2 ලේකම්
24 යෙහෝයාෂ් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු හතකි.+ ඔහු යෙරුසලමෙහි සිට අවුරුදු හතළිහක් පාලනය කළේය.+ ඔහුගේ මව බෙයර්-ෂෙබාහි+ වැසියෙකු වූ ෂිබියාහ්ය. 2 පූජක යෙහෝයාදා ජීවත් වූ කාලය පුරාම+ යෙහෝයාෂ් රජ+ යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළේය.+ 3 යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකුව විවාහ කර දුන්නේය. කල් යත්ම ඔහුට දාව පුත්‍රයෝ සහ දූවරු උපන්නෝය.+
4 යෙහෝවා දෙවිගේ ගෘහය අලුත්වැඩියා කිරීමට යෙහෝයාෂ් රජු තුළ මහත් ආශාවක් ඇති විය.+ 5 ඔහු පූජකයන්ව+ හා ලෙවීවරුන්ව රැස් කර ඔවුන්ට මෙසේ පැවසීය. “ඔබේ දෙවිගේ ගෘහය අවුරුදු පතා අලුත්වැඩියා කිරීම+ සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට යූදා දේශයේ නුවරවලට ගොස් සියලුම ඊශ්‍රායෙල්වරුන්ගෙන් මුදල් එකතු කරන්න.+ ඒ සඳහා ඔබ දැන්ම පියවර ගත යුතුයි.” නමුත් රජු පැවරූ ඒ කාර්යය ඉටු කිරීමට ලෙවීවරුන් තුළ එතරම් උද්යෝගයක් තිබුණේ නැත.+ 6 එවිට රජ උත්තම පූජක යෙහෝයාදාව කැඳවා ඔහුට මෙසේ පැවසීය.+ “යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරම සඳහා+ නියම කළ ශුද්ධ බද්ද යූදා දේශයෙන් හා යෙරුසලමෙන් එකතු කිරීම ලෙවීවරුන් සතු කාර්යයක්. නමුත් ඔවුන් එම කාර්යය ඉටු කළේ නැහැ. ඔබ ඒ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයි?+ 7 දුෂ්ට ස්ත්‍රියක් වූ අතලියාගේ පුතුන්+ සැබෑ දෙවිගේ ගෘහයට බොහෝ අලාභහානි කළා.+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබෙන සියලුම ශුද්ධ දේවලුත්+ ඔවුන් බාල් දෙවිවරුන්ට පුද කළා.”+ 8 පසුව ඔවුහු රජුගේ අණ පරිදි පෙට්ටියක් සාදා+ යෙහෝවා දෙවිගේ ගෘහයට ඇතුල් වන දොරටුව අසල එය තැබුවෝය. 9 ඉන්පසු ඔවුහු ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටිද්දී සැබෑ දෙවිගේ සේවකයා වූ මෝසෙස් නියම කළ+ ශුද්ධ බද්ද+ යෙහෝවා දෙවිට ලබා දෙන ලෙස යූදා දේශය හා යෙරුසලම පුරා දන්වා යැවූහ. 10 සියලුම අධිපතීහුද+ මුළු සෙනඟද පැමිණ සතුටු සිතින්+ එම පෙට්ටියට සම්මාදම් දැමුවෝය.+ සම්මාදමක් නොදුන් කිසිවෙක් දේශයේ නොසිටියේය.
