2 ලේකම්
25 අමෂියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු විසිනවයක් පාලනය කළේය. ඔහුගේ මව යෙරුසලමෙහි වැසියෙකු වූ යෙහෝයද්දන්ය.+ 2 අමෂියා රජ යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළත්+ එය මුළු හදවතින්ම කළේ නැත.+ 3 ඔහු තම පාලන බලය තහවුරු කරගත් වහාම තම පියාව ඝාතනය කළ+ සේවකයන්ව+ මරා දැමුවේය.+ 4 නමුත් ඔහු එම සේවකයන්ගේ පුත්‍රයන්ව මරා දැමුවේ නැත. මන්ද යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් නීතිය ඇතුළත් ලියවිල්ලෙහි මෙසේ සඳහන්ව තිබිණ.+ “යමෙකුව මරණයට පත් කළ යුත්තේ ඔහුගේම වරදකට මිස වෙන කෙනෙකුගේ වරදකට නොවේ.+ පුත්‍රයන් නිසා පියවරුන්වත්+ පියවරුන් නිසා පුත්‍රයන්වත්+ මරණයට පත් නොකළ යුතුයි.”
5 අමෂියා රජ යූදා හා බෙන්ජමින් ගෝත්‍රවලට අයත් සියලුදෙනාවම රැස් කළේය. ඔවුන් රැස් වූයේ තම මුතුන්මිත්තන්ගේ පෙළපත්වලට අනුවය.+ ඉන්පසු ඔවුන්ව දහසකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන් යටතේ+ හා සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන් යටතේ+ කාණ්ඩ වශයෙන් බෙදන ලදි. ඔවුන්ව එසේ බෙදූ පසු අමෂියා රජුගේ අණ පරිදි වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි අයව ලියාපදිංචි කරන ලදි.+ එවිට හමුදා සේවයට සුදුසු, හෙල්ලයක්+ හා විශාල පලිහක්+ හැසිරවිය හැකි හැඩිදැඩි පුරුෂයන් තුන්ලක්ෂයක් ඔවුන් අතර සිටින බව හෙළි විය. 6 මීට අමතරව ඔහු ඊශ්‍රායෙල් රාජ්‍යයට රිදී තලෙන්ත සියයක් දී එඩිතර, බලසම්පන්න පුරුෂයන් ලක්ෂයක් කුලියට ගත්තේය. 7 එවිට සැබෑ දෙවිගේ සේවකයෙක්+ ඔහු ළඟට පැමිණ මෙසේ පැවසීය. “රජ්ජුරුවනි, ඔබේ හමුදාවට ඊශ්‍රායෙල් හමුදාවේ සෙබළුන්ව එකතු කරගන්න එපා. මන්ද ඊශ්‍රායෙල්වරුන්ට එනම්, එෆ්‍රායිම්වරුන්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නැහැ.+ 8 ඔවුන්ව ඔබේ හමුදාවට එකතු කරගත්තොත් දෙවිට පුළුවන් ඔබව සතුරා ඉදිරියේ පරාජය කරන්න. ජය පරාජය තිබෙන්නේ දෙවිගේ අතෙයි.