ ළඟදීම විනාශ වී යන+ මේ සමාජය ගැනවත් එහි පාලකයන් ගැනවත්+ වැදගත් කියා සලකන ගැඹුරු දේවල් ගැනවත් නොවෙයි.+ 7 ඒ වෙනුවට අප කතා කරන්නේ මේ සමාජය තුළ සිටින බොහෝදෙනාගෙන් සඟවා ඇති දෙවිගෙන් ලැබී ඇති ප්‍රඥාව ගැනයි. එය පරිශුද්ධ රහසකි.+ තේජසට පත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අප වෙනුවෙන් දෙවි ඒ දේවල් වෙන් කර තැබුවේ මිනිස් සමාජයක් බිහි වීමටත් පෙර සිටය.+ 8 දෙවිගෙන් ලැබූ මේ ප්‍රඥාව මේ සමාජයේ සිටින එක පාලකයෙකුටවත්+ ලැබී නැත.+ ඔවුන්ට එය ලැබී තිබුණා නම් ඔවුන් අපගේ තේජවත් ස්වාමීන්ව වධකණුවක ඇණ ගසා මරා දමයිද?+ 9 ශුද්ධ ලියවිල්ලෙහි මෙවැනි දෙයක් සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය. “දෙවි තමන් ප්‍රේම කරන අය වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් ගැන සිතන්නවත් කිසි කෙනෙකුට බැරිය. කිසිම කෙනෙක් එවැනි දෙයක් ඇසුවේවත් දුටුවේවත් නැත.”+ 10 නමුත් දෙවි තම බලය අපට ලබා දීමෙන්+ ඒ දේවල් අපට හෙළි කර ඇත.+ ඔහුගේ බලය+ අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන නිසා අපට දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා පවා+ තේරුම්ගැනීමට හැකි වී තිබේ.

11 පුද්ගලයෙක් කල්පනා කරන දේ ඒ පුද්ගලයාගේ සිත* තුළ තිබෙනවා+ මිස ඒ ගැන වෙනත් කිසිවෙක් නොදනියි. දෙවි කල්පනා කරන දේ සම්බන්ධයෙන්ද එය එසේමය. එහෙයින් දෙවි කල්පනා කරන දේවල්ද ඔහු කිරීමට අදහස් කරන දේවල්ද දැනගත හැක්කේ දෙවිගේ බලයෙන් පමණි.+ 12 අප මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී+ දෙවිගේ බලය ලබා ඇති නිසා+ දෙවි ඉතා කාරුණිකව ඒ දේවල් අපට එළිදරව් කර ඇත. දෙවි අප වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් අපට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ ඒ නිසාමය.+ 13 අප ඒ දේවල් දැනගත්තේ අපගේම නුවණින්වත් යම් මිනිසෙකු ඒවා ගැන අපට කියා දුන් නිසාවත් නොවේ.+ අප ඒ දේවල් අවබෝධ කරගත්තේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින්ය.+ ඒ දේවල් අන් අයට පැහැදිලි කර දීමටද දෙවිගේ බලය අපට උපකාර කරයි.+

14 දෙවිගේ බලයේ උපකාරය ඇතුව අවබෝධ කරගත හැකි දේවල් තේරුම්ගැනීමට තම ආශාවන්ට හසු වී සිටින කෙනෙකුට නොහැක. ඔහු ඒ දේවල් දකින්නේ මෝඩ දේවල් ලෙසය. ඒ දේවල් තේරුම්ගැනීමට දෙවිගේ මඟ පෙන්වීම අවශ්‍යය. නමුත් ඔහුට ඒ මඟ පෙන්වීම් නොමැති නිසා ඒ දේවල වටිනාකම අවබෝධ කරගැනීමද ඔහුට නොහැක.+ 15 නමුත් දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන පුද්ගලයා+ එම ගැඹුරු දේවල් තේරුම්ගනියි. කිසි මිනිසෙකුට ඒ පුද්ගලයාව විනිශ්චය කළ නොහැකිය.+ 16 ඇත්තෙන්ම, “යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගෙන+ ඔහුට උගන්වන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් සිටියිද?”+ කෙසේවෙතත් අපට ක්‍රිස්තුස්ගේ මනස+ ගැන අවබෝධයක් තිබේ.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න