ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • ද්විතීය කතාව 25
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව 25:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:8; 19:17; 21:5
  • +ද්වි 16:18; 17:9
  • +නික් 23:6; 2ලේක 19:6; හිතෝ 17:15; 31:9; යෙසා 5:23

ද්විතීය කතාව 25:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:29; ලූක් 12:48
  • +හිතෝ 10:13; 20:30; 26:3; හෙබ්‍රෙ 2:2

ද්විතීය කතාව 25:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:24

ද්විතීය කතාව 25:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:10; 1කොරි 9:9; 1තිමෝ 5:18

ද්විතීය කතාව 25:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:8; රූත් 4:5; මාක් 12:19

ද්විතීය කතාව 25:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:9; රූත් 4:10, 14
  • +ගණන් 27:4; 2සාමු 18:18

ද්විතීය කතාව 25:7

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:4

ද්විතීය කතාව 25:8

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:6

ද්විතීය කතාව 25:9

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:7
  • +ගණන් 12:14
  • +ද්වි 25:5

ද්විතීය කතාව 25:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:20; ද්වි 23:1

ද්විතීය කතාව 25:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:13, 21

ද්විතීය කතාව 25:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:1; 16:11; 20:10; මීකා 6:11

ද්විතීය කතාව 25:14

පාදසටහන්

  • *

    නික් 16:36හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:36; ලෙවී 19:36; එස 45:10; ආමො 8:5

ද්විතීය කතාව 25:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:40; 1පේතෘ 3:10

ද්විතීය කතාව 25:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:35; රෝම 9:14

ද්විතීය කතාව 25:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:8; ගණන් 24:20

ද්විතීය කතාව 25:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:16; ගීතා 36:1; රෝම 3:18

ද්විතීය කතාව 25:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:14; 1සාමු 14:48; 15:3; 1ලේක 4:43; එස්ත 3:1; 7:10
  • +යොෂු 22:4

වෙනත්

ද්වි. 25:1ද්වි 17:8; 19:17; 21:5
ද්වි. 25:1ද්වි 16:18; 17:9
ද්වි. 25:1නික් 23:6; 2ලේක 19:6; හිතෝ 17:15; 31:9; යෙසා 5:23
ද්වි. 25:2හිතෝ 19:29; ලූක් 12:48
ද්වි. 25:2හිතෝ 10:13; 20:30; 26:3; හෙබ්‍රෙ 2:2
ද්වි. 25:32කොරි 11:24
ද්වි. 25:4හිතෝ 12:10; 1කොරි 9:9; 1තිමෝ 5:18
ද්වි. 25:5උත් 38:8; රූත් 4:5; මාක් 12:19
ද්වි. 25:6උත් 38:9; රූත් 4:10, 14
ද්වි. 25:6ගණන් 27:4; 2සාමු 18:18
ද්වි. 25:7රූත් 4:4
ද්වි. 25:8රූත් 4:6
ද්වි. 25:9රූත් 4:7
ද්වි. 25:9ගණන් 12:14
ද්වි. 25:9ද්වි 25:5
ද්වි. 25:11ලෙවී 21:20; ද්වි 23:1
ද්වි. 25:12ද්වි 19:13, 21
ද්වි. 25:13හිතෝ 11:1; 16:11; 20:10; මීකා 6:11
ද්වි. 25:14නික් 16:36; ලෙවී 19:36; එස 45:10; ආමො 8:5
ද්වි. 25:15ද්වි 4:40; 1පේතෘ 3:10
ද්වි. 25:16ලෙවී 19:35; රෝම 9:14
ද්වි. 25:17නික් 17:8; ගණන් 24:20
ද්වි. 25:18නික් 15:16; ගීතා 36:1; රෝම 3:18
ද්වි. 25:19නික් 17:14; 1සාමු 14:48; 15:3; 1ලේක 4:43; එස්ත 3:1; 7:10
ද්වි. 25:19යොෂු 22:4
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 25:1-19

ද්විතීය කතාව

25 “මිනිසුන් දෙදෙනෙකු අතර යම් ආරවුලක් ඇති වුණොත්+ එය විසඳාගැනීමට ඔවුන් විනිශ්චයකරුවන් ඉදිරියට පැමිණිය යුතුයි.+ ඒ විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා කවුද කියා පැහැදිලිව හඳුනාගෙන නිවැරදි තීන්දුවක් දිය යුතුයි.+ 2 වරදකරුව හඳුනාගත් පසු දඬුවමක් ලෙස ඔහුට පහර දීමට තීන්දු කර ඇත්නම්+ ඔහුව බිම දිගා කර, වරදේ බරපතළකම හැටියට ඔහුට ගැසිය යුතුයි.+ එය සිදු විය යුත්තේ විනිශ්චයකරුගේ අධීක්ෂණය යටතෙයි. 3 නමුත් ඔහුට පහරවල් හතළිහකට වඩා ගැසීමට අවසර නැහැ. ඔබේ සහෝදරයෙක් වූ ඔහුට ඊට වැඩියෙන් පහර දුන්නොත්+ සියලුදෙනා ඉදිරියේ ඔහු නින්දාවට පත් වෙයි.

