ගීතාවලිය
දැඩි කනස්සල්ල නිසා ශක්තිය හීන වූ තැනැත්තෙක් ඔහුගේ දුක් කරදර සියල්ල යෙහෝවා දෙවිට පවසමින් කළ යාච්ඤාවකි.+
2 මම පීඩාවලින් හෙම්බත් වී සිටින විට මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+
මා වෙතට ඔබේ සවන් යොමු කරන්න.+
මා ඔබට හඬගසන විට ප්‍රමාද නොවී මට පිළිතුරු දෙන්න.+
4 දැඩි හිරු රශ්මිය නිසා වියළී යන තණකොළ මෙන් මාගේ සිතද මලානික වී ඇත.+
කුස පුරවාගැනීමට අවශ්‍ය බවවත් මට සිහි නොවීය.+
6 මාගේ තත්වය පාළුකරයේ සිටින පැස්තුඩුවෙකුට සමානය.+
පාළු තැන්වල වෙසෙන බස්සෙකුට සමානය.
7 මම වැහිරී ගොස් ඇත.
මා දැන් පියස්සක් මත තනි වී සිටින කුරුල්ලෙකු මෙනි.+
9 කෑම මෙන් මම අළු කෑවෙමි.+
මා බිවූ පානයට මාගේ කඳුළුද මිශ්‍ර වී තිබිණ.+
10 මේ සියල්ල ඔබේ උදහස නිසාය. ඔබ මට පහර දුන් නිසාය.+
ඔබ මාව ඔසවා බිම හෙළූ නිසාය.+
12 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ සදහටම ජීවත් වන්නෙහිය.+
සදා නොමැකෙන ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+
13 ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+
මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.
එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+
15 ජාතීන්ට යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහිද+
පොළොවේ සියලු රජවරුන්ට ඔහුගේ තේජස කෙරෙහිද ගරුබියක් ඇති වන්නේය.+
17 සියල්ල අහිමි වූ අසරණයන්ගේ යාච්ඤාවලට ඔහු නිසැකවම සවන් දෙන්නේය.+
ඔහු ඔවුන්ගේ කන්නලව් හෙළා නොදකින්නේය.+
19 ඉහළ පිහිටි තම ශුද්ධස්ථානයේ සිට ඔහු පහත බැලුවේය.+
එසේය, යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට පොළොව දෙසට තම දෑස් යොමු කළේය.+
20 ඔහු එසේ කළේ සිරකරුවාගේ සුසුම්ලෑමට ඇහුම්කන් දෙන පිණිසය.+
මරණයට නියම වූ අයව නිදහස් කරන පිණිසය.+
21 එවිට සියොන්හිදී යෙහෝවා යන ඔහුගේ නාමය ප්‍රකාශ වන්නේය.+
යෙරුසලමේදී ඔහුට ප්‍රශංසා කරනු ලබන්නේය.+
22 සියලු වැසියෝද
සියලු රාජ්‍යයන්ද යෙහෝවා දෙවිට නමස්කාර කරන පිණිස+ එක් රැස් වන්නෝය.+ එසේ ඔවුහු එක්ව දෙවිට ප්‍රශංසා කරන්නෝය.
24 එවිට මම මෙසේ කීවෙමි. “අනේ මාගේ දෙවියනි,
මහලු වයසට පෙර මාගේ ජීවිතය මාගෙන් තුරන් වී යෑමට ඉඩ නොදෙන්න.+
ඔබේ පැවැත්ම සදාකාලිකය.+
26 ඒ සියල්ල නැති වී ගියත් ඔබ සදහටම පවතින්නෙහිය.+
ඒවා වස්ත්‍රයක් මෙන් දිරාපත් වී යන්නේය.+
කාලය ඉකුත් වූ විට වස්ත්‍ර මාරු කරන්නාක් මෙන් ඔබ ඒවා මාරු කරන්නෙහිය.+
27 නමුත් ඔබ කිසිදාක වෙනස් නොවන්නෙහිය. ඔබේ පැවැත්මද කිසිදා කෙළවර නොවන්නේය.+