යෝබ්
24 “සියලු බලැති දෙවි විනිශ්චය කිරීම සඳහා දවසක් නියම නොකරන්නේ මන්ද?+
ඔහුව දැන හඳුනා ගෙන සිටින අයට එවැනි දවසක් දකින්න නොලැබෙන්නේ මන්ද?+
2 ඇතමෙක් තම වාසිය සඳහා තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් වෙනස් කරති.+
අනුන්ගේ සත්ව රැළ සොරාගෙන තමාගේ රැළ මෙන් රැකබලා ගනිති.
3 පියා නැති දරුවාගේ බූරුවාව පවා සොරාගනිති.
වැන්දඹුවගේ ගවයාව ඇපයක් ලෙස පැහැරගනිති.+
4 ඔවුහු දුප්පතුන්ව තමා වෙතින් පන්නා දමන්නෝය.+
අසරණ වූ සියල්ලෝම ඔවුන්ට බියෙන් සැඟවී සිටින්නෝය.
5 දිලින්දෝ පාළුකරයේ ගැවසෙන සීබ්‍රාවෙකු+ මෙන්
කෑම සොයා යති.
ඔවුන් තම දූපුතුන්ට කෑම සොයාගන්නේ පාළුකරයෙනි.
6 අනුන්ගේ කෙත්වල ඉතුරු ඇති දේ ඔවුහු අහුලාගන්නෝය.
දුෂ්ටයන්ගේ මිදිවතුවල ඉතුරුව තිබෙන පල නෙළාගන්නෝය.
7 රාත්‍රියේ උණුසුම් වීමට ඔවුන්ට වස්ත්‍රයක්වත් නැත.+
පොරවාගැනීමට වස්ත්‍රයක් නොමැතිව ඔවුහු සීතලෙන් ගැහිගැහී සිටින්නෝය.+
8 ඔවුහු කඳුකරයෙන් පැමිණෙන වැස්සට හසු වී,
පර්වතයක් වෙත දුව ගොස් මුවා වෙන්නෝය.+
9 දුෂ්ටයා පියා නැති දරුවාව පවා මව් තුරුලෙන් උදුරාගනියි.+
දිලින්දා ඇඳගෙන සිටින වස්ත්‍රයද ඇපයක් ලෙස පැහැරගනියි.+
10 දිලින්දාට තම නිර්වස්ත්‍රකම වසාගැනීමට ඇඳුමක් නැත.
කුසට ආහාරයක් නොමැතිව ඔහු කෙතේ ධාන්‍ය මිටි උසුලාගෙන යන්නේය.+
11 ඔවුහු දහවල් කාලයේදීත් නොනවත්වා වගාබිම්වල බැමි අසල වැඩ කරන්නෝය.
ඔවුන් මිදි යන්ත්‍රවල වැඩ කළත් ඔවුන්ගේ පිපාසය සන්සිඳුවීමට ඔවුන්ට කිසිවක් නොලැබෙයි.+
12 මරණාසන්නව සිටින අයගේ කෙඳිරිලි හඬ නගරයෙන් ඇසෙයි.
තුවාල ලැබූ අය උපකාරය පතා මොරගසති.+
නමුත් මේ කිසිවක් ගැන දෙවිට තැකීමක් නැත.+
15 අනාචාරයට ලොල් වූවෝ*+ අඳුර වැටෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති.+
ඔවුහු තම මුහුණු වැස්මකින් වසාගෙන,
‘කිසිවෙක් මාව දකින්නේ නැත’+ යයි කියති.
17 ගන අඳුරෙහි සිදු වන අන්තරාවන් ගැන හොඳින් දන්නා ඔවුන්,
හිමිදිරිය දකින්නේ ගන අඳුරෙන් වෙළාගත් බිහිසුණු රාත්‍රියක් මෙනි.+
18 දුෂ්ටයාගේ ජීවිතය වතුරට ගසාගෙන යන කොළයක් මෙන් සැණෙකින් පහව යයි.
ඔවුන් සතු දේපළ නැති නාස්ති වී යයි.+
ඔවුන්ට නැවත කිසිදා තම මිදිවතු දකින්න නොලැබෙයි.
19 අව් රශ්මියට හිම දිය වී යන්නාක් මෙන්
දුෂ්ටයාගේ ජීවිතයත් නැති වී යන්නේය.+
20 පණුවන්ට ඔහු රජ බොජුනක් වනු ඇත.+ ඔහුගේ මවට පවා ඔහුව අමතක වී යන්නේය.
ඔහු ගැන මතකය සදහටම මැකී යන්නේය.+
ගසක් වැටෙන්නාක් මෙන් ඔහුගේ දුෂ්ටකමද අවසන් වන්නේය.+
21 ඔහු වඳ ස්ත්‍රියටත් අයුතු ලෙස සලකන්නේය.
වැන්දඹුවට+ කිසි අනුකම්පාවක් නොදක්වන්නේය.
22 දෙවි තම මහත් බලය යොදා බලවන්තයන්ව ඉවත් කරන්නේය.
දුෂ්ටයා සාර්ථකත්වයක් ලැබුවද ඔහුගේ ජීවිතය ස්ථිර නැත.
23 දුෂ්ටයා සුරක්ෂිතව ජීවත් වෙමින් තමන්වම උසස් කරගන්නේය.+ දෙවිද එයට ඉඩහරින්නේය.
නමුත් ඔහුගේ සියලු ක්‍රියා දෙස දෙවි බලා සිටින්නේය.+
24 දුෂ්ටයා කෙටි කලකට සාර්ථකත්වය අද්දකින නමුත් ඔහු සුළු මොහොතකින් නැති වී යන්නේය.+
ඔහුව පහතට හෙළනු ඇත.+ අන් මිනිසුන් මෙන් ඔහුවද පැළෑටියක් මෙන් උදුරා දමනු ඇත.
ධාන්‍ය කරලක් මෙන් කපා දමනු ඇත.
25 මා පැවසූ දේ අසත්‍යයක් කියා කිව හැකිද?
එහි කිසි තේරුමක් නැහැ කියා කියන්න පුළුවන් කාටද?”