ගීතාවලිය
2 ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු නිසා සතුටු වෙන්න.+
සියොන් පුත්‍රයෙනි, ඔබේ රජු නිසා ප්‍රීති වෙන්න.
4 මොකද යෙහෝවා තමන්ගේ සෙනඟ ගැන සතුටු වෙනවා.+
ඔහු නිහතමානී අයව ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+
5 විශ්වාසවන්ත සෙනඟෙනි, ඔබව ගෞරවයට පත් කරලා තියෙන නිසා ප්‍රීතියෙන් ඉපිල යන්න.
ඔබේ යහනේ ඉඳන් සතුටින් හඬ නඟන්න.+
6 දෙවියන්ට ගයන ප්‍රශංසා ගී හැමදාමත් ඔබේ දිව අග රැඳේවා!
දෙමුවහත් කඩුවක් හැමදාමත් ඔබේ අතේ තිබේවා!
7 ඒ කඩුවෙන් ජාතීන්ට පහර දෙන්න.
ඔවුන්ට දඬුවම් කරන්න.
8 රජවරුන්ට විලංගු දාලා
ඔවුන්ගේ වංශවත් අයව යදම්වලින් බඳින්න.
9 ඔවුන්ට විරුද්ධව ලියලා තියෙන තීන්දුව ක්‍රියාත්මක කරන්න.+
ඒ තීන්දුව ක්‍රියාත්මක කරන ගෞරවය හිමි වෙන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න හැමෝටමයි.
යාහ්ට ප්‍රශංසා කරන්න!*