11 නියම කළ ආකාරයට ලෙවීවරුන් විසින් එම පෙට්ටිය රජු වෙතට ගෙනෙන ලදි.+ පෙට්ටියේ මුදල් පිරී තිබෙන බව දැනගත් විට+ රජුගේ ලේකම්+ සහ නායක පූජකයාගේ නියෝජිතයෙක් පැමිණ පෙට්ටිය හිස් කර එය නැවත නියමිත ස්ථානයේ තැබුවෝය. ඔවුහු දිනපතාම එසේ කළෝය. අවසානයේදී විශාල මුදල් ප්‍රමාණයක් එකතු විය. 12 රජ සහ යෙහෝයාදා එම මුදල් ගෙන යෙහෝවා දෙවිගේ ගෘහයේ අලුත්වැඩියා කිරීම්+ භාරව සිටි අයට ලබා දුන්නෝය.+ ඔවුහු එම මුදල්වලින් යෙහෝවා දෙවිගේ ගෘහයේ අලුත්වැඩියා කිරීම් සඳහා+ අවශ්‍ය ගල් කපාගැනීමට සේවකයන්වද+ විවිධ ශිල්ප උගත් අයවද+ කුලියට ගත්තෝය. එමෙන්ම යකඩ හා තඹ වැඩවලට දක්ෂ අයවද යෙහෝවා දෙවිගේ ගෘහය අලුත්වැඩියා කිරීම සඳහා යොදාගත් අතර+ ඔවුන්ගේ කුලී ගෙවීමටද ඒ මුදල් භාවිත කරනු ලැබීය. 13 සියලුම වැඩකරුවෝ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර+ ඒවා දිගටම කරගෙන ගියෝය. එහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ දෙවිගේ ගෘහය යථා තත්වයට ගෙනෙන ලදි. 14 ඔවුහු තම වැඩකටයුතු අවසන් කළ වහාම ඉතුරු වූ මුදල් රජු හා යෙහෝයාදා වෙතට ගෙනාවෝය. ඉන්පසු ඒ මුදල්වලින් ඔවුහු යෙහෝවා දෙවිගේ ගෘහයේ භාවිතය සඳහා භාණ්ඩ එනම්, පූජා ඔප්පු කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩද අනිකුත් විවිධ සේවාවන් සඳහා අවශ්‍ය භාණ්ඩද+ රන්+ හා රිදීයෙන් කුසලාන+ හා භාජනද සෑදුවෝය. යෙහෝයාදා ජීවත් වූ කාලය පුරාම යෙහෝවා දෙවිගේ ගෘහයේ නිරතුරුවම දවන පූජා ඔප්පු කරන ලදි.+
15 තෘප්තිමත් ජීවිතයක් ගත කළ යෙහෝයාදා මහලු වී+ මිය ගියේය. ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු එකසිය තිහකි. 16 ඔහු ඊශ්‍රායෙල් දේශය වෙනුවෙන්ද+ සැබෑ දෙවි හා ඔහුගේ ගෘහය උදෙසාද බොහෝ යහපත් දේවල් කළ නිසා ඔහුව තැන්පත් කළේ දාවිත්ගේ නුවරෙහි රජවරුන්ව තැන්පත් කළ ස්ථානයෙහිය.+
17 යෙහෝයාදාගේ මරණයෙන් ටික කලකට පසු යූදා දේශයෙහි අධිපතීහු+ රජු ළඟට පැමිණ දණින් වැටී ඔහුට ආචාර කළෝය. පසුව රජ ඔවුන්ගේ අදහස්වලට සවන් දුන්නේය.+ 18 ඔවුහු ක්‍රමානුකූලව තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාගේ ගෘහයේ කළ නමස්කාරය අත්හැර, බොරු නමස්කාරය සඳහා ඉදි කළ කුලුනුවලට+ හා රූපවලට+ නමස්කාර කිරීමට පටන්ගත්තෝය. ඔවුන් කළ වැරදි ක්‍රියාවන් නිසා යූදා දේශයට හා යෙරුසලමට විරුද්ධව දෙවිගේ උදහස ඇවුළුණේය.+ 19 ඔවුන්ව නැවතත් තමන් වෙතට හරවාගන්නා පිණිස යෙහෝවා දෙවි දිගටම ඔවුන් වෙතට අනාගතවක්තෘවරුන්ව යැව්වේය.+ මෙම අනාගතවක්තෘවරුන් ඔවුන්ට අනතුරු ඇඟෙව්වත් ඔවුහු ඊට සවන් නොදුන්නෝය.+
