ද්විතීය කතාව
14 “ඔබ සියලුදෙනා යෙහෝවා දෙවිගේ දරුවෝ.+ ඒ නිසා මිය ගිය කෙනෙක් වෙනුවෙන් ඔබේ සිරුර තුවාල+ කරගන්නවත් ඔබේ ඇහි බැමි බූ+ ගාන්නවත් එපා. 2 ඔබ එසේ නොකළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක්+ වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක්+ ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.
3 “ඔබ කිසිම පිළිකුල්සහගත දෙයක් ආහාරයට නොගත යුතුයි.+ 4 ගවයන්, බැටළුවන්, එළුවන්,+ 5 වල් එළුවන්, වල් බැටළුවන්, විවිධ මුව වර්ග*+ සහ 6 කුර දෙකට බෙදුණු, වමාරා කන සියලුම සතුන්ව+ ආහාරයට ගන්න ඔබට පුළුවන්. 7 නමුත් එම සතුන් අතරින් ඔබ නොකෑ යුතු සතුන් නම් ඔටුවන්,+ හාවුන්+ සහ බෙන්හාවුන්.+ උන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැති නිසා උන්ව සැලකිය යුත්තේ අපවිත්‍ර සතුන් ලෙසයි. 8 ඌරාත්+ අපවිත්‍ර සතෙක්. උගේ කුර බෙදී තිබුණත් ඌ වමාරා කන්නේ නැති නිසා ඌව අපවිත්‍ර සතෙක් ලෙස සැලකිය යුතුයි. මේ සතුන්ගේ මස් ඔබ කිසි ලෙසකින්වත් අනුභව නොකළ යුතුයි. උන්ගේ මළ කුණකටවත් අත තබන්න එපා.+
9 “මසුන්ගෙන් ඔබට ආහාරයට ගත හැක්කේ වරල් සහ කොරපොතු ඇති මසුන් පමණයි.+ 10 වරල් සහ කොරපොතු නැත්නම් උන්ව අනුභව කරන්න එපා.+ උන් අපවිත්‍රයි.
11 “පවිත්‍රයයි සලකන සියලු කුරුල්ලන් ආහාරයට ගන්න ඔබට පුළුවන්. 12 නමුත් ඔබ ආහාරයට නොගත යුතු කුරුල්ලන් නම් රාජාලියන්, කලු ගිජුලිහිණියන්, මාළු උකුස්සන්,+ 13 රතු උකුස්සන්, කලු උකුස්සන්+ සහ වෙනත් වර්ගයේ උකුස්සන්.* 14 කපුටන්වත්+ ආහාරයට නොගන්න. 15 පැස්බරුන්,+ බස්සන්, මුහුදු කපුටන්, කුරුලුගොයන්, 16 කුඩා බස්සන්, කන් දිග බස්සන්,+ හංසයන්, 17 පැස්තුඩුවන්,+ ගිජුලිහිණියන්, දියකාවුන්, 18 මානකොකුන් ඇතුළු වෙනත් කොක්කු වර්ග මෙන්ම පොරෝ කුරුල්ලන් සහ වවුලන්+ යනාදි පක්ෂීන්වද අනුභව නොකරන්න. 19 මීට අමතරව රංචු පිටින් පියාසර කරන කෘමීන්ද අපවිත්‍රයයි සැලකිය යුතුයි.+ උන්ව ආහාරයට නොගන්න. 20 නමුත් පියාසර කරන සතුන් අතරින් පවිත්‍රයයි සැලකෙන ඕනෑම සතෙක්ව ආහාරයට ගන්න ඔබට පුළුවන්.
21 “මිය ගිය සතෙකුව ඔබට සම්බ වුණොත් ඔබ ඌව ආහාරයට නොගත යුතුයි.+ ඔබ සමඟ වාසය කරන විදේශිකයෙක් ඒ සතාව ආහාරයට ගන්න කැමති නම් ඔහුට ඒ සතාව දෙන්න පුළුවන්. එසේ නැත්නම් වෙනත් ජාතියකට අයත් කෙනෙකුට ඒ සතාව විකිණිය හැකියි. යෙහෝවා දෙවි ඔබව ශුද්ධ සෙනඟක් ලෙස සලකන බව සෑමවිටම මතක තබාගන්න.
“එළු පැටියෙකුව උගේම මවගේ කිරිවලින් පිස කෑමට නොගන්න.+
22 “වර්ෂයක් වර්ෂයක් පාසා ඔබේ කෙත්වතුවලින් නෙළාගන්නා අස්වැන්නෙන් දසයෙන් කොටසක් ඔබ වෙන් කරගත යුතුයි.+ 23 ඔබේ ධාන්‍ය අස්වැන්නෙන්,+ ඔබ අලුතින් පෙරූ වයින්වලින් හා ඔබ නිපදවූ තෙල්වලින් වෙන් කරගත් දසයෙන් කොටසත් ඔබ ගව රැළෙන් හා එළු බැටළු රැළෙන් ගත් කුලුඳුල් සතුන්වත්+ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගත් ස්ථානයට ගෙන ගොස් ආහාරයට ගත යුතුයි. එසේ කිරීමෙන් ඔබේ දෙවි වන යෙහෝවාට නිතරම ගරුබිය ඇතුව ජීවත් වෙන්න ඔබ ඉගෙනගනියි.+
24 “ඔබ පදිංචි වී සිටින ස්ථානය යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයෙන්+ බොහෝ ඈතක පිහිටා තිබෙන්න පුළුවන්.+ ඔබ වෙන් කරගත් ඒ සියල්ල රැගෙන දෙවි නියම කළ ස්ථානයට ගමන් කරන්න ඔබට අපහසු නම් කළ යුත්තේ මෙයයි. යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඇතුව+ 25 ඔබ එකතු කරගත් සියල්ල විකුණා ඒ මුදල රැගෙන යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගත් ස්ථානයට ගමන් කරන්න. 26 ඒ මුදල්වලින් ඔබට කැමති දෙයක්+ එනම්, ගවයන්, බැටළුවන්, එළුවන්, වයින් සහ මත්පැන්+ ආදි ඕනෑම දෙයක් මිල දී ගන්න පුළුවන්. ඉන්පසුව ඔබටත් ඔබේ පවුලේ සාමාජිකයන්ටත් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ කෑම කා ප්‍රීති විය හැකියි.+ 27 ඔබේ නුවරේ පදිංචි වී සිටින ලෙවීවරුන්ට දේශයේ කොටසක් උරුම වී නැති නිසා+ ඔවුන්වද අමතක කරන්න එපා.+
28 “සෑම අවුරුදු තුනකට වරක්, ඔබට ලැබෙන මුළු අස්වැන්නෙන් වෙන් කරගන්නා දසයෙන් කොටස+ ඔබ ජීවත් වන නුවරේ යම් ස්ථානයක ගොඩගසා තැබිය යුතුයි. 29 ඔබ ගොඩගැසූ එම අස්වැන්නෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය රැගෙන යෑමට, ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්ට,+ පියා නැති දරුවන්ට, වැන්දඹුවන්ට+ හා දේශයෙන් උරුමයක් නොලබන ලෙවීවරුන්ට+ හැකියි. ඔබ මෙසේ ක්‍රියා කළොත් ඔබේ දෙවි වන යෙහෝවා ඔබ කරන සියල්ලට+ ආශීර්වාද+ කරයි.