ගීතාවලිය
149 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගායනා කරන්න.+
රැස්ව සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැදදී ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
2 ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු ගැන ප්‍රීති වන්න.+
සියොන් පුත්‍රයෙනි, ඔබේ රජු ගැන ප්‍රීති වන්න.+
5 ගෞරවයට පත්ව සිටින විශ්වාසවන්ත සෙනඟෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.
තම යහනේ සිට ප්‍රීතියෙන් ගී ගයන්න.+
6 දෙවිට ගයන ප්‍රශංසා ගී ඔබේ මුවගේ සැමදා රැඳේවා!+
දෙමුවහත් කඩුවක් ඔබේ හස්තයේ තිබේවා!+
7 එයින් ජාතීන්ට දඬුවම් කරන්න.+
ඔවුන්ට තරවටු කරන්න.+
8 රජවරුන්ට විලංගු දමා+
ඔවුන්ගේ ප්‍රභූවරුන්ව යදම්වලින් බඳින්න.
9 ලියා තිබෙන තීන්දුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න.+
එසේ කිරීමේ ගෞරවය දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලන්ට හිමි වන්නේය.+
ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+