2 ලේකම්
18 යෙහෝෂපාට් රජ ධනයෙන් හා තේජසින් වැජඹුණේය.+ ඔහු ආහබ් රජ සමඟ+ ගිවිසුමක් ඇති කරගත් නිසා ඔහුගේ පවුලේ අය සහ ආහබ් රජුගේ පවුලේ අය අතර විවාහයක් සිදු විය.+ 2 ඉන් වසර කිහිපයකට පසු ඔහු සමාරියේ සිටි ආහබ් රජුව හමු වීමට ගියේය.+ ආහබ් රජ, යෙහෝෂපාට් රජු හා ඔහු සමඟ පැමිණි අය වෙනුවෙන් බැටළුවන් හා ගවයන් විශාල ප්‍රමාණයක් පූජාවක් ලෙස ඔප්පු කළේය.+ ඉන්පසු ඔහු චාටු බස් දොඩා+ තමන් සමඟ රාමොත්-ගිලියද් නුවරට+ ගොස් යුද්ධ කිරීමට යෙහෝෂපාට් රජුව කැමති කරවාගත්තේය. 3 ඊශ්‍රායෙල්හි රජු වූ ආහබ් යූදාහි රජු වූ යෙහෝෂපාට්ගෙන් මෙසේ ඇසීය. “රාමොත්-ගිලියද් නුවරට ගොස් සටන් කිරීමට ඔබ මා සමඟ එන්න කැමතිද?”+ එවිට ඔහු මෙසේ පැවසීය. “මම ඔබ සමඟ එන්නම්. අපි එකට යුද්ධ කරමු. මගේ හමුදාව ඔබේ හමුදාව කියා සිතන්න.”+
4 යෙහෝෂපාට් රජ ඊශ්‍රායෙල්හි රජුට මෙසේද පැවසීය. “අපි යුද්ධයට යන්න කලින් යෙහෝවා දෙවිගෙන් ඒ ගැන විමසා බලමු.”+ 5 එහෙයින් ඊශ්‍රායෙල්හි රජ අනාගතවක්තෘවරුන්+ හාරසියදෙනෙකු රැස් කර මෙසේ ඇසීය. “රාමොත්-ගිලියද් නුවරට ගොස් අපි යුද්ධ කරන්නද එපාද?”+ ඔවුහුද, “යන්න. ඒ නුවර අල්ලාගන්න රජතුමාට සැබෑ දෙවි උපකාර කරන බව නිසැකයි” කියා පිළිතුරු දුන්නෝය.
6 නමුත් යෙහෝෂපාට් රජ ඒ ගැන සෑහීමට පත් නොවී, “යෙහෝවා දෙවිගෙන් මේ කාරණය ගැන හරියට දැනගෙන කියන්න පුළුවන් වෙනත් අනාගතවක්තෘවරයෙක් මෙහි නැද්ද”+ කියා ඇසුවේය. 7 එවිට ඊශ්‍රායෙල්හි රජ යෙහෝෂපාට් රජුට මෙසේ කීවේය.+ “මේ ගැන යෙහෝවා දෙවිගෙන් අහන්න පුළුවන් තවත් එක මිනිසෙක් ඉන්නවා.+ නමුත් මම ඔහුට කොහොමටවත් කැමති නැහැ.+ ඔහු මා ගැන කියන්නේම නරක අනාවැකි. ඔහු මා ගැන හොඳ අනාවැකියක් කියනවා මම අහලම නැහැ.+ ඔහු තමයි ඉම්ලාහ්ගේ පුත් මිකායා.”+ මෙය ඇසූ යෙහෝෂපාට් රජ, “එහෙම කියන්න එපා. අපි ඔහුගෙනුත් අහලා බලමු”+ කියා පැවසීය.
8 එහෙයින් ඊශ්‍රායෙල්හි රජ තම මාලිගාවේ සේවය කළ නිලධාරියෙකුව කැඳවා,+ “වහාම ඉම්ලාහ්ගේ පුත් මිකායාව මෙතැනට කැඳවාගෙන එන්න”+ කියා අණ කළේය. 9 ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්හි රජද යූදාහි රජු වූ යෙහෝෂපාට්ද රාජකීය වස්ත්‍රවලින් සැරසී,+ සමාරියේ දොරටුව අසල තිබූ කමතේ ඔවුන්ගේ සිංහාසන තබා එහි හිඳගෙන සිටියෝය. අනාගතවක්තෘවරු සියලුදෙනා ඔවුන් ඉදිරියේ අනාවැකි පළ කරමින් සිටියෝය.+ 10 එවිට කෙනානාගේ පුත් ශෙදකියා යකඩ අං දෙකක් සාදාගෙන+ මෙසේ කීවේය. “‘ඔබ සිරියානුවන්ට මේ අංවලින් ඇන ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමනවා’+ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+ 11 අන් සියලු අනාගතවක්තෘවරුද ඒ දේම පවසමින්, “රාමොත්-ගිලියද් නුවරට යන්න. ඔබ ජය ගන්නවා නියතයි.+ ඒ නුවර අල්ලාගන්න යෙහෝවා දෙවි රජතුමාට උදව් කරන බව ස්ථිරයි”+ කියා පැවසූහ.
