ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • බයිබලය
  • පොත් සහ වීඩියෝ
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 13
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

කනගාටුයි. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් 13:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:2; 1ලේක 3:1
  • +උත් 34:3; මතෙ 5:28
  • +1ලේක 3:9
  • +2සාමු 3:3; 1ලේක 3:2

2 සාමුවෙල් 13:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:19
  • +2පේතෘ 2:14
  • +හිතෝ 4:23; කොලො 3:5

2 සාමුවෙල් 13:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:35
  • +1සාමු 16:9; 1ලේක 2:13

2 සාමුවෙල් 13:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:5
  • +ලෙවී 18:9
  • +ලෙවී 20:17; මතෙ 15:19; 1තෙස 4:5

2 සාමුවෙල් 13:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 24:8
  • +ගීතා 50:19

2 සාමුවෙල් 13:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:9

2 සාමුවෙල් 13:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:1, 9

2 සාමුවෙල් 13:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 24:15; යොහ 3:20

2 සාමුවෙල් 13:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:12
  • +ද්වි 27:22; එස 22:11
  • +උත් 39:7

2 සාමුවෙල් 13:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:2
  • +උත් 34:7; විනි 20:6; හිතෝ 7:7
  • +ලෙවී 18:9; 20:17

2 සාමුවෙල් 13:14

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:15
  • +ලෙවී 18:9, 29

2 සාමුවෙල් 13:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:3

2 සාමුවෙල් 13:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:6; එස්ත 4:1; යෝබ් 2:8; යෙරෙ 6:26
  • +යෙරෙ 2:37

2 සාමුවෙල් 13:20

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:3; 13:1
  • +2සාමු 3:2; 1ලේක 3:1
  • +ලෙවී 18:9; ද්වි 27:22

2 සාමුවෙල් 13:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:24
  • +හිතෝ 19:13

2 සාමුවෙල් 13:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:7; ලෙවී 19:17; හිතෝ 18:19; 26:24; එෆී 4:26; 1යොහ 3:15

2 සාමුවෙල් 13:23

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:54
  • +1සාමු 25:4, 11
  • +1රාජා 1:9, 19, 25

2 සාමුවෙල් 13:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:20
  • +රූත් 2:4

2 සාමුවෙල් 13:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:21; හිතෝ 10:18; 26:24

2 සාමුවෙල් 13:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:25, 26

2 සාමුවෙල් 13:28

හරස් යොමු දැක්වීම්

  • +රූත් 3:7; 1සාමු 25:36; එස්ත 1:10; ගීතා 104:15; දේශ 2:3; 10:19
  • +1සාමු 28:10, 13

2 සාමුවෙල් 13:29

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:18; 1රාජා 21:11

2 සාමුවෙල් 13:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:34; 2සාමු 3:31
  • +2සාමු 12:16
  • +2සාමු 1:11

2 සාමුවෙල් 13:32

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:9; 1ලේක 2:13
  • +2සාමු 13:3
  • +2සාමු 12:10
  • +උත් 27:41; ගීතා 7:14; හිතෝ 18:19
  • +ලෙවී 18:9, 29
  • +2සාමු 13:14

2 සාමුවෙල් 13:34

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:38; හිතෝ 28:17
  • +2සාමු 18:24; 2රාජා 9:17

2 සාමුවෙල් 13:35

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:3
  • +2සාමු 13:32

2 සාමුවෙල් 13:37

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:2
  • +1ලේක 3:2
  • +2සාමු 3:3

2 සාමුවෙල් 13:38

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:14; යොෂු 12:5; 2සාමු 14:23; 15:8

