කන්ද නඟින විට ගැයූ ගීතයකි.
121 උපකාරය පතමින් මම කඳු දෙසට දෙනෙත් යොමු කළෙමි.+
මට උපකාර ලැබෙන්නේ කාගෙන්ද කියා මම කල්පනා කළෙමි.+
2 මට උපකාර ලැබෙන්නේ
අහසත් පොළොවත් සෑදූ+ යෙහෝවා දෙවිගෙන්ය.+
3 ඔබේ පය පැටලී වැටෙන්න ඔහු ඉඩ නොදෙන්නේය.+
ඔබව ආරක්ෂා කරන තැනැත්තා කිසිවිටක නින්දට නොයන්නේය.+
4 ඊශ්‍රායෙල් සෙනඟව ආරක්ෂා කරන තැනැත්තා+
නිදිකිරා වැටෙන්නේ නැත. ඔහු සැමවිටම අවදිව සිටින්නේය.+
5 යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේය.+
යෙහෝවා දෙවි ඔබේ දකුණුපසට+ රැකවරණය දෙන්නේය.+
6 දහවල් කාලයේදී අධික හිරු රශ්මියෙන්වත්+
රාත්‍රි කාලයේදී සඳ එළියෙන්වත්+ ඔබට කිසිදු හානියක් නොවන්නේය.
7 යෙහෝවා දෙවි සියලු විපත්තිවලින් ඔබව ආරක්ෂා කරන්නේය.+
ඔහු ඔබේ දිවි රැක දෙන්නේය.+
8 අදත් හෙටත් සදාකාලයටත්+
ඔබ යන එන සෑම තැනකදීම යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේය.+