උත්පත්ති
49 පසුව යාකොබ් තම පුත්‍රයන්ට කතා කර මෙසේ කීවේය. “ඔබ සියලුදෙනාම මා ළඟට එන්න. ඉදිරියේදී සිදු වෙන්න යන දේවල් මම ඔබට කියන්නම්. 2 යාකොබ්ගේ පුත්‍රයෙනි, මා ළඟට එන්න. ඔබේ පියා වන ඊශ්‍රායෙල් කියන දේට ඇහුම්කන් දෙන්න.+
3 “රූබෙන්, ඔබ මගේ කුලුඳුලාය.+ ඔබ මගේ ශක්තියය. මගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය ඔබයි.+ උසස්ම ගෞරවයද බලයද හිමිව තිබුණේ ඔබටයි. 4 නමුත් ඔබ වේගයෙන් ගසාගෙන යන ජල ධාරාවක් මෙන් ක්‍රියා කර ඔබේ පියාගේ යහන කිලිටි කළ බැවින්+ ඔබ උසස් නොවන්නෙහිය.+ රූබෙන් මගේ යහන කිලිටි කළේය.+
5 “සිමියොන් සහ ලෙවී සහෝදරයෝය.+ ඔවුහු තම කඩු අතට ගෙන දරුණු අපරාධ සිදු කරන්නෝය.+ 6 මා කිසිදා ඔවුන්ගේ ඇසුරට නොවැටේවා!+ ඔවුන්ගේ මිතුරු කැලට එකතු නොවේවා!+ මන්ද ඔවුහු කෝපයෙන් මිනී මැරුවෝය.+ දරුණු ලෙස හරකුන්ගේ පාද තුවාල කළෝය. 7 ඔවුන්ගේ කෝපය+ දරුණුය.+ උදහස භයානකය.+ එබැවින් ඔවුන් පිටට ශාප පැමිණෙනු ඇත. ඔවුන්ව යාකොබ්ගේ දේශයේ සෑම තැනකටම යවා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ විසුරුවාහරින්නෙමි.+
8 “යූදා,+ ඔබ නම් ඔබේ සහෝදරයන්ගෙන් ප්‍රශංසාව ලබන්නෙහිය.+ ඔවුහු ඔබ ඉදිරියේ දණ නමන්නෝය.+ ඔබේ සතුරන්ව ඔබ බෙල්ලෙන්ම අල්ලාගන්නෙහිය.+ 9 යූදා සිංහ පැටවෙකි.+ මාගේ පුත්‍රය, ඔබ ගොදුර කා නැඟිට යන්නෙහිය. ඔබ සිංහයෙකු මෙන් බිම දිගා වන්නෙහිය. සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යය ඇත්තේ කාටද?+ 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ 11 ඔහු තම බූරුවාව මිදිවැලක ගැට ගසන්නේය. ඔහු හොඳම මිදිවැල තෝරා උගේ පැටවාව එහි ගැට ගසන්නේය. ඔහු තම ඇඳුම් වයින්වලින්ද මිදියුෂවලින්ද සෝදාගන්නේය.+ 12 ඔහුගේ දෙනෙත් වයින්වලින් දීප්තිමත්* වී ඇත. ඔහුගේ දත් කිරිවලින් සුදු වී ඇත.
13 “සෙබ්‍යූලන් මුහුදු වෙරළ අසල ජීවත් වන්නේය.+ ඔහු මුහුදු වෙරළේ නැව් නවත්වා තිබෙන තැන්වල කල් ගෙවන්නේය.+ ඔහුගේ දේශ සීමාව සීදොන් දක්වා දිව යන්නේය.+
14 “ඉසකාර්+ ශක්තිමත් බූරුවෙකු මෙනි. ඔහු ලැග සිටියදීත් බර මලු දෙකක් දෙපස එල්ලා තබාගන්නේය. 15 නවාතැන හොඳ බවත් දේශය සරුසාර බවත් ඔහු තේරුම්ගන්නේය. ඔහු කැමැත්තෙන්ම බර කරට ගන්නේය. වහලෙකු මෙන් ඔහුගෙන් වැඩ ගන්නේය.
