ද්විතීය කතාව
20 “ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ යුද්ධයට යන විට ඔවුන් ඔබට වඩා බොහෝ අශ්වයන් හා අශ්ව රථ+ තිබෙන බලවත් සෙනඟක් බව ඔබට පෙනී යනවා නම් ඒ ගැන බිය වෙන්න එපා. ඔබව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.+ 2 යුද්ධයට යන අවස්ථාව එළඹෙන විට උත්තම පූජකයා සෙනඟ ළඟට ඇවිත් ඔවුන්ට කතා කළ යුතුයි.+ 3 ඔහු ඔවුන්ට පැවසිය යුත්තේ මෙයයි. ‘ඊශ්‍රායෙල්වරුනි, මට සවන් දෙන්න. ඔබ දැන් සූදානම් වෙන්නේ ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්නයි. ඔබ ඔවුන් වෙතින් භයෙන් පලා යන්න එපා.+ ඔවුන්ට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ 4 මන්ද ඔබ වෙනුවෙන් ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔබේ දෙවි වන යෙහෝවා සිටිනවා. ඔහු ඔබව ගලවාගනී.’+
5 “ඉන්පසු අධිපතීන්+ සෙනඟට මෙසේ පැවසිය යුතුයි. ‘ඔබ අතරේ අලුත් ගෙයක් ගොඩනඟා තවමත් එය වෙනුවෙන් උත්සවයක් පවත්වා නැති කෙනෙක් සිටිනවා නම් ඔහුට ආපහු තම නිවස බලා යන්න පුළුවන්. නැත්නම් ඔහු හදිස්සියේ සටනේදී මිය ගියොත් ඒ නිවස වෙනුවෙන් පැවැත්විය යුතු උත්සවය වෙන කෙනෙක් පවත්වන්න ඉඩ තිබෙනවා.+ 6 මිදිවත්තක් වවා එහි පලදාව තවමත් නෙළා නැති කෙනෙක් සිටිනවා නම් ඔහුටත් තම නිවස බලා ආපහු යන්න පුළුවන්. නැත්නම් ඔහු හදිස්සියේ සටනේදී මිය ගියොත් එහි පලදාව වෙන කෙනෙක් එකතු කරගනියි.+ 7 ස්ත්‍රියක් හා විවාහ වීමට ගිවිසගෙන තිබෙන කෙනෙක් ඔබ අතරේ සිටිනවා නම් ඔහු තම නිවස බලා ගොස් ඒ ස්ත්‍රියව විවාහ කරගත යුතුයි.+ නැත්නම් ඔහු හදිස්සියේ සටනේදී මිය ගියොත් ඔහුගේ භාර්යාව වෙනත් පුරුෂයෙකුට අයිති විය හැකියි.’ 8 අධිපතීන් මේ දේත් සෙනඟට කිව යුතුයි. ‘ඔබ අතරෙන් කවුරු හරි කෙනෙක් යුද්ධයට යන්න භය නම්+ ඔහුට තම නිවසට හැරී යන්න පුළුවන්. නැත්නම් ඔහු නිසා ඔහුගේ සහෝදරයනුත් අධෛර්යයට පත් වෙයි.’+ 9 එසේ පැවසුවායින් පසු අධිපතීන් හමුදාවේ ප්‍රධානීන් ලෙස කටයුතු කිරීම සඳහා කිහිපදෙනෙකුව පත් කළ යුතුයි.
10 “ඔබ නුවරක් ළඟට ගොස් එයට විරුද්ධව සටන් කිරීමට පෙර ඔවුන්ට ඔබ සමඟ සමාදාන වීමට ආරාධනා කරන්න.+ ඒ සඳහා ඔබේ කොන්දේසි ඔවුන්ට ඉදිරිපත් කළ යුතුයි. 11 ඔවුන් එම කොන්දේසිවලට එකඟ වී නුවරේ දොරටු ඔබට විවෘත කළොත් එහි සිටින අයව මෙහෙකාරකමට ගන්න ඔබට පුළුවන්. එතැන් පටන් ඔවුන් ඔබට යටත් වී සේවය කළ යුතුයි.+ 12 නමුත් ඔවුන් ඔබේ කොන්දේසිවලට එකඟ නොවී+ ඔබට විරුද්ධව යුද්ධ කරන්න සූදානම් වෙනවා නම් ඒ නුවර වටලන්න ඔබට සිදු වෙයි. 13 යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඒ නුවර ඔබේ අතට පත් කර දෙයි. ඔබ එහි සිටින සෑම පුරුෂයෙකුවම කඩුවෙන් මරා දැමිය යුතුයි.+ 14 නමුත් නුවරේ සිටින ස්ත්‍රීන්, කුඩා දරුවන්,+ සතුන්+ හා එහි තිබෙන සෑම වස්තුවක්ම ගන්න ඔබට පුළුවන්.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ අතට පත් කර දුන් සතුරන්ට අයිති සෑම දෙයක්ම ඔබේ භාවිතය සඳහා ගන්න පුළුවන්.+
15 “ඔබ පදිංචි වන දේශයට බොහෝ දුර බැහැරව තිබෙන නුවරවලට ඔබ කළ යුත්තේ එයයි. 16 නමුත් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ අවට සිටින ජාතීන්ගේ නුවරවල කිසිම දෙයක් ඉතුරු නොකර ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයි.+ 17 ඒ අනුව යෙහෝවා දෙවි අණ කළ ආකාරයටම හිත්තීවරුන්, අමෝරිවරුන්, කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන්, යෙබූසිවරුන් යන ජාතීන්ව ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ 18 ඔබ අනිවාර්යයෙන්ම එසේ කළ යුතුයි. නැත්නම් ඔවුන් තම දෙවිවරුන්ට නමස්කාර කරද්දී කළ සියලුම පිළිකුල්සහගත දේවල් කරන්න ඔබත් පුරුදු වී ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව පව් කරයි.+
19 “සතුරු නුවරක් අල්ලාගැනීම සඳහා දින ගණනාවක් පුරා එය වටලා සිටින්න ඔබට සිදු වුණොත් ඒ නුවර අවට තිබෙන ගස් කපා නොදමන්න.+ මන්ද ඔබට සතුරුකම් පාන්නේ ඒ ගස් නොවෙයි. ඒ ගස්වල පල ආහාරය සඳහා ගන්න ඔබට පුළුවන්. 20 නමුත් කිසි පලදාවක් නැති ගස් කපා දමන්න ඔබට අවසර තිබෙනවා. ඒ ගස්වලින් නුවර වටලෑම සඳහා විශාල වැටක්+ ගොඩනඟා ඒ නුවර ඔබේ අතට පත් වන තෙක් සටන් කරන්න ඔබට පුළුවන්.