+ ඒ නිසා කිසි දෙයකට භය නොවී ඔබේ හමුදාව විතරක් යුද්ධයට යවන්න.”+ 9 ඒ වචන ඇසූ අමෂියා රජු+ සැබෑ දෙවිගේ සේවකයාට කතා කරමින්, “එහෙම කළොත් ඊශ්‍රායෙල්වරුන්ගේ හමුදාවට මා දුන් තලෙන්ත සියයට මොනවාද වෙන්නේ”+ කියා ඇසුවේය. එවිට සැබෑ දෙවිගේ සේවකයා මෙසේ පැවසීය. “ඔබ දෙවිව විශ්වාස කරමින් කටයුතු කළොත් ඊටත් වඩා විශාල මුදල් ප්‍රමාණයක් ඔබට දෙන්න යෙහෝවා දෙවිට පුළුවන්.”+ 10 එවිට අමෂියා රජ එෆ්‍රායිම්වරුන්ගෙන් ගෙන්වාගත් හමුදා පිරිස තම හමුදාවෙන් ඉවත් කර ඔවුන්ව ආපසු ඔවුන්ගේ දේශයට යැවීය. යූදාහි වැසියන්ට විරුද්ධව උදහස් වූ ඔවුහු තම දේශය බලා පිටත්ව ගියෝය.+
11 අමෂියා රජ තම හමුදාව සමඟ නිර්භීතව ලුණු නිම්නය බලා ගියේය.+ එහිදී ඔවුහු සේයිර්හි වැසියන්+ දසදහස්දෙනෙකුව මරා දැමුවෝය.+ 12 තවත් දසදහස්දෙනෙකුව අල්ලාගත් ඔවුහු, ඔවුන්ව පර්වත මුදුනට ගෙනැවිත් පහතට හෙළුවෝය. මෙසේ පහතට හෙළූ අයගේ සිරුරු පැළී ඔවුහු සියලුදෙනාම මිය ගියෝය.+ 13 ඒ අතරතුර අමෂියා රජු තම හමුදාවට බඳවා නොගෙන ආපසු යැවූ හමුදා පිරිස+ යූදා දේශයට අයත් සමාරියේ සිට+ බෙත්-හෝරොන් දක්වා+ පිහිටි නුවරවලට පහර දුන්නෝය. ඔවුහු ඒ නුවරවල සිටි තුන්දහස්දෙනෙකුව මරා දැමූ අතර බොහෝ වස්තුද කොල්ල කෑවෝය.
14 අමෂියා රජ ඒදොම්වරුන්ට පහර දී ආපසු පැමිණෙද්දී සේයිර් වැසියන් ඇදහූ දෙවිවරුන්ගේ රූපද රැගෙන ආවේය.+ ඔහු ඒවා තමාගේ දෙවිවරුන් ලෙස සලකා,+ ඒවාට නමස්කාර කරමින්+ සුවඳ දුම් ඔප්පු කළේය.+ 15 යෙහෝවා දෙවි, අමෂියා රජු සමඟ බොහෝ සෙයින් උදහස් වී ඔහු වෙතට අනාගතවක්තෘවරයෙකුව යැවීය. ඔහු රජුට මෙසේ පැවසීය. “ඔබ ඒ දෙවිවරුන්ට+ නමස්කාර කරන්නේ මොන හේතුවක් නිසාද?+ ඒ දෙවිවරුන්ට තමන්ගේ සෙනඟවත් ඔබේ අතින් බේරාගන්න බැරි වූ බව ඔබට මතක නැද්ද?”+ 16 ඒ දේ ඇසූ විගස රජ මෙසේ පැවසීය. “මගේ උපදේශකයා හැටියට කවුද ඔබව පත් කළේ?+ නිකම් මැරුම් කන්නේ නැතුව කට වහගන්න.”+ ඒ වචන ඇසූ අනාගතවක්තෘවරයා, “ඔබ ඒ දේ කළ නිසාත්+ මා දුන් උපදෙස් නොසලකාහැරිය නිසාත්+ අනිවාර්යයෙන්ම දෙවි ඔබව විනාශ කර දමනවා”+ යයි පවසා නිහඬ විය.