වෙනත්

2 සාමු. 13:12සාමු 3:2; 1ලේක 3:1
2 සාමු. 13:1උත් 34:3; මතෙ 5:28
2 සාමු. 13:11ලේක 3:9
2 සාමු. 13:12සාමු 3:3; 1ලේක 3:2
2 සාමු. 13:2හිතෝ 11:19
2 සාමු. 13:22පේතෘ 2:14
2 සාමු. 13:2හිතෝ 4:23; කොලො 3:5
2 සාමු. 13:32සාමු 13:35
2 සාමු. 13:31සාමු 16:9; 1ලේක 2:13
2 සාමු. 13:41රාජා 21:5
2 සාමු. 13:4ලෙවී 18:9
2 සාමු. 13:4ලෙවී 20:17; මතෙ 15:19; 1තෙස 4:5
2 සාමු. 13:5හිතෝ 24:8
2 සාමු. 13:5ගීතා 50:19
2 සාමු. 13:6ගීතා 10:9
2 සාමු. 13:81ලේක 3:1, 9
2 සාමු. 13:9යෝබ් 24:15; යොහ 3:20
2 සාමු. 13:11උත් 39:12
2 සාමු. 13:11ද්වි 27:22; එස 22:11
2 සාමු. 13:11උත් 39:7
2 සාමු. 13:12උත් 34:2
2 සාමු. 13:12උත් 34:7; විනි 20:6; හිතෝ 7:7
2 සාමු. 13:12ලෙවී 18:9; 20:17
2 සාමු. 13:14යාකො 1:15
2 සාමු. 13:14ලෙවී 18:9, 29
2 සාමු. 13:18උත් 37:3
2 සාමු. 13:19යොෂු 7:6; එස්ත 4:1; යෝබ් 2:8; යෙරෙ 6:26
2 සාමු. 13:19යෙරෙ 2:37
2 සාමු. 13:202සාමු 3:3; 13:1
2 සාමු. 13:202සාමු 3:2; 1ලේක 3:1
2 සාමු. 13:20ලෙවී 18:9; ද්වි 27:22
2 සාමු. 13:211සාමු 2:24
2 සාමු. 13:21හිතෝ 19:13
2 සාමු. 13:22උත් 34:7; ලෙවී 19:17; හිතෝ 18:19; 26:24; එෆී 4:26; 1යොහ 3:15
2 සාමු. 13:23යොහ 11:54
2 සාමු. 13:231සාමු 25:4, 11
2 සාමු. 13:231රාජා 1:9, 19, 25
2 සාමු. 13:25ක්‍රියා 18:20
2 සාමු. 13:25රූත් 2:4
2 සාමු. 13:26ගීතා 55:21; හිතෝ 10:18; 26:24
2 සාමු. 13:27හිතෝ 26:25, 26
2 සාමු. 13:28රූත් 3:7; 1සාමු 25:36; එස්ත 1:10; ගීතා 104:15; දේශ 2:3; 10:19
2 සාමු. 13:281සාමු 28:10, 13
2 සාමු. 13:291සාමු 22:18; 1රාජා 21:11
2 සාමු. 13:31උත් 37:34; 2සාමු 3:31
2 සාමු. 13:312සාමු 12:16
2 සාමු. 13:312සාමු 1:11
2 සාමු. 13:321සාමු 16:9; 1ලේක 2:13
2 සාමු. 13:322සාමු 13:3
2 සාමු. 13:322සාමු 12:10
2 සාමු. 13:32උත් 27:41; ගීතා 7:14; හිතෝ 18:19
2 සාමු. 13:32ලෙවී 18:9, 29
2 සාමු. 13:322සාමු 13:14
2 සාමු. 13:342සාමු 13:38; හිතෝ 28:17
2 සාමු. 13:342සාමු 18:24; 2රාජා 9:17
2 සාමු. 13:352සාමු 13:3
2 සාමු. 13:352සාමු 13:32
2 සාමු. 13:37දේශ 7:2
2 සාමු. 13:371ලේක 3:2
2 සාමු. 13:372සාමු 3:3
2 සාමු. 13:38ද්වි 3:14; යොෂු 12:5; 2සාමු 14:23; 15:8
  • ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 13:1-39

2 සාමුවෙල්

13 පසුව දාවිත් රජුගේ පුත්‍රයා වූ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති විය.+ තාමර්+ දාවිත් රජුගේ පුත්‍රයා වූ අබ්සලොම්ගේ+ සහෝදරිය වූවාය. ඇය ඉතා රූමත් තරුණියකි. 2 තම සහෝදරිය වූ තාමර් කන්‍යාවකව සිටි බැවින් තම අරමුණ ඉටු කරගැනීමට+ අම්නොන්ට අවස්ථාවක් නොලැබුණේය.+ එබැවින් ඔහු ලෙඩ වන තරමටම කනස්සල්ලෙන් සිටියේය.+ 3 අම්නොන්ට යෙහොනාදාබ්+ නම් වූ මිත්‍රයෙක් සිටියේය. යෙහොනාදාබ් දාවිත් රජුගේ සහෝදරයා වූ ෂිමෙයාහ්ගේ+ පුත්‍රයා විය. ඔහු ඉතා උපායශීලී මිනිසෙකි. 4 එක් දවසක් යෙහොනාදාබ් අම්නොන්ගෙන් මෙසේ ඇසුවේය. “රජුගේ පුතා වෙලත් ඇයි ඔබ දවස් ගණනාවක් තිස්සේ මේ විදිහට දුකෙන් ඉන්නේ?”+ එවිට අම්නොන්, “මම අබ්සලොම්ගේ සහෝදරිය වන තාමර්ට+ ගොඩක් ආදරෙයි”+ කියා කීවේය. 5 එය අසා යෙහොනාදාබ් ඔහුට මෙසේ කීවේය. “ඔබ ලෙඩින් වගේ ඇඳට වෙලා ඉන්න.+ එවිට ඔබේ පියා ඔබව බලන්න එයි. ඔහු ආවාම ඔබ ඔහුට මෙහෙම කියන්න. ‘මගේ සහෝදරිය වන තාමර්ව මා ළඟට එවන්න. මම ලෙඩින් ඉන්න නිසා ඇයට කියන්න මට සුදුසු කෑම හදලා දෙන්න කියලා. මගේ ඉස්සරහම ඒවා හදලා ඇගේ අතින්ම මට කන්න දෙන්න කියලා ඇයට කියන්න.’”+

