ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි. කන්ද නඟින විට ගැයූ ගීතයකි.
122 “යෙහෝවා දෙවිගේ ගෘහයට+ අපි යමු”+ කියා
ඔවුන් මට කී විට මම සතුටින් ඉපිල ගියෙමි.+
2 යෙරුසලම් නුවර,+
අපි ඔබේ දොරටුවලින් ඇතුල් වුණෙමු.+
3 යෙරුසලම මනාව ගොඩනැඟූ,+
ඉතා අලංකාර නුවරකි.+
4 සියලු ගෝත්‍රවලට අයත් සෙනඟ එතැනට එක් රැස් වී ඇත.+
යෙහෝවා දෙවි තම සෙනඟට+ දුන් සිහිගැන්වීමට කීකරු වෙමින්+
ඊශ්‍රායෙල් ගෝත්‍ර සියල්ලම
යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීමට එහි එක් රැස් වී ඇත.+
6 ජනයෙනි, යෙරුසලමට සාමය පතා යාච්ඤා කරන්න.+
තේජවත් නුවර, ඔබට ඇලුම් කරන්නෝ කිසිදු දුකක්, කනස්සල්ලක් අත් නොදකිති.+