17 පසුව යූදාහි රජු වූ අමෂියා තම උපදේශකයන්ගේ උපදෙස් මත ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ් වෙතට පණිවිඩකරුවන්ව යවා,+ “මා සමඟ සටන් කරන්න එන්න”+ කියා දැන්වීය. ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්, යේහුගේ පුත් යෙහෝයහාෂ්ගේ පුත්‍රයාය. 18 එවිට යෙහෝයාෂ් රජ, යූදාහි රජු වූ අමෂියාට මෙම පණිවිඩය යැවීය.+ “දවසක් ලෙබනොන් දේශයේ වැවී තිබුණු කටු පඳුරක් එම දේශයේ තිබූ දේවදාර ගසකට+ කතා කර, ‘ඔබේ දුවව මගේ පුතාට විවාහ කර දෙන්න’+ කියා පැවසුවා. නමුත් ලෙබනොන් වනයේ සැරිසරන මෘගයෙක්+ ඇවිත් ඒ කටු පඳුර පාගා දැමුවා. 19 ඒදොම්වරුන්ව පරාජය කළ නිසා+ දැන් ඔබ ඉන්නේ ලොකු ආඩම්බරයකින්.+ ඔබ ලබාගත් ගෞරවය රැකගෙන ඔබේ ගෙදරටම වී සිටියොත් හොඳයි.+ යුද්ධයට ආවොත් පරදින්නේ ඔබමයි.+ ඔබත් යූදාහි වැසියනුත් නිකරුණේ අනතුරට වැටෙන්න හදන්නේ ඇයි?”+
20 එහෙත් අමෂියා රජ ඔහුට සවන් දුන්නේ නැත. එසේ සිදු වීමට දෙවි සැලැස්වූයේ+ ඔවුන්ව සතුරන් අතින් පරාජය වන පිණිසය. මන්ද ඔවුහු දෙවිව අත්හැර ඒදොම් වැසියන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළෝය.+ 21 එහෙයින් ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ් යූදාහි රජු වූ අමෂියාට විරුද්ධව යුද්ධ කිරීමට පිටත් විය.+ ඔවුහු යූදා දේශයේ පිහිටි බෙත්-ෂෙමෙෂ් නුවරේදී+ එකිනෙකාට විරුද්ධව යුද්ධ කළෝය.+ 22 එහිදී ඊශ්‍රායෙල්වරුන් අතින් පරාජයට පත් වූ යූදා හමුදාව+ තමන්ගේ කූඩාරම්වලට පලා ගියෝය.+ 23 නමුත් ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්, යූදාහි රජු වූ අමෂියාව බෙත්-ෂෙමෙෂ් නුවරේදී අල්ලාගෙන+ යෙරුසලමට ගෙනාවේය.+ අමෂියා රජු, යෙහෝයහාෂ්ගේ පුත් යෙහෝයාෂ්ගේ පුත්‍රයා විය. ඊශ්‍රායෙල්වරු යෙරුසලමට පැමිණ එෆ්‍රායිම් දොරටුවේ සිට+ කොනේ දොරටුව+ අතර තිබූ යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක කොටසක් බිඳ දැමුවෝය. 24 ඉන්පසු ඔහු සැබෑ දෙවිගේ ගෘහයේ ඕබෙද්-ඒදොම් භාරයේ තිබූ සියලු රන් හා රිදී භාණ්ඩද+ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ රන් හා රිදී භාණ්ඩද+ කොල්ල කා ගත් අතර එහි සිටි මිනිසුන්වද පැහැරගෙන නැවත සමාරිය බලා ගියේය.+
25 යූදාහි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් අමෂියා රජ,+ ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයහාෂ්ගේ පුත් යෙහෝයාෂ්ගේ මරණයට පසු+ අවුරුදු පහළවක් ජීවත් විය.+ 26 අමෂියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැන+ යූදාහි හා ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ+ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 27 අමෂියා රජු යෙහෝවා දෙවිව අත්හැරිය විට යෙරුසලමෙහි සෙනඟ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළෝය.+ එහෙයින් ඔහු ලාකිෂ් නුවරට පලා ගියේය.+ නමුත් ඔවුන් අමෂියා රජුව අල්ලාගැනීමට මිනිසුන්ව යැවූ අතර එහිදී ඔහුව මරා දමන ලදි.+ 28 පසුව ඔවුහු ඔහුගේ මළ සිරුර අශ්වයන් පිට තබා රැගෙන ආවෝය.+ යූදා දේශයෙහි ඔහුගේ මුතුන්මිත්තන්ව තැන්පත් කළ නුවරෙහි ඔහුවද තැන්පත් කරන ලදි.+