6 අම්නොන් යෙහොනාදාබ්ගේ කීම අසා අසනීපයෙන් සිටින කෙනෙකු මෙන් තම ඇඳට වී සිටියේය.+ රජද ඔහුව බලන්න ආවේය. එවිට අම්නොන්, රජුගෙන් මෙසේ ඉල්ලා සිටියේය. “මෙහෙට ඇවිත් මට කෑම ටිකක් හදලා දෙන්න කියලා මගේ සහෝදරිය වන තාමර්ට කියන්න. මම ඉස්සරහම රොටි දෙකක් හදලා ඇගේ අතින්ම මට කන්න දෙන්න කියලත් ඇයට කියන්න.” 7 එවිට දාවිත් රජ තාමර්ට පණිවිඩයක් යවා මෙසේ දැන්වූවේය. “ඔබේ සහෝදරයා වන අම්නොන්ට සනීප නැහැ. ඔහුගේ ගෙදරට ගිහින් ඔහුට කෑම ටිකක් හදලා දෙන්න.” 8 ඉන්පසු තාමර් තම සහෝදරයා වන අම්නොන්ගේ+ නිවසට ගියාය. ඒ අවස්ථාවේ ඔහු ඇඳේ නිදාගෙන සිටියේය. ඇය පිටි ගෙන එය අනා ඔහු ඉදිරිපිටම රොටි සෑදුවාය. 9 ඉන්පසු ඇය තාච්චියෙන් රොටි ගෙන ඔහු ඉදිරියේ තැබුවාය. නමුත් අම්නොන් රොටි නොකෑවේය. ඔහුද, “හැමෝම මෙතැනින් යන්න”+ කියා කෑගැසුවේය. එවිට සියලුදෙනාම එතැනින් පිට වී ගියෝය.

10 ඉන්පසු අම්නොන් තාමර්ට මෙසේ කීවේය. “කෑම ටික මගේ ඇඳ ළඟට අරං එන්න. මම ලෙඩින් ඉන්න නිසා ඔබේ අතින්ම මට කවන්න.” තාමර් තමා සෑදූ රොටි ඇගේ සහෝදරයා වන අම්නොන්ගේ ඇඳ ළඟට රැගෙන ගියාය. 11 ඇය ඔහු ළඟට පැමිණි විට ඔහු ඇයව අල්ලා,+ “මගේ සහෝදරිය,+ මා එක්ක එකට ඉන්න”+ කියා කීවේය. 12 නමුත් ඇය, “අනේ, එහෙම කරන්න එපා. මාව ලැජ්ජාවට පත් කරන්න එපා.+ ඒක මහා නින්දිත ක්‍රියාවක්.+ ඒ වගේ නින්දිත ක්‍රියාවක් ඊශ්‍රායෙල් දේශයේ සිදු වෙන එක සුදුසු දෙයක් නෙමෙයි.+ 13 ඔබ ඒ වගේ දෙයක් කළොත් මට වෙන නින්දාව කොහොම හංගන්නද? මිනිස්සු ඔබව ඊශ්‍රායෙල් දේශයේ මෝඩයෙකු ලෙස සලකයි. ඒ නිසා ඔබේ හිතේ තියෙන ආශාව ගැන රජුට කියන්න. ඔහු ඔබට මාව නොදී ඉන්න එකක් නැහැ.” 14 නමුත් ඔහු, ඇය කී දේ ගණනකටවත් නොගෙන ඇයට බලහත්කාරකම් කර+ ඇයව නින්දාවට පත් කළේය.+ 15 ඉන්පසු අම්නොන් ඇයට ද්වේෂ කරන්න පටන්ගත්තේය. ඔහු ඇයට ආදරේ කළාටත් වඩා වැඩියෙන් ඇයට ද්වේෂ කරන්න පටන්ගත්තේය. ඒ නිසා ඔහු, “දැන් මෙතැනින් නැඟිටලා යන්න” කියා ඇයට කීවේය. 16 එවිට ඇය, “අනේ මගේ සහෝදරයා, එහෙම කියන්න එපා. මට මෙතැනින් යන්න කියන එක ඔබ මට කළ වරදටත් වඩා දුෂ්ට දෙයක්” කියා ඔහුට කීවාය. නමුත් ඇය කී දේ ඔහු ගණනකටවත් ගත්තේ නැත.

