යෝබ්
23 එවිට යෝබ් මෙසේ කීවේය.
2 “මට මේ සියල්ල සිදු වී ඇත්තේ මාගේ වැරදි නිසයි කියා මම කොහෙත්ම පිළි නොගන්නෙමි.
මාගේ දුක් ගැනවිලි කොතරම්ද කිවහොත් දැන් මාගේ ශක්තිය හීන වී ඇත.+
4 මාගේ නඩුව ඔහු ඉදිරියට ගෙන ගොස්
මම නිදොස් බව ඔප්පු කිරීමට තර්ක ඉදිරිපත් කරන්නෙමි.
5 ඔහු මට දෙන පිළිතුරු මම සිතට ගන්නෙමි.
ඔහු පවසන දේ තේරුම්ගැනීමට මම උත්සාහ කරන්නෙමි.+
6 ඔහු මා සමඟ වාද කිරීමට තම මහත් බලය යොදාගනීවිද?
නැත. ඔහු මා පවසන දේට සවන් යොමු කරනු ඇත.+
7 එහිදී නිර්දෝෂ තැනැත්තා ඔහු සමඟ කතා කර කාරණා නිවැරදි කරගන්නේය.
මාගේ විනිශ්චයකරු සදහටම මාව දඬුවමින් නිදහස් කරන බව නිසැකය.
8 මා නැඟෙනහිර දෙසට ගොස් බැලුවත් ඔහුව සොයාගත නොහැකි විය.
මා සිටි තැනටම නැවත හැරී ආවත් ඔහුව දකින්න ලැබුණේ නැත.+
9 ඔහු වැඩ කරමින් සිටින උතුරු දිශාවට මම හැරී බැලුවත් ඔහුව දැකගැනීමට ලැබුණේ නැත.
ඔහු දකුණට හැරුණු විටත් මම ඔහුව දුටුවේ නැත.
11 මා පය තැබුවේ ඔහු යන ගමන් මඟෙහිය.
මම ඒ මාර්ගයෙන් ඉවත් නොවී දිගටම ගමන් කරන්නෙමි.+
12 ඔහු දුන් ආඥාවලට මම පිටු පාන්නේ නැත.+
ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් මම ඔහුගේ ආඥා නිධානයක් මෙන් රැකගතිමි.+
14 එසේනම්, ඔහු මා වෙනුවෙන් තීරණය කළ දෙයද එලෙසින්ම ඉටු කරනු ඇත.+
ඔහු එවන් දේවල් බොහොමයක් සැලසුම් කර ඇත.
15 මා මෙතරම් කැලඹී සිටින්නේ ඒ නිසාය.
ඔහු ගැන සිතන විට මා තුළ මහත් භීතියක් හටගන්නේය.+
17 එහෙත් අන්ධකාරය අවට පැතිර තිබියදීත්
ගන අඳුර මාව වට කරගෙන තිබියදීත් මම නිහඬව නොසිටියෙමි.