12 මිකායාව කැඳවාගෙන ඒමට ගිය පණිවිඩකරු මිකායාව හමු වී මෙසේ කීවේය. “අනාගතවක්තෘවරුන් සියලුදෙනාම කියන්නේ රජතුමා ජය ගන්නා බවයි. ඔබත් ඔවුන් කියන දේට සමාන දෙයක් කියා+ රජතුමාව සතුටු කරන්න.”+ 13 නමුත් මිකායා, “මගේ දෙවි මට කියන දෙය මිස වෙන කිසිම දෙයක් කියන්න නම් මට බැහැ.+ මම ඒ ගැන ඔබට ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින්ම දිවුරා කියන්නම්”+ යයි පැවසීය. 14 පසුව මිකායා රජු ඉදිරියට පැමිණි විට රජ මෙසේ ඇසුවේය. “මිකායා, රාමොත්-ගිලියද් නුවරට ගිහින් අපි යුද්ධ කරන්නද?” එවිට මිකායා රජුට මෙසේ කීවේය. “යන්න, ඔබ ජය ගන්නවා නියතයි. ඒ නුවර අල්ලාගන්න දෙවි ඔබට උපකාර කරයි.”+ 15 නමුත් රජ, “යෙහෝවා දෙවිගේ නාමයෙන් දිවුරා+ මට ඇත්ත කියන්න කියා මම ඔබට කී වතාවක් කියා තිබෙනවාද”+ කියා පැවසුවේය. 16 එවිට මිකායා මෙසේ කීවේය. “එඬේරෙක් නැති බැටළුවන් මෙන් ඊශ්‍රායෙල්වරුන් කඳුකරයේ ඒ මේ අත විසිරී සිටින ආකාරය මට පෙනෙනවා.+ ඒ ගැන යෙහෝවා දෙවි මෙසේ පවසනවා. ‘ඔවුන්ව බලාගැනීමට ස්වාමිවරු නැත.+ එහෙයින් ඔවුන් එක් එක් කෙනාට තම තමන්ගේ නිවෙස්වලට සමාදානයෙන් යන්න ඉඩ දෙන්න.’”+
17 එවිට ඊශ්‍රායෙල්හි රජ, යෙහෝෂපාට් රජුට මෙසේ කීවේය. “‘ඔහු මා ගැන කිව්වොත් කියන්නේ නරක දෙයක්. ඔහු මා ගැන හොඳ අනාවැකියක් කියනවා මම කවදාවත් අහලම නැහැ’ කියලා මම ඔබට කිව්වේ නැද්ද?”+
18 නමුත් මිකායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට පණිවිඩයක් දුන්නා. දැන් ඒ දේට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දැක්කා.+ ස්වර්ගයේ සේනාවන්+ ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දැක්කා.+ 19 එවිට යෙහෝවා දෙවි මෙසේ ඇසුවා. ‘ඊශ්‍රායෙල්හි රජු වන ආහබ්, රාමොත්-ගිලියද් නගරයට ගොස් යුද්ධ කර එහිදී මිය යන පිණිස එහි යෑමට ඔහුව පොලඹවන්න ඉදිරිපත් වන්නේ කවුද?’ එවිට ඔහු ඉදිරියේ සිටි අය නොයෙකුත් අදහස් ප්‍රකාශ කළා.+ 20 අන්තිමේදී එක දේවදූතයෙක්+ යෙහෝවා දෙවි ඉදිරියට ඇවිත්, ‘මම ඔහුව රවට්ටන්නම්’ කියා පැවසුවා. එවිට යෙහෝවා දෙවි, ‘ඔබ කොහොමද ඒ දේ කරන්න යන්නේ’+ කියා ඔහුගෙන් ඇසුවා. 21 ඔහු මෙසේ පැවසුවා. ‘මම ගිහින් ඔහුගේ අනාගතවක්තෘවරුන් සියලුදෙනා මාර්ගයෙන් ඔහුව රවට්ටන්නම්.’+ එවිට දෙවි, ‘හොඳයි, ඔබ ගිහින් ඔහුව රවට්ටන්න.+ ඔබේ වෑයම සාර්ථක වෙයි’+ කියා පැවසුවා. 22 ඒ නිසයි යෙහෝවා දෙවි දේවදූතයාට ඉඩ දුන්නේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබට ඒ විදිහට දේවල් පවසන්න.+ නමුත් ඇත්තටම යෙහෝවා දෙවි තීරණය කර තිබෙන්නේ ඔබට විපතක් ගෙනෙන්නයි.”+