4 “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා.+

5 “සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලක එක් සහෝදරයෙක් විවාහ වූ පසු දරුවන් නොමැතිව ඔහු මිය ගියායයි සිතන්න. එවැනි අවස්ථාවක ඔහුගේ බිරිඳව වෙනත් පවුලක කෙනෙකුට විවාහ කර නොදිය යුතුයි. ඒ වෙනුවට ඔහුගේ සහෝදරයෙක් මස්සිනාගේ යුතුකම් ඉටු කරමින් ඇයව විවාහ කරගත යුතුයි.+ 6 එසේ විවාහ වූ පසු ඇය බිහි කරන කුලුඳුල් පුත්‍රයාට මිය ගිය සහෝදරයාගේ නම ලබා දිය යුතුයි.+ එවිට ඒ මිය ගිය තැනැත්තාගේ පෙළපත ඊශ්‍රායෙල් දේශයෙන් නැති වී නොයයි.+

7 “නමුත් ඔහු තම මිය ගිය සහෝදරයාගේ බිරිඳව විවාහ කරගැනීමට අකමැති නම් ඒ වැන්දඹුව නුවරේ දොරටු අසල රැස්ව සිටින වැඩිමහල්ලන් ළඟට ගොස්+ මෙසේ පැවසිය යුතුයි. ‘මගේ සැමියා මිය ගිහින්. නමුත් ඔහුගේ සහෝදරයා කැමති නැහැ මාව විවාහ කරගන්න. මගේ සැමියාගේ පෙළපත ඊශ්‍රායෙල් දේශයෙන් නැති වෙයි කියා දැන දැනත් ඔහු මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න කැමති නැහැ.’ 8 එවිට නුවරේ වැඩිමහල්ලන් ඔහුව කැඳවා ඔහුගෙන් ඒ ගැන ඇසිය යුතුයි. ‘ඇයව විවාහ කරගන්න මගේ කැමැත්තක් නැහැ’+ කියා ඔහු පැවසුවොත් කළ යුත්තේ මෙයයි. 9 ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ඔහුගේ පාදයෙන් පාවහනක් ගලවා+ ඔහුගේ මුහුණට කෙළ ගසා,+ ‘සහෝදරයාගේ පවුල ගැන තැකීමක් නැති කෙනෙකුට සැලකිය යුත්තේ මෙහෙමයි’+ කියා නුවරේ වැඩිමහල්ලන් ඉදිරියේ පැවසිය යුතුයි. 10 එතැන් පටන් ඔහුගේ පෙළපත ඊශ්‍රායෙල් දේශයේ ‘පාවහනක් ගලවනු ලැබූ තැනැත්තාගේ පෙළපත’ ලෙස හැඳින්විය යුතුයි.

11 “පුරුෂයන් දෙදෙනෙක් අතර දබරයක් ඇති වී ඔවුන් පොර අල්ලන විට එක් කෙනෙකුගේ භාර්යාව තම පුරුෂයාට උපකාර කිරීමේ අදහසින් අනික් තැනැත්තාගේ ලිංගේන්ද්‍රියෙන් අල්ලාගත්තොත්+ 12 ඊට දඬුවමක් වශයෙන් ඇගේ අත කපා ඉවත් කරන්න. ඇයට කිසි අනුකම්පාවක් පෙන්වන්න එපා.+

13 “ඔබේ මල්ලේ නියම බර ඇති මිනුම් පඩියකුත් අඩු බර ඇති මිනුම් පඩියකුත් තබාගන්න එපා.+ 14 ඔබේ නිවසේ නියම ඒපා මිනුමක්*+ සහ හොර ඒපා මිනුමක් තබාගන්න එපා. 15 ඔබේ මිනුම් පඩි සියල්ල නිවැරදි විය යුතුයි. ඔබේ ඒපා මිනුමද නිවැරදි එකක් විය යුතුයි. ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ බොහෝ කාලයක් පුරා ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.+ 16 එවැනි වංචනික දේවල් කරන තැනැත්තන්ව යෙහෝවා දෙවි පිළිකුල් කරයි.+

17 “ඔබ ඊජිප්තුවෙන් නිදහස් වී ගමන් කරමින් සිටි විට අමලෙක්වරුන් ඔබට කළ දේ හොඳින් මතක තබාගන්න.+ 18 ගමන් විඩාව නිසා ඔබ අතරේ බොහෝදෙනෙක් සිටියේ හොඳටම හෙම්බත් වෙලයි. නමුත් දෙවිට කිසිම ගරුබියක්+ නොදැක්වූ අමලෙක්වරුන්, හෙම්බත් වී පිටුපසින්ම ගමන් කළ අයට පහර දුන්නා. 19 ඒ නිසා ඔබ අමලෙක්වරුන් කියන ජාතිය සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුයි.+ ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයට ගොස් එහි පදිංචි වී කිසිම සතුරෙකුගෙන් හිරිහැරයක් නොවිඳිමින් සමාදානයෙන් ජීවත් වන කාලයේදීයි.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන ඒ කාලයේදී අමලෙක්වරුන්ට කළ යුතු දේ අමතක කරන්න එපා.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න