16 “‘“ඔහු තමා දුන් පොරොන්දුව සුළු කොට තකමින් ගිවිසුම කඩ කළ බැවින්+ තමාව රජු ලෙස පත් කළ තැනැත්තාගේ දේශයෙහිම මිය යනු ඇත.+ ඔහු බැබිලෝනියෙහි මිය යන්නේය. ජීවමාන දෙවි වන මා+ පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය.” එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.