17 ඔහු තමාට උපස්ථාන කළ සේවකයාව කැඳවා, “මෙයාව මෙතැනින් අරං යන්න. මෙයාව එළියට දාලා දොර වහන්න” කියා කීවේය. 18 ඔහුගේ සේවකයාද ඇයව කාමරයෙන් පිටතට ගෙන ගොස් දොර වැසුවේය. (තාමර් ඉරි වැටුණු+ අත් නැති සළුවක් ඇඳගෙන සිටියාය. සාමාන්‍යයෙන් රජුගේ දූවරු කන්‍යාවන්ව සිටියදී එවැනි සළු ඇන්දෝය.) 19 තාමර් ඇගේ හිස මත අළු දමාගෙන+ ඇගේ සළුව ඉරාගත්තාය. ඉන්පසු ඇය හිස මත අත් දෙක තබාගෙන+ මහත් හඬින් හඬහඬා එතැනින් පිටත්ව ගියාය.

20 ඇගේ සහෝදරයා වන අබ්සලොම්+ ඇයව දැක ඇගෙන් මෙසේ ඇසුවේය. “ඔබට මේ දේ කළේ ඔබේ සහෝදරයා වන අම්නොන්+ නේද? ඔහු ඔබේ සහෝදරයා+ නිසා මේ ගැන කිසිම දෙයක් කතා කරන්න එපා. සිදු වුණ දේ ගැන දුක් වෙවී ඉන්නත් එපා.” ඉන්පසු තාමර් තම සහෝදරයා වන අබ්සලොම්ගේ නිවසේ නැවතුණාය. ඒ සිද්ධියෙන් පසු ඇය කිසිවෙකු ආශ්‍රය නොකළාය. 21 තාමර්ට සිදු වූ දේ ගැන දාවිත් රජුට ආරංචි වූ+ විට ඔහු අතිශයින් කෝප විය.+ 22 අම්නොන් තම සහෝදරිය වන තාමර්ව නින්දාවට පත් කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර කළේය.+ නමුත් ඔහු ඒ ගැන අම්නොන්ට කිසිවක් පැවසුවේ නැත.

23 එම සිද්ධිය සිදු වී අවුරුදු දෙකක් ගත විය. ඒ කාලයේදී එෆ්‍රායිම්+ අසල පිහිටා තිබෙන බාල්-හාෂොර් නම් ස්ථානයේ අබ්සලොම් තමාට අයිතිව සිටි බැටළුවන්ගේ ලොම් කප්පවමින්+ සිටියේය. අබ්සලොම් තම බැටළුවන්ගේ ලොම් කපන ස්ථානයට තමන් සමඟ යෑමට එන්න කියා රජුගේ සියලු පුත්‍රයන්ට ආරාධනා කළේය.+ 24 අබ්සලොම්, රජුටද මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, මේ දවස්වල මගේ බැටළුවන්ගේ ලොම් කපනවා. රජතුමනි, ඔබත් මා සමඟ එතැනට යන්න එන්න. ඔබේ සේවකයන්වත් එතැනට රැගෙන එන්න.” 25 නමුත් රජ, “අපි හැමෝම එහෙට ආවොත් ඔබට කරදරයක් වෙයි. ඒ නිසා මගේ පුතේ, මම නෑවිත් ඉන්නම්” කියා අබ්සලොම්ට කීවේය. අබ්සලොම් කොතරම් පෙරැත්ත කළත්+ රජ ඔහු සමඟ යෑමට එකඟ වුණේ නැත. නමුත් ඔහු අබ්සලොම්ට ආශීර්වාද කළේය.+ 26 එවිට අබ්සලොම්, “ඔබ මා සමඟ එන්නේ නැත්නම් මගේ සහෝදරයා වන අම්නොන්ට අපි සමඟ එන්න අවසර දෙන්න”+ කියා රජුගෙන් ඉල්ලා සිටියේය. එවිට රජ, “මොන හේතුවක් නිසාද ඔහුව එක්කගෙන යන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය. 27 අම්නොන්ට සහ රජුගේ අනික් පුත්‍රයන්ට යන්න රජු අවසර දෙන තෙක් අබ්සලොම් ඔහුට පෙරැත්ත කළේය.+