20 පූජක යෙහෝයාදාගේ පුත්+ සෙකරියා+ තුළ දෙවිගේ බලය+ ක්‍රියාත්මක විය.+ එවිට ඔහු සෙනඟව ඇමතිය හැකි උස් ස්ථානයකට ගොස් ඔවුන්ට මෙසේ පැවසීය. “සැබෑ දෙවි ඔබට පවසන්නේ මෙයයි. ‘යෙහෝවා දෙවි වන මාගේ ආඥා ඔබ කඩ කරන්නේ ඇයි? එසේ කිරීමෙන් කිසි පලක් නැති බව ඔබට වැටහෙන්නේ නැද්ද?+ ඔබ යෙහෝවා දෙවි වන මාව අත්හැරිය නිසා මම ඔබවද අත්හරින්නෙමි.’”+ 21 එවිට ජනයා සෙකරියාට විරුද්ධව කුමන්ත්‍රණය කර,+ රජුගේ අණ පරිදි යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල් ගසා මැරුවෝය.+ 22 මෙසේ යෙහෝයාෂ් රජ පූජක යෙහෝයාදා තමාට පෙන්වූ ප්‍රේමය* අමතක කර දමා+ ඔහුගේ පුත් සෙකරියාව මරා දැමීය. සෙකරියා අවසන් හුස්ම හෙළන විට මෙසේ පැවසීය. “ඔබ කළ දේට යෙහෝවා දෙවි ඉදිරියේ ඔබට ගණන් දීමට සිදු වෙයි.”+
23 ඊළඟ අවුරුද්දේ මුල් කාලයේදී+ සිරියානු හමුදාව+ පැමිණ රජුට විරුද්ධව සටන් කරමින්+ යූදා දේශය හා යෙරුසලම ආක්‍රමණය කළෝය. ඔවුහු ජනයා අතර අධිපතීන් ලෙස සිටි සියලුදෙනාව+ ඝාතනය කර, ඔවුන්ගෙන් කොල්ල කා ගත් දේ දමස්කයේ රජුට යැවූහ.+ 24 ඇත්තෙන්ම මෙම ආක්‍රමණයට සිරියානුවන් යොදාගත්තේ ඔවුන්ගේ හමුදාවෙන් ඉතා කුඩා පිරිසක්ය.+ නමුත් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් යූදා දේශයේ සිටි විශාල හමුදාව පරාජය කිරීමට ඔවුන්ට හැකි විය.+ මන්ද යූදාහි සෙනඟ තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැර තිබිණ. සිරියාවේ හමුදාව මෙලෙස යෙහෝයාෂ් රජුට විරුද්ධව දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කළෝය.+ 25 ඒ කාලයේදී ඔහුට බොහෝ රෝග වැලඳුණේය.+ සිරියානුවන් ඔහුගේ දේශයෙන් පිටත්ව ගිය පසු ඔහුගේම සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ ඔහු යහනේ වැතිර සිටියදී ඔහුව මරා දැමුවෝය.+ ඔවුන් එසේ කළේ ඔහු පූජක යෙහෝයාදාගේ පුත්‍රයන්ව+ මරා දැමූ නිසාය.+ පසුව ඔවුහු, ඔහුව දාවිත්ගේ නුවරෙහි තැන්පත් කළෝය.+ නමුත් රජවරුන් තැන්පත් කරන ස්ථානයෙහි ඔහුව තැන්පත් කළේ නැත.+
26 ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ අම්මොන් ජාතික ස්ත්‍රියක වූ ෂිමෙයාත්ගේ පුත් සාබාද්+ සහ මෝවබ් ජාතික ස්ත්‍රියක වූ ෂිම්රිත්ගේ පුත් යෙහොෂාබාද් යන අයය. 27 රජුගේ පුත්‍රයන් පිළිබඳවත් ඔහුට විරුද්ධව දෙවි කළ බොහෝ ප්‍රකාශයන් පිළිබඳවත්+ සැබෑ දෙවිගේ ගෘහය අලුත්වැඩියා කිරීම පිළිබඳවත්+ රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ ඔහුගෙන් පසු ඔහුගේ පුත් අමෂියා+ රජකම් කිරීමට පටන්ගත්තේය.