23 එවිට කෙනානාගේ පුත්+ ශෙදකියා+ මිකායාට+ කම්මුල් පහරක් දී+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ දූතයා මා සමඟ කතා නොකර ඔබට ඒ පණිවිඩය දුන්නා කියාද ඔබ කියන්නේ?”+ 24 මිකායා ඔහුට මෙසේ කීවේය. “ළඟදීම මම මේ කියූ දේ ඇත්තක් කියා ඔබ තේරුම්ගනියි.+ නමුත් එදාට ඔබට සිදු වෙන්නේ ඇතුල් කාමරයට ගොස් සැඟවී සිටින්නයි.”+ 25 එවිට ඊශ්‍රායෙල්හි රජ මෙසේ කීවේය. “මිකායාව රැගෙන ගොස් නුවරේ ප්‍රධානියා වන ආමොන්ට හා රජුගේ පුත් යෝවාෂ්ට භාර දෙන්න.+ 26 මම කියන මේ දේ ඔබ ඔවුන්ට දැන්විය යුතුයි. ‘මම ජය ගෙන එන තෙක්+ මොහුව සිරගෙයි තබාගන්න.+ වැඩිය කන්න බොන්න දෙන්න එපා.’”+ 27 එවිට මිකායා මෙසේ කීවේය. “ඔබ මේ යුද්ධයෙන් ජය ගෙන ආවොත් යෙහෝවා දෙවි මා සමඟ කතා කළේ නැහැ කියා මම පිළිගන්නම්.+ ජනයෙනි, මා මේ දේවල් කියන්නේ ඔබ සියලුදෙනා ඉදිරිපිටයි.”+
28 පසුව ඊශ්‍රායෙල්හි රජද යූදාහි රජු වූ යෙහෝෂපාට්ද රාමොත්-ගිලියද් නුවර බලා පිටත් වූහ.+ 29 ඊශ්‍රායෙල්හි රජ, යෙහෝෂපාට් රජුට මෙසේ කීවේය. “මම වෙස්වලා ගෙන යුද්ධ කරන්නම්.+ නමුත් ඔබ රාජකීය වස්ත්‍රයෙන් සැරසී+ යුද්ධයට යන්න.” ඊශ්‍රායෙල්හි රජ එලෙස වෙස්වලා ගත් පසු ඔවුහු සියලුදෙනාම යුද්ධයට ගියෝය.+ 30 ඒ අතරතුර සිරියාවේ රජ තම අශ්ව රථ සේනා පාලනය කළ අධිපතීන්ට මෙසේ අණ කර තිබිණ. “ඔවුන්ගේ සේනාවල සිටින ලොකු කුඩා කාගෙන්වත් මට වැඩක් නැහැ. ඔබ ඊශ්‍රායෙල්හි රජුව සොයාගෙන ඔහුට පහර දිය යුතුයි.”+ 31 අශ්ව රථ සේනා පාලනය කළ අධිපතීහු යෙහෝෂපාට් රජුව දුටු විට, “අර ඉන්නේ ඊශ්‍රායෙල්හි රජ”+ කියා ඔවුන් අතරේ කියාගත්තෝය. එහෙයින් ඔවුහු ඔහු සිටි දිශාවට හැරී ඔහුට පහර දීමට සූදානම් වූහ. මෙය දුටු යෙහෝෂපාට් රජ උපකාරය ඉල්ලා කෑගැසුවේය.+ එවිට යෙහෝවා දෙවි ඔහුට උපකාර කරමින්+ සතුරන්ව වෙනතකට යොමු කළේය.+ 32 ඔහු ඊශ්‍රායෙල්හි රජු නොවන බව අශ්ව රථ සේනා පාලනය කළ අධිපතීන් දැනගත් විට ඔවුහු තවදුරටත් ඔහු පසුපස ගියේ නැත.+
33 යුද්ධය පවතින අතරතුර ඊශ්‍රායෙල්හි රජු පැළඳ සිටි ආයුධ කට්ටලයේ තිබූ හිදැසක් තුළින් ඊතලයක් ඇවිත් ඔහුට වැදුණේය.+ ඔහු ඊශ්‍රායෙල්හි රජු බව ඒ ඊතලය විද්ද තැනැත්තා දැන සිටියේ නැත. එවිට රජ ඔහුගේ අශ්ව රථය පදවමින් සිටි තැනැත්තාට මෙසේ කීවේය.+ “මට හොඳටම තුවාලයි.+ මාව යුධ බිමෙන් පිටතට ගෙන යන්න.” 34 එදින යුද්ධය තව තවත් උග්‍ර වූ නිසා ඊශ්‍රායෙල්හි රජුව යුධ බිමෙන් ඉවතට ගෙන යෑමට නොහැකි විය. තම සේවකයන්ගේ උපකාර ඇතුව ඔහු සවස් කාලය දක්වාම සිරියානු හමුදාව දෙසට මුහුණ ලා අශ්ව රථයේ සිටගෙන සිටියේය. හිරු බැස යන විටදී ඔහු මිය ගියේය.+