16 “ඊශ්‍රායෙල්හි ගෝත්‍රයක් වන දාන් මුළු සෙනඟ විනිශ්චය කරන්නේය.+ 17 දාන් මඟ අසල රැක සිටින සර්පයෙකු මෙන් වන්නේය. අශ්වයන්ගේ පාදවලට දෂ්ට කර අසරුවන්ව බිම වැටෙන්න සලස්වන පොළඟෙකු මෙන් ඔහු ක්‍රියා කරන්නේය.+ 18 යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම දෙන තෙක් මම බලා සිටින්නෙමි.+
19 “ගාද්ට කොල්ලකරුවෝ පහර දෙන්නෝය. නමුත් ඔහු කොල්ලකරුවන් පසුපස ලුහුබඳිමින් ඔවුන්ට පහර දෙන්නේය.+
20 “ආෂෙර්ට හොඳම ආහාර ලැබෙනු ඇත.+ ඔහු රජෙකුට දීමට තරම් සුදුසු කෑම පිළිගන්වන්නේය.+
21 “නෆ්තලී+ වේගයෙන් දුව පැන යන මුවදෙනක මෙනි. ඔහු ප්‍රිය වචන පවසන්නේය.+
22 “යෝසෙප් පල දරන ගසක රිකිල්ලකි.+ ඔහු දිය උල්පතක් ළඟ සිටවූ,+ පවුරක් දිගේ අතු විහිදුවන ගසක රිකිල්ලකි.+ 23 දුනුවායෝ ඔහු සමඟ වෛර බැඳගෙන සිටියෝය. ඔහුට හිරිහැර කර ඊතලවලින් විද්දෝය.+ 24 නමුත් ඔහුගේ දුන්න ස්ථිරව පිහිටා තිබේ.+ ඔහුගේ දෑත් සවිමත්ය, ක්‍රියාශීලීය.+ ඔහු ශක්තිය ලබන්නේ යාකොබ්ගේ බලවත් දෙවිගෙන්ය.+ ඊශ්‍රායෙල්ගේ එඬේරා සහ පර්වතය වන ඔහු,+ 25 ඔබේ පියා නමස්කාර කරන දෙවිගෙන් ලද ත්‍යාගයකි.+ ඔහු සියලු බලැති තැනැත්තාට ළංව සිටින්නේය.+ මගේ පුත් යෝසෙප්, දෙවි ඔබට උපකාර කරන්නේය.+ දෙවි අහසින්ද+ ගැඹුරු දිය උල්පත්වලින්ද ඔබට බොහෝ ආශීර්වාද වගුරුවන්නේය.+ ඔහු දරු සම්පතින්ද ඔබට නොඅඩුව ආශීර්වාද කරන්නේය.+ 26 ඔබේ පියාගෙන් ලැබෙන ආශීර්වාද සදහටම පවතින කඳුවලින් ලැබෙන හොඳ දේවලට වඩා වටින්නේය.+ බොහෝ කල් පවතින හෙල්වල අලංකාරයට වඩා අගනේය.+ ඔහුගේ සහෝදරයන් අතරින් වෙන් කර තැබුවාවූ යෝසෙප්ට* ඒ ආශීර්වාද සැමදා ලැබෙන්නේය.+
27 “බෙන්ජමින් වෘකයෙකු මෙන් ගොදුර ඉරා දමන්නේය.+ ඔහු උදේ ගොදුර කන්නේය. සවස කොල්ලය බෙදාගන්නේය.”+
28 ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළහ පැවත එන්නේ මොවුන්ගෙන්ය. ඔවුන්ගේ පියා ඔවුන් එක් එක් කෙනාට ගැළපෙන ආශීර්වාදයක් දුන්නේය.+
29 ඉන්පසු ඔහු ඔවුන්ට මෙසේ අණ කළේය. “මම මැරෙන මොහොත ඉතා ළඟයි.+ මගේ පියවරුන් වගේම මාවත් හිත්තී ජාතික එෆ්‍රොන්ගේ ඉඩමේ තිබෙන ගුහාවේ තැන්පත් කරන්න.+ 30 ඒ ගුහාව තිබෙන්නේ කානාන් දේශයේ මම්රේට ඉදිරියෙන් පිහිටි මක්පේලා නම් ඉඩමේ. සොහොන් ගෙයක් අවශ්‍ය වුණ නිසා ආබ්‍රහම් එෆ්‍රොන්ගෙන් ඒ ඉඩම මිල දී ගත්තා.+ 31 ආබ්‍රහම්වත් ඔහුගේ භාර්යාව වන සාරාවත් ඒ ඉඩමේ තැන්පත් කළා.+ ඊසාක් සහ ඔහුගේ භාර්යාව වන රෙබෙකාව තැන්පත් කළෙත් එතැනමයි.+ මම ලෙයාව තැන්පත් කළෙත් එතැනයි. 32 ඉඩම හා ඒ එක්කම තිබෙන ගුහාව මිල දී ගත්තේ හෙත්ගේ පුත්‍රයන්ගෙන්.”+
33 යාකොබ් තම පුත්‍රයන්ට ඒ සියල්ල කී පසු නැවතත් ඇඳේ හාන්සි විය. ඔහු තම අවසන් හුස්ම හෙළා මිය ගියේය.+