28 පසුව අබ්සලොම් තම සේවකයන්ට මෙසේ කීවේය. “අම්නොන් වයින් බී විනෝද වෙමින් සිටින විට,+ ‘අම්නොන්ව මරලා දාන්න’ කියලා මම ඔබට පවසනවා. එවිට ඔබ ඔහුව මරලා දාන්න. කිසි දේකට භය වෙන්න එපා.+ මමයි මේ දේ කරන්න කියලා ඔබට අණ කරන්නේ. ඒ නිසා ඔබ නිර්භීතව ඒ දේ කරන්න.” 29 අබ්සලොම්ගේ සේවකයෝ ඔහු අණ කළ ලෙසම අම්නොන්ව මරා දැමුවෝය.+ රජුගේ අනික් පුත්‍රයෝ එය දැක තම තමන්ගේ කොටළුවන් පිට නැඟ එතැනින් පලා ගියෝය. 30 ඔවුන් පලා යන අතරතුර දාවිත්ට මෙසේ ආරංචි විය. “අබ්සලොම්, රජුගේ පුත්‍රයන් සියලුදෙනාවම මරලා දාලා! කිසි කෙනෙකුට බේරෙන්න ලැබුණේ නැහැ.” 31 එය අසා රජ තම වස්ත්‍ර ඉරාගෙන+ බිම වැතිරුණේය.+ ඔහුගේ සියලු සේවකයෝද තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ඔහු ළඟට වී සිටියෝය.+

32 නමුත් දාවිත් රජුගේ සහෝදරයා වූ ෂිමෙයාහ්ගේ+ පුත්‍රයා වන යෙහොනාදාබ්+ දාවිත් රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, භය වෙන්න එපා. ඔබේ පුත්‍රයන් සියලුදෙනාවම මරලා දාලා නැහැ. මරලා දාලා තියෙන්නේ අම්නොන්ව විතරයි.+ ඔහුව මරන්න කියලා අණ කළේ අබ්සලොම්.+ අම්නොන් ඔහුගේ සහෝදරිය වන තාමර්ව+ නින්දාවට පත් කළ+ දවසේ ඉඳන් ඔහු අම්නොන්ව මරන්න බලාගෙනයි හිටියේ. 33 මගේ ස්වාමීනි, රජතුමනි, ‘ඔබේ පුත්‍රයන් හැමෝම මැරුණා’ කියලා ඔබට ආරංචි වුණත් ඒ ගැන කලබල වෙන්න එපා. මරලා දාලා තියෙන්නේ අම්නොන්ව විතරයි.”

34 අම්නොන්ව මරා දැමූ පසු අබ්සලොම් ඒ දේශයෙන් පලා ගියේය.+ ඒ අතරතුර නුවරේ මුරකරු+ හැරී බලද්දී කඳුකරයේ සිට විශාල සෙනඟක් නුවර දෙසට පැමිණෙනවා දුටුවේය. 35 එවිට යෙහොනාදාබ්,+ “අර බලන්න, ඔබේ පුත්‍රයන් දැන් එනවා. ඔබේ සේවකයා වන මම කිව්වේ ඇත්ත”+ කියා රජුට කීවේය. 36 ඔහු කතා කර අවසන් වනවාත් සමඟම රජුගේ පුත්‍රයෝ එතැනට ආවෝය. ඔවුහු මහත් හඬින් හඬන්න පටන්ගත්තෝය. රජද ඔහුගේ සේවකයෝද මහත් හඬින් ඔවුන් සමඟ හැඬුවෝය. 37 දාවිත් රජ දවස් ගණනාවක්ම අම්නොන් ගැන හඬා වැලපුණේය.+ අබ්සලොම් ගෙෂූර් දේශයේ රජු වන අමිහුද්ගේ පුත්+ තල්මයි+ වෙත පලා ගොස් 38 එහි+ අවුරුදු තුනක් ජීවත් විය.

39 අම්නොන් නැති දුක තුනී වී ගිය පසු අබ්සලොම්ව නැවත දැකගන්න මහත් ආශාවක් දාවිත් රජු තුළ ඇති විය.

ශ්‍රී ලංකා සංඥා භාෂාව ප්‍රකාශන(2000-2018)
ලොග් අවුට්
ලොග් ඉන්
  • ශ්‍රී ලංකා සංඥා භාෂාව
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න